පසුගිය ජුනි මාසයේ එළිදැක්වූ ඇමෙරිකානු ජනප්රිය චිත්රපට මාලාවක් වූ 'The Mummy'හි නැවත පැමිණීමක් ලෙස නිර්මාණය වන 'The Mummy' චිත්රපටයෙහි සුපිරි ක්රියාදාම නළු ටොම් කෘෘස් ප්රධාන චරිතය නිරූපණය කරයි.
1932 දී පළමු වරට බොරිස් කාර්ලොෆ් ප්රධාන චරිතය නිරූපණය කළ 'The Mummy'හි දෙවැනි කොටස 1940 දී තිරගත විය.
'The Mummy's Hand' නම් වූ එහි ප්රධාන චරිතය නිරූපණය කරන ලද්දේ ටොම් ටයිලර් විසිනි.
මෙහි තෙවැන්න 1942 දී තිරගත වූ අතර, එය හඳුන්වනු ලැබුවේ 'The Mummy's Tom' ලෙසිනි. එහි ප්රධාන චරිතය ලොන් චානේ නිරූපණය කළේය. 1944 දී තිරගත වූ 'The Mummy's Ghost' චිත්රපටයේ ප්රධාන චරිතය සහ 'The Mummy's Curse' චිත්රපටයේ ප්රධාන චරිතයද නිරූපණය කළේ ඔහුය. 1955 දී මෙහි අවසන් කොටස වූ 'Abbott and Costello Meet the Mummy' තිරගත වූ අතර, එහි ප්රධාන චරිතය නිරූපණය කළේ එඩී පාකර්ය.
මෙවැනි දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම චිත්රපටය මේ වනවිට ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්රියත්වයට පත් චිත්රපට මාලාවක් වී හමාරය. නවතම චිත්රපටයේ සිටි දෙදෙනෙකු පිළිබඳ අවධානය යොමු වූ බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ මෙම චිත්රපටයේ ටොම් ක_ස් සමග ප්රධාන චරිතය හැඩ කරනු ලැබූ සොෆියා බොටෙයිලාය. ඊට අමතරව මෙහි ඇනාබෙලා වැලිස්, ජේක් ජොන්සන් රඟන අතර, ක්රියාදාම සපිරි ත්රාසජනක අද්භූත චිත්රපටයක් වන 'The Mummy' චිත්රපටය අධ්යක්ෂණය කරන ලද්දේ ඇලෙක්ස් කර්ට්ස්මන් විසිනි.
සොෆියා බොටෙයිලා චිත්රපට ක්ෂේත්රයට අමුත්තෙකු නොවේ. පසුගිය කාලයේ එළිදැක්වූ ඇතැම් චිත්රපට හේතුවෙන් ඇය ජනප්රියත්වයට පත්වූ කෙනෙකු බව හැඳින්විය හැකිය. ප්රංශ ජාතිකයෙකු වන මැය මේ වනවිට 35 වැනි වියේ පසුවන්නීය.
ඇය වෘත්තීමය වශයෙන් නර්තන ශිල්පිනියක මෙන්ම නිරූපිකාවකි. සොෆියා නර්තන ශිල්පිනියක ලෙස ක්ෂේත්රයට පිවිසෙන්නේ 2001 වර්ෂයේදීය. ඒ මියුසික් වීඩියෝ හරහාය. ඒ කෙසාරියා එවෝරාගේ 'Nutridinha' නම් මියුසික් වීඩියෝව හරහාය.
ඒ ඔස්සේ ඇයට විශාල මියුසික් වීඩියෝ සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාවිය. ඇක්ස්වෙල්, මැඩෝනා, රිහානා, ක්රිස් බ්රවුන්, යූෂර්, නියෝ, මයිකල් ජැක්සන් වැනි ප්රසිද්ධ ගායක ගායිකාවන්ගේද මියුසික් වීඩියෝවලටද ඇය දායක වී තිබේ.
2012 වර්ෂයේදී ඇය 'Street Dance 2' චිත්රපටය ඔස්සේ සිනමාවට පැමිණෙයි. ඒ ඔස්සේ බොහෝ දෙනෙක් ඇය රංගන ශිල්පිනියක ලෙස දැනහැඳින ගත්හ. ඉන්පසු ඇය 2014 වර්ෂයේදී 'Monsters: Dark Continent' නම් චිත්රපටය සඳහා දායක වූවාය. ඇයගේ ජීවිතයේ වෙනස් වූ චිත්රපටයක් ලෙස 'Kingsman: The Secret Service' චිත්රපටය හැඳින්විය හැකිය.
එය තිරගත වූයේ 2015 වර්ෂයේදීය. 2016 වර්ෂයේදී තිරගත වූ චිත්රපට බොහෝ සෙයින් ජනප්රියත්වයට මෙන්ම ආදායම් වාර්තා අතරට පැමිණි චිත්රපටයක් විය. පසුගියදා එළිදැක්වූ 'The Mummy' චිත්රපටය හේතුවෙන් ඇය පිළිබඳ කතා කිරීම වැඩි විය. එළැඹෙන 28 වැනිදා එළිදැක්වීමට නියමිත ඇයගේ නවතම චිත්රපටය වන්නේ 'Atomic Blonde' නම් චිත්රපටයයි. මෙම චිත්රපටය සඳහාත් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.