හම්බන්තොට, ජූල්පල්ලම ප්‍රදේශයේ රේස්කෝස් පිටියක් ඉදිකිරීමට වෙන්කර තිබූ අක්කර 100 ක ඉඩම් ප්‍රමාණය පණ්ඩිත් අමරදේවයන්ගේ නාමයෙන් නිවාස පුරයක් ඉදිකිරීමට වෙන්කළ බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.දින 100 ට නිවාස 50,000 ක් ඉදිකරන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ප්‍රකාශ කළද එය සිදුකළ නොහැකි වූ බවටත්, මේ වනවිට වනජීවී ඉඩම් බෙදාදෙන බවටත් රාජපක්ෂ මහතා පෙරේදා (26දා) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
එයට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ 2015 සිට මේ දක්වා නිවාස ඉදිකිරීම් 167,466 ක් ආරම්භ කර ඇති බවයි.එමෙන්ම පසුගිය ආණ්ඩුව රේස්කෝස් පිටියක් ඉදිකිරීමට ජූල්පල්ලම ප්‍රදේශයේ වෙන්කර තිබූ අක්කර 100 ක ඉඩම් ප්‍රමාණයද මෙලෙස නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙන්කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.