ප්‍රකට, සම්මානනීය ඡායාරූප ශිල්පියෙකු, කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු හා ලේඛකයෙකු වන ඉන්ද්‍රනාථ තේනුවරගේ සිවුවැනි ඒක පුද්ගල ඡායාරූප දැක්ම 'ආලෝක පින්තාරු' ජුනි 13 වැනිදා සවස 4.30 ට කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ, ජේ.ඒ.ඩී. පෙරේරා කලාගාරයේදී විවෘත කිරීමට නියමිතව තිබේ.
ප්‍රදර්ශනය ජුනි 6 වැනිදා දක්වා සවස 4.30 සිට සවස 6.00 දක්වා පැවැත්වේ.
'ආලෝක පින්තාරු' ඡායාරූප ප්‍රදර්ශනයේ තේමාව වන්නේ ගෘහස්ථ විදුලිපන්දම් ආලෝකයෙන් පමණක් ආලෝකවත් කළ පෞරාණික හා ඓතිහාසික ස්ථාන කිහිපයක ඡායාරූප ප්‍රතිනිර්මාණය කිරීමය. මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ ගෘහස්ථ විදුලි පන්දම් ආලෝකයෙන් පමණක් ආලෝකවත් කළ ලෝකයේ එකම සහ ප්‍රථම ප්‍රදර්ශනය මෙය වීම බව ඉන්ද්‍රනාථ තේනුවරමහතා පවසා සිටියි.
'''