මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේ නිරන්තරයෙන්ම වෙනසක් සිදුකරමින් සහ අලුත් දේ ගෙන එමින් වේගවත් ගමනක් යන හිරු එෆ්.එම් නාළිකාව සිය 19 වැනි සංවත්සරය සැමරීමට සූදානමින් සිටියි. සිය 19 වසරක ගමනමග පිළිබඳව කතාබහ කිරීමට හිරු එෆ්.එම් නාළිකාවේ නියෝජ්‍ය අධ්යක්ෂ (වැඩසටහන්) චන්දිම සූරියආරච්චි මහතා 'අද'ට සම්බන්ධ කර ගතිමු.
Q අවුරුදු 19ක් ඇතුළත මේ තරම් මිනිස්සුන්ට සමීප වෙන්න හිරු එෆ්.එම් එකට හැකියාව ලැබුණේ කොහොමද?
ABC මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත කළේ 1998 අවුරුද්දේ ජූලි පළමු වැනිදා හිරු එෆ්.එම් නාළිකාව ආරම්භ කෙරුණා. ඇත්තටම අපි කොයිතරම් දුරට මිනිස්සු හඳුනගෙන තියනවද කියන කාරණේ උඩ තමයි අපේ ගමන තීරණය වෙන්නේ. හිරු එෆ්.එම් කියන්නේ මැදිරියේ විතරක් ඉඳගෙන රේඩියෝ කරන ආයතනයක් නෙවෙයි.
අපි පුළුවන් තරම් කරන්නේ මිනිස්සුන්ගේ ළඟින්ම ඉඳලා එයාලගේ අවශ්‍යතා තේරුම්ගන්න එක. ජනතාව ඉල්ලන දේ විතරක් නොවෙයි, එයාලට අවශ්‍යයි කියලා හිතේ තියාගෙන ඉන්න දේත් ජනතාව පුදුමයට පත්කරන ගමන් ලබාදෙන්න අපට පුළුවන් වෙලා තියෙනවා. අපේ දැක්ම තියෙන්නේ අසන්නන්ගේ පැත්තේ නම්, මිනිස්සුන්ට සමීප වෙන එක අමාරු දෙයක් නෙවෙයි.
Q හිරු වෙන රේඩියෝ නාළිකාවලින් copy කරනවාද?
අපට ඉන්නේ හොඳම කණ්ඩායම ඒ නිසා අපට කාගෙන්වත් අනුකරණය කරන්න දෙයක් නැහැ. ඒත් අපෙන් වෙන අය ඕන තරම් copy කරනවා. රේඩියෝ එකක බේසික් කන්සෙප්ට් එක ගත්තොත් ඒක කාගෙන්වත් කොපි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඒක පවතින දෙයක්. නමුත් ඒකේ ඇතුළෙ තියෙන කොන්ටෙන්ට් එක තමයි එහෙ මෙහෙ කරගන්න ඕනෙ.
ඒ වෙනුවෙන් තමයි අපි අලුත් අදහස් නිතරම ගේන්නේ. අපේ කණ්ඩායමේ තියෙන හැකියාවන්, අත්දැකීම් එක්ක මම හිතන්නෙ නැහැ අනිත් අයට හැරෙන්නවත් පුළුවන් ඇති කියලා. මියුසික් පැත්තෙන්, වැඩසටහන් පැත්තෙන්, ප්‍රවර්ධන වැඩසටහන් පැත්තෙන් අපි කරපු දේවල් අනිත් අය පොරකාගෙන කරන ගමන් අපටම ඇඟිල්ල දික් කරනවා කොපි කරනවා කියලා. හැබැයි මිනිස්සු ඇත්ත දන්නවා.
Q හිරු එෆ්.එම් තමන්ගේ සමාජයීය වගකීම් ඉටුකළේ කොයි විදියටද?
හිරු එෆ්.එම් තමන්ගේ ශ්‍රාවකයන් වෙනුවෙන් වගකීම හරි විදියට නොපිරිහෙලා ඉටු කරනවා. ඒ වගේමයි අපි ආරම්භයේ ඉඳලම මිනිස්සුන්ට ප්‍රශ්න ඇතිවුණ හැමවෙලාවකම, මිනිස්සුන්ගේ හැම කාලීන ප්‍රශ්නයකදීම ඔවුන් ළඟ හිටියා.
මෑතකදී ඇතිවුණු ගංවතුර විපතේදී අපි අපේ වැඩසටහන් හැම එකක්ම නතර කරලා අපේ සම්පූර්ණ අවධානය යොමු කළේ විපතට පත්වූ මිනිස්සුන්ට සහන සලසන්න. ඒකාලේ අපේ ප්‍රවර්ධන වැඩසටහන් පවා නවත්තලා ඒ මුදල් පවා අපි යෙදෙව්වේ ජනතාව වෙනුවෙන්.
ඒ වගේම අපි මෑතකදී හඳුන්වලා දුන් 'හිරුට කියන්න' කියන වැඩසටහන. ඒ වැඩසටහන හිරු එෆ්.එම් අහන් ඉන්න අයට තමන්ට තියෙන ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න විවෘත වෙලා තියෙනවා. අපි ඒ ප්‍රශ්නවලින් වහාම විසඳිය යුතු ප්‍රශ්නවලට ප්‍රමුඛතාව දෙමින් ඒවා විසඳා දෙන්න කටයුතු කරනවා.
Q ගංවතුර ආපදාවේදී මිනිස්සුන්ගෙන් එකතු කරගත් ආධාර තමන්ගේ නම ගහලා බෙදනවා කියලා මාධ්‍ය ආයතනවලට චෝදනා එල්ල වුණා නේද?
මට වගකීමෙන් සහ සාක්ෂි සහිතව ඔප්පු කරලා කියන්න පුළුවන් හිරු මාධ්‍ය ජාලය ඒ ප්‍රතිපත්තියේ හිටියේ නැහැ. අපි එතැනදී කළේ මිනිස්සු අපට යම්කිසි ආධාර ප්‍රමාණයක් දුන්න නම් ඊට සමාන කොටසක් අපෙනුත් යොදවලා දුන්න එක.
උදාහරණයක් විදියට අපට ජනතාවගෙන් ආධාර විදියට හාල් ටොන් 05ක් ලැබුණා නම්, අපිත් හාල් ටොන් 05ක් දාලා හාල් ටොන් 10ක් තමයි මිනිස්සුන්ට ගිහින් දුන්නේ. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් ගමන් වාර 30කට පමණ අපි ආධාර දුන්නා පළවෙනි දවසේ විතරක්. ඒ වගේම වැඩිම ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණයක් තිබුණේ හිරු මාධ්‍ය ජාලය සතුව. දිවයින පුරා මධ්‍යස්ථාන 16ක් තිබුණා.
Q කාලෙන් කාලෙට වුණු වෙනස්කම් එක්ක අවුරුදු 19ක කාලයක් පුරාවට හිරු ආපු මේ ගමන ගැන මොකද හිතෙන්නේ?
මම හැමවෙලේම කියන්නේ වෙනස් වීම කියනදේ තමයි ඕනෑම දෙයක සාර්ථකත්වයට හේතුවෙන්නෙ. 1998 දී පටන් ගත්ත හිරු එෆ්.එම් එකම විදිහට තිබුණා නම් අපි මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙලා ගොඩක් කල්. මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එකයි, තාක්ෂණයයි අද වෙනකොට ගොඩක් වෙනස් වෙලයි තියෙන්නෙ.
ඒ වගේ තත්ත්වයකදී අපි කළේ ඒ වෙනස්කම් හරි විදියට තේරුම් අරගෙන කාලෙට ගැළපෙන දේ ජනතාවට දුන්න එක. හිරු කියන්නේ හැම තිස්සෙම අලුත් ට්‍රෙන්ඩ් හදපු නාළිකාවක්. අපි නිතරම කළේ අලුත් දෙයක් මිනිස්සුන්ට දීලා ඔවුන්ව පුදුම කරපු එක.
ඒ කිසි දෙයක් කාගෙන්වත් කොපි කරපුවා නෙවෙයි. හිරු එෆ්.එම් කියන්නේ අනාගතයට වැඩ කරන නාළිකාවක් අපි දැන් හිතන්නේ 2018 ගැන නෙවෙයි 2020, 2025ට කරන්න ඕන දේවල් ගැන. ජනතාවට හැමදාමත් දුන්නේ හරිදේ හරි වෙලාවට. මේ දේවල් තමයි අවුරුදු 19ක අපේ සාර්ථක ගමනට හේතුවුණේ.
Q තමන්ගේ 19 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්රාවකයාට ලැබෙන්නෙ මොනාද?
අපි හැමවෙලාවෙම උත්සාහ කරන්නේ ජනතාවගේ නාළිකාව වෙන්න. මේ සංවත්සරයත් එක්ක වැඩසටහන් පැත්තෙනුත් විශාල වෙනස්කමක් කරන්න හිරු සූදානමින් ඉන්නවා.
ඉතාමත්ම නුදුරේදීම ජනතාව ඉල්ලන්න හිතාගෙන ඉන්න දේවලුත් ලබාදීලා ඔවුන්ව පුදුම කරන්න අපි සූදානමින් ඉන්නවා. ඒ සතුට විඳින්න දිගටම හිරු එක්ක රැඳිලා ඉන්න කියලා අපේ ආදරණීය අසන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ