සිනමාවේ කකුලෙන් ඇදීම් සහ කැපිලි කෙටිලි ලංකාවට පමණක් ආවේණික වූ දෙයක් පමණක් නොවේ. ලොව කොතැනක වුවද එය අඩු වැඩි වශයෙන් සිදු වෙයි. එවැනි සිදුවීමක් පිළිබඳ මේ වනවිට හොලිවුඩයෙන් විශේෂ පුවතක් වාර්තා වෙයි. ඒ හොලිවුඩ් සුපිරි නිළි මෙලීසා බෙනොයිස්ට්ගේ නම ඇමෙරිකාවේ හොඳම නිළියට යෝජනා වීමත් සමග ඇයට සිදු වූ කැපිලි කෙටිලි පිළිබඳවයි. මේ වනවිට ඇය සමග හොලිවුඩයේ තවත් සුරූපී නිළියන් කිහිප දෙනෙකු බොහෝ කේන්තියකින් පසුවන බවද සඳහන් වෙයි.
මෙලීසා පවසන්නේ තමන් දායකත්වය දැක්වූ සියලුම චරිතවලට තමා සාධාරණයක් ඉෂ්ට කළ බවයි. ඇය චිත්‍රපටවල මෙන්ම පුංචි තිරයේද රඟපාන අතර, තමන් රංගනයෙන් දායක වූ 'Super girl' ටෙලි නාට්‍යය තුළින් සිය රංගන කුසලතාව වැඩි වශයෙන් කැපී පෙනෙන බව මෙලීසා සඳහන් කරයි.
1988 වර්ෂයේ උපන් ඇය රංගනයට මෙන්ම ගායනයටද දස්කම් පාන අයෙකි. මේ දිනවල බොහෝ ජනප්‍රියත්වයක් උසුලන රූපවාහිනී කතා මාලාවක් වන 'Super girl' හි ප්‍රධාන චරිතය සඳහා පණ පොවන්නේ ඇයයි. 2000 වර්ෂයේදී ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වූ ඇය මේ වනවිට එක් සම්මානයක් සඳහා හිමිකම් ලබා තිබේ. 42nd Saturn Awards නම් සම්මාන රාත්‍රියේ The Breakthrough Performance Award සම්මානය සඳහා ඇය හිමිකම් කීවේ 'Super girl' රූපවාහිනී කතාමාලාව වෙනුවෙනි.
2000 වර්ෂයේදී ඇය ක්ෂේත්රයට ප්රවිශ්ට වුවත් ඇය මුල්වරට චිත්‍රපටයක රංගනයේ යෙදෙන්නේ 2008 වර්ෂයේදී තිරගත කෙරුණු Tennessee චිත්‍රපටය සඳහාය. නමුත් ඇය 2000 වර්ෂයේ සිට වේදිකා නාට්‍ය සඳහා දායක වී තිබේ. ඇය පළමුව The Sound of Music වේදිකා නාට්‍යයේදී, ඉන්පසු 2003 වර්ෂයේදී වේදිකාගත වූ The Sound of Music දෙවැනි අදියර සඳහාද, 2006 වර්ෂයේදී Bye Bye Birdie, A Month in the Country, A Chorus Line සඳහාද දායක වී තිබේ. වේදිකාව තුළින් තම රංගන කෞශල්‍ය වඩවාගත් ඇය 2007 වර්ෂයේදී වේදිකා නාට්‍ය තුනක් සඳහා දායක වී ඇත. ඉන්පසු 2008 වර්ෂයේදී ඇය සිනමාවට පිවිසියාය.
2008 වර්ෂයේදී සිනමාවට පිවිසීමත් සමග ඇය 2009 වර්ෂයෙන් පසුව වේදිකාවට සමුදුන්නාය. 2009 වර්ෂයේදී ඇය Thoroughly Modern Millie සහ As You Like It යන වේදිකා නාට්‍ය දෙක සඳහා දායක විය. 2010 වර්ෂයේදී ඇයට ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වීමට අවස්ථාව උදා වන්නේ Law & Order: Criminal Intent නම් රූපවාහිනී කතාමාලාව ඔස්සේය. ඉන්පසු ඇය 2010 වර්ෂයේදී තවත් කතාමාලා 04 ක් සඳහා දායක වී තිබේ.
ඇය ඉන්පසු 2011 වර්ෂයේදී Homeland රූපවාහිනී කතාමාලාව සඳහාද දායක වූවාය. 2012 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා විකාශය වූ Glee නම් රූපවාහිනී කතාමාලාවට දායක වූ ඇය 2014 වර්ෂයේදී නැවතත් සිනමාවට පිවිසියේ Whiplash චිත්‍රපටය ඔස්සේය. එමෙන්ම මෙම වර්ෂයේදී බොහෝ දෙනා කතාබහ කරන Super girl රූපවාහිනී කතාමාලාව සඳහා ඇය දායක වූයේ 2015 වර්ෂයේදීය. මේ වනවිට ඇය The Flash, Arrow, DC's Legends of Tomorrow යන රූපවාහිනී කතාමාලා සඳහාද රංගනයෙන් දායක වී සිටින්නීය.
2016 වර්ෂයේදී ඇය චිත්‍රපට දෙකක් සඳහා දායක වූ අතර, එයින් එක් චිත්‍රපටයක් වන Patriots Day චිත්‍රපටය එළඹෙන 21 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. මෙම වර්ෂයේදී ඇමෙරිකාවේ හොඳම නිළියට යෝජනා වීමත් සමගින් ඇයට තිබෙන ඉල්ලුම වැඩි වූ බවද බොහෝ දෙනා සඳහන් කරති.