ලෝකයේ බිහි වී ඇති නිර්මාණකරුවන් යනු බොහෝ වාසනාවන්තයන් බව නොකිවමනාය. ඒ අතර, සොබාදහමෙන් බොහෝ දේ අහිමි වුවද, ඒ අහිමිවීම් ආශීර්වාදයක් කරගෙන ජීවිතය දිනූ නිර්මාණකරුවන් වඩා වාසනාවන්තයන් බව දැක්විය හැකිය.
එක් අතක් පමණක් හිමි, එහෙත් ඒ අතවත් නිසියාකාරව නොවැඩී ඉපදුණු එවැනි කලාකරුවෙකු මේ වනවිට ලෝකයේ කතාබහට ලක් වී ඇත. ඔහු චිත්‍ර ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති Mariusz Konrad kedzierski ය. Mariusz ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ 'Polish artist' ලෙසිනි. 1992 වර්ෂයේ උපන් ඔහු අවුරුදු 03 සිට ස්වෝත්සාහයෙන් චිත්‍ර ශිල්පියෙකු බවට පත්ව තිබේ. එහෙත් සැත්කමකට භාජනය වීම නිසා ඔහුට අවුරුදු 12 වනවිට තම චිත්‍ර ඇඳීම තාවකාලිකව නවතා දමන්නට සිදු වෙයි. කෙසේ වෙතත් 2008 වර්ෂයේදී නැවතත් ඔහු චිත්‍ර ඇඳීම ආරම්භ කරන අතර, එතැන් පටන් ඔහු වීදිවල ප්‍රසිද්ධියේ චිත්‍ර ඇඳීමද අරඹයි.
තමා විසින් සිතුවම් කළ සිතුවම් ඔහු විවිධ රටවලට අලෙවි කර ඇති අතර, ඔහුගේ සිතුවම් සඳහා විශේෂ ඉල්ලුමක් හිමිව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ දකුණු කොරියාවෙනි. ඔහුගේ බල කිරීම මත දෙමාපියන් කුඩා කාලයේ සිටම ඔහු අධ්‍යාපනයට යොමු නොකළ අතර, විවිධ විෂය බාහිර කටයුතුවලට යොමුකර තිබේ. Geppert Academyහිදී කලා විෂය පිළිබඳ අධ්‍යාපනය හදාරා ඉන්පසු faculty of Interior Design හි ගෘහ අලංකරණය පිළිබඳව හදාරා ඇති Mariusz බාහිර විෂයයන් පිළිබඳව බොහෝ දක්ෂතා ඇති තරුණයෙකු ලෙස හඳුන්වනු ලැබෙයි.
2013 වර්ෂයේදී Global Artist සම්මාන උලෙළේදී දෙවැනි ස්ථානයට පත්වීමට ඔහුට හැකියාව ලැබී ඇති අතර, ඔහු තමා වැනි අාබාධිත කලාකරුවන්ට උදව් කිරීමට හැකිවන සේ තම සිතුවම් අලෙවි කර ලැබෙන මුදල්වලින් පුණ්‍යායතනයක්ද පවත්වාගෙන යනු ලබයි. එය Polish Association ලෙස එය නම්කර තිබේ.