ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පසුගියදා කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩා පිටියේ පැවැති තරගයට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයකට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන බැවින් එම තරගය තරගාවලියේ පැවැති තවත් උණුසුම්ම තරගයක් බවට පත්වුණා.
මෙම තරගය නැරීඹීම සඳහා බොලිවුඩ් තරු මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ද එක්වුණා. ඉන්දියාවේ අබිතාබ් බච්චන්, සචින් තෙන්ඩුල්කාර්, විරොන්ද්ර ශෙවාග් පාකිස්තානයේ ඉම්රාන් ඛාන්, වසීම් අක්රම් ඒ අතර වුණා.
තරගය ආරම්භයට මත්තෙන් කණ්ඩායම් දෙකේ ජාතික ගීය ගායනය කරන විට සුපිරි නළු අමිතාබ් බච්චන්ද ඉන්දීය ජාතිකගීය මයික්රෝෙෆා්නයක් ආධාරයෙන් ගායනය කරනු ලැබුවා.
නමුත් පසුව තොරතුරු වාර්තා වූයේ ජතික ගීය ගායනය කිරීමට අමිතාබ් ඉන්දිය රුපියල් කෝටි 4ක මුදලක් අය කළ බවයි.
කෙසේ වෙතත් මෙය සමාජ මාධ්‍ය ඇසුරෙන් වේගයෙන් ව්‍යාපත්ත වන විට ප්‍රතිචාර දැක්වූ බෙංගාල ක්‍රිකට් සභාපති ඉන්දීය හිටපු නායක සව්රව් ගංගුලි සඳහන් කළේ පැතිර යන කතා අසත්‍ය බවත් ජාතික ගීය ගායනය වෙනුවෙන් අබිතාබ් කිසිඳු මුදලක් අය නොකළ බවයි.
එසේම ගමන් වියදම් හා නවාතැන් ගාස්තු ආදි සියලු වියදම් ඔහු සිය පෞද්ගලික වියදමින් දැරූ බවත් ක්‍රිකට් සංගමය ඔහුගේ අලාභය වෙනුවෙන් මුදලක් ගෙවීමට එකඟ වුවත් එයද අබිතාබ් ප්‍රතික්ෂේප කළ බවයි.
එම සිද්ධියේ උණුසුම පහව යන්නටත් මත්තෙන් තරගයේදී ජාතික ගීය ගායනය කිරිම වෙනුවෙන් අමිතාබ්ට එරෙහිව පොලීසියේ පැමිණිල්ලක් කිරීම ඉන්දීය නීතිඥයෙකු කටයුතු කර තිබේ.
ඒ ඔහු ජාතික ගීය ගායන කිරීම නිවැරදි නොවන ආකාරයෙක් සිදු කළ බවත් ඇතැම් අවස්ථාවලදී ඔහු කාල පරාස උල්ලංගණය කරමින් ගීය ගායනා කළ බව සඳහන් කරමිනි.