තවමත් නව යොවුන් වියේ පසුවන ඉසිරි දේශානි, කලා ක්ෂේත්රයට පිවිස කෙටි කාලයකින් නිරූපණයට මෙන්ම රංගනයටද එක්වුණි. ඉතාමත් කුඩා කාලයක් තුළදී වෙළෙඳ දැන්වීම් සහ රූපවාහිනී ටෙලි නාට්‍ය සඳහාද ඇය දායකත්වය ලබාදුන්නාය. සිය කලා කටයුතු සහ නිරූපණ ක්ෂේත්රයේ තොරතුරු පිළිබඳව ‘ඇය අපත් සමග මෙසේ සංවාදයක නිරත වූවාය.
Q මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?
මම ඉසිරි දේශානි. ඉන්නෙ පානදුරේ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, අක්කයි.
Q ඉසිරි ඔබ තවම ඉගෙන ගන්නවාද? රැකියාවක් කරනවාද?
මම ගිය මාසේ තමයි උසස් පෙළ විභාගය අවසන් කළේ. ඉතිං දැන් ප්‍රතිඵල එනකම් කලා කටයුතු සහ නිර්මාණ කිහිපයක් සඳහා දායක වෙමින් ඉන්නවා.
Q මුලින්ම කලාවට, නැත්නම් නිරූපණට එකතු වෙන්නෙ කොහොමද?
2015 වර්ෂයේදී ITN හි පැවත්වූ අවුරුදු කුමරිය ඔස්සේ තමයි නිරූපණය ක්ෂේත්රයට පිවිසුණේ. 2015 ITN අවුරුදු කුමරිය අවසන් 12 දෙනා අතරට එන්න අවස්ථාව උදාවුණා. එතැනින් ආරම්භ වුණ ගමන තමයි මේ දැනට ඉදිරියට එමින් පවතින්නේ.
Q නිරූපණයෙන් වැඩකටයුතු සඳහා දායක වුණාද?
ඔව්, ටෙලිනාට්‍ය කිහිපයකට දායක වුණා. ඊට අමතරව මේ දවස්වල අලුත් ටෙලිනාට්‍යයක රූපගත කිරීම් කරගෙන යනවා. තව මියුසික් වීඩියෝ කිහිපයකටත් දායක වුණා. තව ඉස්සරහට වැඩ ටිකක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා ඒ ගැනත් කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Q දායක වූ ටෙලි නාට්‍ය ගැන කිවුවොත්?
‘කාසිවත්ත’ සහ ‘කොළඹ අපි ආවා’ ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වුණා. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම් පැත්තෙන් ‘ඇස්ට්ට්රා’, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්’ සහ තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහා දායක වුණා.
Q නිරූපණයට එකතු වෙන්න හිතුවෙ ඇයි?
පොඩි කාලේ ඉඳලම රඟපාන්න ආසාවක් තිබුණා. කලා පවුලකට නෑකම් කියන නිසා ඒ ආසාව ඇති වෙන්න ඇති කියලා මම හිතනවා.
Q කලා පවුලකට නෑකම් කියනවා කිවුවෙ? ඒ ගැන වැඩිදුරටත් කිවුවොත්?
කලා පවුලක් සඳහා නෑකම් කියනවා කිවුවේ, රුක්මනී දේවි කියන්නෙ මගේ මිත්තනියක් නිසා.
Q මේ ක්ෂේත්රයට එකතු වුණාට ගෙදරින් අකමැත්තක් නැද්ද?
කොහෙත්ම නැහැ. ගෙදරින් අකමැත්තක් නැහැ. අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
Q ඉදිරි කටයුතු ගැන කිවුවොත්?
රූපගත කිරීම් අවසන් වුණු මියුසික් විඩීයෝ කිහිපයක් එන්න තියෙනවා. තවත් අලුත් ටෙලිනාට්‍යයක් විකාශනය වෙන්න තියෙනවා.
Q උදවු කරපු පිරිසක් ඇති නේද මතක් කරන්න?
අනිවාර්යයෙන්ම ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ අම්මාව. එයා තමයි මගේ පස්සෙන්ම ඉඳලා මං ගැන හැමදේම හොයල බලන්නෙ. මගේ ගමනට ගොඩක් අය උදවු කළා. නම් නොකියන්න බැරි වුණාට සමාව ඉල්ලනවා.
ඡායාරූප කවීත් මිලින්ද