රංගන ශිල්පියෙකු ලෙස පුංචි තිරයෙහි වෙනස් ඉමකට පියමන් කළ ඔහු 'කර්ම' චිත්රපටයෙන් පසු 'නිකිණි වැස්ස' චිත්රපටයට දායක වූ අතර, පසුගිය කාලයේ 'වරිගපොජ්ජ' චිත්රපටයට තුළින් ප්රේක්ෂකයා වෙතට පැමිණියේය. ඔහු නමින් ජගත් මනුවර්ණය. මේ ජගත් පසුගියදා නිමාවුණු රයිගම් සම්මාන උලෙළේදී ජගත්ගේ නම කරළියට පැමිණයේය. මේ ඒ පිළිබඳව අප ඔහුගෙන් කළ විමසීමකි.
Q රයිගම් ටෙලි සම්මාන උලෙළේදී සම්මානයක් නොදීම පිළිබඳව විනිසුරුවරයෙක් සමග ගැටුමකට ගියා කියන්නේ ඇත්තක්ද?
ගැටුමක්ම නෙමෙයි එතනදී වුණේ. මාත් තවත් කිහිපදෙනෙකුත් සම්මාන උලෙළ අවසානයේදී එකම මේසයක කතා බහ කරමින් සිටියා. ෆ්රැට්රික් රත්නායක සමග සම්මාන සඳහා නිර්දේශ වීම පිළිබඳව සංවාදයක යෙදුණා. එහිදී මම ඔහුගෙන් ඇහුවා සම්මානවලට නම් නිර්දේශකරන්න ඔබට රංගනය පිළිබඳ දැනුමක් තියෙනවාද කියලා. මං හිතන්නේ ඒ දේ තමයි ඔය කියන්නෙ. එහෙම නැතිව මට සම්මානයක් නොලැබුණා කියලා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි.
නදිශ නිර්මාණ හේරත්