නිර්මාණ ලෝකයේ කඩදාසි කලාවට හිමිවන්නේ විශේෂ වූ ස්ථානයකි. එයට හේතුවන්නේ කඩදාසිය තුළින් විවිධ වූ නිර්මාණයන් බිහිකිරීමේ බොහෝ අවකාශයන් තිබෙන බැවිනි. මෙවැනි කලා නිර්මාණයන්වල සොඳුරුතම නිර්මාණ කලාවක් ලෙස quilling කලාව හැඳින්විය හැකිය. ඉවසීමේ උපරිමය තුළින් ඔප්නැංවෙන් මෙම නිර්මාණය සඳහා වටිනාකමක් දීමට හැකියාවක් නොමැත.
මෙවැනි වටිනාකමක් ඇති කලාකාරිනියක් ලෙස Otilia Skimbiski හැඳින්විය හැකිය. මෙම කලාවේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙකු ලෙස මැයව හඳුන්වයි. මැයගේ යටතේ මෙම කලාව පිළිබඳව බොහෝ සිසුවියෝ හදාරති.
ඇය විශේෂයෙන්ම සඳහන් කරන කාරණාවක් වන්නේ, අපරිමිත නිර්මාණයක් කිරීමට නම්, එම නිර්මාණය පිළිබඳව පුළුල්ව හිතන්න. උපරිමයෙන්ම උත්සාහ කරන්න. එවිට සාර්ථක වීමට හැකියාව තිබේය යන්නයි. මේ වනවිට අවුරුදු 03ක පළපුරුදු යුවතික් වෙයි.
2012 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ මෙම quilling කලාවට මුල් වූයේ ඇගේ මිතුරියකි. ඇයගේ උපන් දිනය වෙනුවෙන් තමන්ගේ මහන්සියෙන් දෙයක් දීමට සිතූ ඇය මෙවැනි නිර්මාණයක් කළාය. එය ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියට පත්කර ඒ සඳහා ප්රතිචාරයන් ලබාගත්තාය.
එහිදී බොහෝදෙනා කියා සිටියේ එය ඉතාමත් ලස්සන Quilling නිර්මාණයක් බවයි. ඇයගේ මෙම නිර්මාණයන් සඳහා බොහෝ දෙනාගේ කැමැත්තට හේතු වී ඇත්තේ, මෙම නිර්මාණයන් වල ඇති පැහැදිලිකම සහ නිමාවයි. යම්කිසි දෙයක් පිළිවෙළක් ඇතිව දැකීමට හැකියාව ඇත්නම් එම නිර්මාණය ඉතාමත් සාර්ථක බව ඇයගේ මතයයි.