ලොව ප්‍රසිද්ධියට පත් ඔලිම්පික් තරු ඇතුළු ක්‍රීඩා තරු රුසකගේ නිරුවත් ඡායාරූප පෙළක් %The Magazine's Body Issue cover shoots 2015^ නම් වූ සඟරාවකට යොදාගන්නට ESPN නම් වූ ක්‍රීඩා නාලිකාව කටයුතු කර තිබේ. මේ ක්‍රීඩා තරුවල ඡායාරූප යොදාගනිමින් ඔවුන් මේ වනවිට සඟරා 07 ක් එළිදක්වා ඇත.
මේ ඡායාරූප පෙළ සඳහා MLB ක්‍රීඩක Bryce Harper, NBA ක්‍රීඩක Kevin Love, NFL ක්‍රීඩක Odell Beckham, Jr.Olympian heptathlete Chantae McMillan, USA Track Field hammer thrower Amanda Bingson හා ඔලිම්පික් පිහිනුම් ශූරියක වන Natalie Coughlin යන පිරිස දායක වී ඇත.
ESPN ක්‍රීඩා නාළිකාව නිකුත් කර ඇති මෙම සඟරා කවරය නම් කර ඇත්තේ ESPN Body 2015 ලෙසය. මෙම සඟරාව කොටස් 07කින් එළිදක්වා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබයි. කෙසේ වෙතත් මේ පිළිබඳව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ අදහස් පළකළද තමන් මේ සඳහා දායක වූයේ කුමන අරමුණක් පදනම් කරගෙනද යන්න ඔවුන් සඳහන් කර නැත.
මෙම ක්‍රීඩා තරු තමන් දක්ෂතා දක්වන ක්‍රීඩාවේ ඉරියව් අනුව මෙම නිරුවත් ඡායාරූපවලට පෙනී සිට ඇති බවද සඳහන් වෙයි.