ට්වයිලයිට් සාගා චිත්රපට මාලාවෙන් ජනප්රියත්වයට පත් ක්රිස්ටීන් ස්ටුවර්ට්ගේ නවතම පෙම් කතාව ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබේ. ක්රිස්ටීන්ගේ මව ද සන්ඩේ මිරර් නම් පුවත්පතට කරන ලද ප්රකාශයක් සමගින් මෙම ආන්දෝලනාත්මක තත්ත්වය ඇතිව තිබේ.
පුවත්පත පවසන පරිදි ක්රිස්ටීන් සිය පෞද්ගලික සහායිකාව ලෙස කටයුතු කළ ඇලීසියා කාර්ගිල් සමග පෙම් සබඳතාවක් අරඹා ඇති බව ක්රිස්ටීන්ගේ මව සඳහන් කර තිබේ. මේ පිළිබඳව ක්රිස්ටීන් සතුටුවෙනවා නම් තමන්ද එම සම්බන්ධයට අකමැත්තක් නැතැයිද ඇය පැවසූ බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත් ක්රිස්ටීන්ගේ මව වන ජූල්ස් ස්ටුවර්ට් මේ පිළිබඳ වෙනත් පුවත්පතකට විශේෂ ප්රකාශයක් කරමින් පවසා තිබුණේ තමන් එවැනි සම්බන්ධතාවක් පිළිබඳ කිසි විටක තහවුරු නොකළ බවයි.