රොෂාන් පිලපිටිය, පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළින් විවිධ මඩ ප්‍රහාරවලට ලක්වෙමින් කතාබහට ලක්වූ කෙනෙකි. නොබෝදා සිට තිරගත වීම ආරම්භ වූ %නෙලා^ චිත්‍රපටයේද රංගනයෙන් ඔහු දායක වෙයි. පුංචි තිරයේ මෙන්ම වේදිකාවේද නිතර දකින ඔහු, කලාව පිළිබඳ දරනුයේ සෘණාත්මක මතයකි. ඒ පිළිබඳ සහ ඔහුගේ කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට %අද^ට මෙලෙස සම්බන්ධ කර ගත්තෙමු.
Q රොෂාන් මේ දවස්වල වැඩකටයුතු කොහොමද
මේ දවස්වල ටෙලිනාට්‍යය කිහිපයක වැඩ කරගෙන යනවා. 'තව දුරයි ජීවිතේ' යනවා ස්වර්ණවාහිනියේ රෑ 8.00ට. එතකොට 8.30ට යනවා 'අඟුරු සිත්තම්', ඊට පස්සේ 9.00ට 'කෝටිපතියෝ'. එතකොට 'සුදු අඟුරු', 'සල්සපුනා', තව ජාතික රූපවාහිනියේ නාට්‍යයක් යනවා රෑ 9.00ට. එතකොට ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ 'සුදු සහ කළු', ශ්‍රියන්තගේ මල්ලී කරන 'අලුත් හොරෙක් ඕනෑ' කියන වේදිකා නාට්‍යය දෙකෙත් වැඩ කරගෙන යනවා.
Q රොෂාන් අපි 'නෙලා' ගැන විස්තර ටිකක් කියමු
'නෙලා' වෙනස්ම තේමාවක් තියෙන වැඩක්. බෙනට් රත්නායක හැමදාම අලුත් වැඩනේ කරන්නේ. මේක ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වෙයි. ආදරය ගැන කතාවකට වඩා ජීවිතය ගැන කතාවක්. මම හිතනවා %නෙලා^ ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳ ගනී කියලා.
Q පෞද්ගලිකව වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ මොන ක්ෂේත්රයේ වැඩ කරන්නද
ඇත්තම කිව්වොත් පෞද්ගලිකව එහෙම එක ක්ෂේත්රයක් ගැන කියන්න අමාරුයි. අරක පහත්, මේක පහත් කියලා කියන්න බැහැ. මම වේදිකාවෙත් වැඩ කරනවා. ඉතින් එහෙම අරකද, මේකද කියලා නැහැ. ඒත් පෞද්ගලිකව රසිකයෙක් විදියට ගත්තොත් මම කලාව ගැන හිතනවා, මේක මීට වඩා වෙනස් වෙන්න ඕන කියලා.
Q ඇයි දැන් කලාව සුභදායක නැද්ද
මම හිතන්නේ නැහැ කලාව සුබදායකයි කියලා. කලාව තව සුබදායක වෙන්න නම් ජාතික ප්‍රතිපත්තියක් ගේන්න ඕන. ඒක ගිය ආණ්ඩුවෙන් කළෙත් නැහැ. මේ ආණ්ඩුවෙන් හරි ඒක වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. දේශපාලනිකව කතා කරනවා නෙවෙයි. නමුත් අවුරුදු හැත්තෑවක් තිස්සේ නිශ්චිත ප්‍රතිපත්තියක් කලාවට තිබුණේ නැහැ. මොන ආණ්ඩුවකින් හරි කරනවා නම් හොඳයි. හරියට මාර්ග නීති වගේ. ආණ්ඩු මාරු වුණාට මාර්ග නීති මාරු වෙන්නේ නැහැනේ. ඒ වගේ නිශ්චිත ක්‍රමවේදයක් ගේනවා නම් හොඳයි. නැත්නම් මේ කාලෙන් කාලෙට ඇහෙන ගීත, දකින නිර්මාණ එක්ක අවුරුදු තිහක යුද්ධයට වැඩිය ලොකු විනාශයක් වෙයි සංස්කෘතිමය වශයෙන් කියලා මම රසිකයෙක් හැටියට විශ්වාස කරනවා.
Q එතකොට දැන් සිදුවෙන නිර්මාණ සංස්කෘතිමය වශයෙන් ගුණාත්මක බවක් නැහැ කියලද ඔබ හිතන්නෙ
නැහැ. ගුණාත්මක බවක් නැහැ කියනවාට වඩා ප්‍රතිපත්තියක් නැහැ කියන එකයි කියන්නෙ. ඉස්සර ගීතයක් නිර්මාණය කළාම අවසරයක් ගන්න ඕන. දැන් එහෙම එකක් නැහැ. ඕන දෙයක් කරනවානේ. සංස්කෘතික අමාත්‍යාංශයක් කියලා හිටියට නීතියක් හදන්න දන්නෙ නැහැ. ඒ මිනිස්සු පඩියට වැඩ කරන අයනේ. අමාත්‍යාංශයක් මොකටද රටක සංස්කෘතිය රකින්න බැරි නම් කියන ප්‍රශ්නේ තියෙනවානේ. දැන් යූ-ටියුබ් චැනල් එකක් හරි ලේසියෙන් අරගන්න පුළුවන්. ඒකෙන් අර වක්කඩේ කැඩුව වගේ හැමදේම එනවානේ. අනිත් එක දැන් නාට්‍යයත් වැඩි වෙලා තියෙනවා. සිංහල නාට්‍යවලට වඩා දැන් විදේශීය නාට්‍යයවලට තැන දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ අර්බුද තියෙනවා. මේවාට නිශ්චිත විසඳුමක් ඕන. එක එක කාලවලදී එක එක අයට කඩේ යන්න කලාකරුවෝ පාවිච්චි කරන එක තමයි හැම ආණ්ඩුවෙන්ම වුණේ. ඉතින් මේවාට ප්‍රතිපත්තියක් ගේන එක තමයි කරන්න ඕන.
Q අපි ප්‍රතිපත්තිය අයින් කරමුකෝ. සමාජ මාධ්‍ය අද තියුණුයි. මේ දියුණු තාක්ෂණය නිසා හානියක් වෙනවා නේද නිර්මාණවලට සහ පුද්ගලයන්ට
එහෙනම් අනෙක් රටවලටත් හානියක් වෙන්න ඕන. ඒ රටවලත් යූ- ටියුබ් සහ දියුණු තාක්ෂණය තියෙනවානේ. අනිත් රටවල යූ-ටියුබ් චැනල් එකක් කරනවා නම්, අමාත්‍යාංශයෙන් අවසරයක් ගන්න ඕන. එහෙනම් ඉන්දියාවටත් එහෙම හානියක් වෙන්න ඕන. ලංකාවට ප්‍රතිපත්තියක් නැති වෙලා තියෙන්නෙ. අද ලංකාවේ කලාවට කිසිම මාර්කට් එකක් නැහැ. අපි කැමරාවක් ගමු. කැමරාවක් ලොකු ගාණක් වෙනවා. ඉතින් කැමරා එකේ ගාණ පියවා ගන්න කැමරා ශිල්පියාට වෙඩින් එකක්, උත්සවයක් වගේ පිට වැඩ කරන්න සිදුවෙලා. ලොකු කම්පැනියක් වුණත් ශිල්පියෙකුට පහසුකම් ලබා දෙන්නේ නැහැ. ඉස්සර නම් හැමෝටම වෙන වෙනම පහසුකම් දුන්නා. තාක්ෂණික ශිල්පියෙකුට කරදරයක් වුණාම කිසිම කෙනෙක් නැහැ. කලාකරුවෙකුට අසනීපයක් වුණත් අඩුම ගාණේ බෝධි පූජාවක් හරි තියනවා. තාක්ෂණික ශිල්පියෙකුට එහෙමවත් නැහැ. ඒ අයට කිසිම අනුග්රාහකයෙකුවත්, කිසිම ගිණුමක්වත් හදලා නැහැ. එයාලා වයසට ගියාම එයාලාට රැකෙන පිළිවෙළක්වත් නැහැ. පුළුවන් කාලේ වැඩ කරයි. ඊට පස්සේ නැහැ. ආණ්ඩුවෙන් ගෙවල් ඉල්ලන්නේ නැහැ. කරදරයක් වුණාම එයාලා රැකෙන ක්‍රමවේදයක් ඉල්ලන්නේ. හැමෝටම මේ කියන්නෙ.
Q කලාකාරයන් වෙනුවෙන් පාර්ලිමේන්තු ගියපු කලාකාරයන් ඉන්නවා. ඒ අයගෙන්වත් මේවාට විසඳුමක් නැද්ද
අවුරුදු හැත්තෑවක ඉඳලා කලාව වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ දිනයක් වෙන් කරලා තිබුණේ එක දවසයි. හැමදේටම කතා කරන්න දිනයක් තියෙනවා. කලාව ගැන කතා කරන්න මීට මාස හයකට විතර කලින් දිනයක් වෙන් කරලා තිබුණා. මාත් ගිහින් එදා බලාගෙන හිටියා. ඉතින් එදා කලාවට අදාළ අයවත් හිටියේ නැහැ. හය දෙනයි හිටියේ. මේ වගකීමෙන් කියන්නේ නැත්නම් මට නඩු දාන්න පුළුවන්. එදා අඩුම ගාණෙ දෙපාර්තමේන්තුවට අදාළ ඇමතිවරයාවත් හිටියේ නැහැ. ඉතින් ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නවත් කවුරුත් නැහැ. ඉතින් කලාකාරයන් එකතු වෙලා ප්‍රතිපත්තියක් හදන්න බලකරත් ඒවාට කතා කරන්න කවුරුත් නැහැ.
Q අවසාන වශයෙන් කලාව ගැන මොනවද කියන්න තියෙන්නේ
මේ වෙලාවේ කියන්න තියෙන්නෙ අපට ප්‍රතිපත්තියක් නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනට කලාව වෙනුවෙන් ප්‍රතිපත්තියක් ගේන්න කියලා.