ජනප්‍රිය බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (21 දා) පස්වරුවේදී අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 79 ක් විය. ඔහුගේ දේහය කවුඩාන දෙහිවල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර, ලබන බදාදා ජාතික කලා භවනේද තැන්පත් කිරීමට නියමිතව තිබේ. 1950 දශකයේදී සංගීත දිවියට පිවිසි ඇන්ටන් ජෝන්ස් මහතා විශේෂ සිද්ධි අලළා ගායනය කළ 'මිනිගවුම', 'ආසයි බයයි බෝට්ටුවෙ නමයි', 'ප්‍රේමවතී මනම්පේරි', 'පොඩි විජේ',' සේපාල ඒකනායක', 'කන්දෙ හැපුනා මහවනන්තරේ' වැනි ගීත අතිශයින් ජනප්‍රිය විය.