නාමල් උඩුගම නම් වූ ජනප්‍රිය ගායකයා පිළිබඳ වූ මාධ්‍ය හමුවක් රුවන්ති මංගලා ඇතුළු කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පෙරේදා (10දා) බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදී පැවැත්වුණා. අපි එහිදී ඇති වූ කතාබහ මෙලෙසින් ගෙනඑන්නට අදහස් කළා.
නාමල් උඩුගම වූ අපගේ අසහාය කලාකරුවාණන් මේ මොහොතේ ඉතාමත් අසනීප තත්ත්වයෙන් පසුවන බව ඔබ දැනටමත් දන්නවා.
ඔහුගේ අසනීප තත්ත්වය යහපත් අතට හරවාගැනීම සඳහා මේ මොහොතේ ඉතාමත් ඉක්මනින් ඔහුගේ අක්මාවේ හදිසි ශල්‍යකර්මයක් කිරීමට සිදු වී තිබෙනවා. එය ඉතාමත් පලපුරුදු වෛද්‍ය කණ්ඩායමක් අතින් ඉන්දීයාවේදී සිදුකිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. ඒ වගේම ඒ සඳහා ශ්‍රී ලංකා මුදලින් රු. ලක්ෂ 90 – 100 ත් අතර මුදලක් වැයවෙතැයි ගණන් බලා තියෙනවා.
මේ තිබෙන තත්ත්වය අනුව එවන් විශාල මුදලක් සම්පාදනය කරගැනීම පහසු කටයුත්තක් නොවන බව ඔයාලා කවුරුත් හොඳට දන්නව ඇතිනේ. ඒ වගේම මුදල් නිසා මෙවන් රටක් වටිනා කලාකරුවෙකු අකාලයේ පරවී යෑමට අපටත් ඉඩදිය නොහැකියි.
ඉතිං මේ මොහොතේ එම මුදල් සම්පාදනය කර ඔහුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ඔහුගේ හිතමිත්‍ර මධුමාධව අරවින්දයන් ප්රමුඛ කලාකරුවන් පිරිසක් මධුමාධව අරවින්ද පදනම, Outstanding Song Creators’ Association (OSCA) හා ඩයලොග් ටෙලිකොම් එක්ව මේ බැරෑරුම් සත්කාරය වෙනුවෙන් පෙරමුණ ගෙන තිබෙනවා.
'ඔබේ රු.100 න් ලක්ෂ 100 ක්' යන තේමාවෙන් අරඹා ඇති මේ මහඟු සත්කාරය නාමල් උඩුගම කලාකරුවාට මේ ශල්‍යකර්මය වෙනුවෙන් අවශ්‍ය කරන අරමුදල සපුරාගැනීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙනවා.
ඉතිං නාමල් උඩුගම නම් ඒ සොඳුරු මිනිසාට ආදරය කරන ඔබටත් ඔවුන් හා එක්ව මේ වටිනා කලාකරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා අවම රු.100කින් හෝ දායකවිය හැකියි.
මේ මුදල් ඉක්මනින් පහසුවෙන් හා ආරක්ෂාකරී ලබාගැනීම සඳහා ඒ සඳහා ඔවුන් විධිමත් ක්‍රම දෙකක් හඳුන්වා දී තිබෙනවා. Ez Cash ක්‍රමයට මුදල් එවීම.
මෙය Dialog Telecom ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ඇතිව සිදුකරන මූල්‍යමය හුවමාරු සේවාවකි.
මේ සඳහා Dialog, Hutch, Etisalat යන ඕනෑම දුරකථනයකින් #111# අමතා සම්බන්ධ විය හැකි අතර, රු.100 සිට රු. 100,000 දක්වා ඕනෑම මුදලක් ඩයලොග් ඊසිකෑෂ් ක්‍රමය යටතේ නාමල් වෙනුවෙන් එවීමටද හැකියාව ලැබෙනවා.
ඔබ Ez Cash ක්‍රමය යටතේ ලියාපදිංචි නොවූ අයෙකු නම් ඔබේ නගරය ළඟම ඇති Ez Cash මධ්‍යස්ථානයකට ගොස් ඔබේ ආධාර මුදල් නාමල් වෙනුවෙන් 'NAMA' යනුවෙන් ඇති ආයතනික ගෙවීම් ගිණුමට (INSTITITE PAYMENT) බැරකරන ලෙස ඉල්ලා සිටින්න. පසුව ඔහුගෙන් ඒ සඳහා සහතික කිරීමක් ලබාගන්න.
ඔබ Ez Cash ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති පාරිභෝගිකයෙකු නම් ඔබට ඔබේ ජංගම දුරකථනය මාර්ගයෙන් නිවසේ සිටම ඔබේ පරිත්‍යාග නාමල් වෙත යොමුකළ හැකියි.
ඒ වෙනුවෙන් ඔබ පහත සරල ක්‍රියාදාමය සිදුකරන්න. #111# අමතන්න. ලැබෙන මූලික මෙනුවේ ඇති INSTITITE PAYMENT නොහොත් ආයතනික ගෙවීම් වෙනුවෙන් ඇති අංක 06 තෝරන්න.ඔබගේ Ez Cash රහස් අංකය ඇතුළත් කරන්න.
INSTITITE PAYMENT නොහොත් ආයතනික ගෙවීමේ කෙටි සංකේතය ඇතුළත් කිරීමට ලැබෙන යොමුවේ NAMA ලෙස සටහන් කර එය යොමුකරන්න. (නාමල් සඳහා ඇති අරමුදල ආයතනික ගෙවීම් යටතට ගැනෙන අතර, එහි කෙටි හැඳින්වීමේ සංකේතය NAMA වේ) ඔබගේ පරිත්‍යාග මුදල සඳහන් කරන්න.
ගිණුම් අංකය සඳහන් කිරීමට ලැබෙන කොටසේ 123 ලෙස සටහන් කර නැවත යොමුකරන්න.
ස්ථිර කිරීම - මෙහිදී කෙටි සංකේත අංකය ලෙස NAMAද ඔබගේ පරිත්‍යාග මුදලද, ගිණුම් අංකය ලෙස %123^ ද නිවැරදිව සටහන් වී ඇත්දැයි පරීක්ෂා කර අංක 01 මගින් ඇති සහතික කිරීම (Confirm) සිදුකරන්න. මෙමගින් ඔබගේ මුදල් නාමල් වෙනුවෙන් එක්රැස් වන අරමුදලට ලැබුණු බව ස්ථිර වනු ඇත.
මීට අමතරව පහත බැංකු ගිණුම හරහා ඔබේ ආධාර ලබාදිය හැක.
ගිණුමේ නම - outstanding song creator’s Association
ජංගම ගිණුම් අංකය - 003010507699
බැංකුව - හැටන් නැෂනල් බැංකුව (HNB)
ශාඛාව - ප්‍රධාන කාර්යාල ශාඛාව (Head Office Branch)
ඉහත සඳහන් ඕනෑම ක්‍රමයකින් ඔබට නාමල් උඩුගම කලාකරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා දායක විය හැකියි.
මේ පිළිබඳ වැඩිවිස්තර ඔබට අවශ්‍ය නම් (+94)0777 635 565 ඔස්සේ මධුමාධව අරවින්ද පදනම අමතන්න.