මේ දිනවල සමාජ වෙබ් අඩවිවල විවිධ වූ අපහාස චෝදනා ලබමින් කතාබහට ලක්වන චරිතයක් ලෙස පියුමි සිරිනායක හැඳින්විය හැකිය.
ඉරාජ් වීරරත්නගේ 'ක්ලියෝපැට්රා' සහ 'ප්‍රේම සටන' යන මියුසික් වීඩියෝ හේතුවෙන් බොහෝ මතභේදාත්මක හේතු මැවිණි. කෙසේ වෙතත් එවා නිර්මාණයන් ලෙස ඇතැම් පිරිස් පිළිගත්හ. පියුමි තමන් දායක වූ නිර්මාණයන් පිළිබඳව දරන්නේ මෙවැනි මතයකි.
Q මේ දවස්වල ෆේස්බුක් ගොසිප් වගේම ප්‍රතිචාරත් ඇතිනෙ. ඒ ගැන කියමු මුලින්ම?
මේ දවස්වල හොඳ නරක දෙකම සමානව යන්නෙ, මගේ 'ප්‍රේම සටන' වීඩියෝ එක සහ 'ක්ලියෝපැට්රා' වීඩියෝව නිසා. අලුත් දෙයක් කරන්න ඕන නිසා මම ඒ වගේ වීඩියෝ දෙකම කළා. ඒකේ මම කිසිම වැරැද්දක් දකින්නෙ නැහැ.
Q 'ක්ලියෝපැට්රා' ගැන මොකද හිතෙන්නෙ?
'ක්ලියෝපැට්රා' කියන්නෙ අද සමාජයට ගැළපෙන, සමාජයේ කිසිම බයක් නැතුව සිද්ධ වෙන දේවල් ස්ත්‍රී දූෂණ ගැන කියැවෙන දෙයක්. මට කියන්න ඕනෙ අද සමාජයේ ඕනෑතරම් ගැහැනු ළමුන් ඉන්නවා ක්ලබ් යන, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන. අද ඉන්න පෙම්වතා නෙමෙයි හෙට ආශ්‍රය කරන්නෙ.
ඉතිං ඒ වගේ කෙල්ලන්ට මේක හොඳ ආදර්ශයක්. පිරිමි කෙනෙක්ගෙන් අනාථ වෙලා තමන්ට ලැබෙන්න ඉන්න දරුවා මරා දමන්නේ නැතුව මේ ලෝකෙට බිහි කරලා ඒ දරුවා වෙනුවෙන් තමන්ගේ ශරීරය සල්ලිවලට විකුණලා තමන්ගේ දරුවාව හදාගන්න කාන්තාවක් ගැන කියන්නෙ.
මේ වගේ දේවල් අද සමාජයේ ඕන තරම් සිදුවෙනවා. මම ඒ මියුසික් වීඩියෝවේ කිසිම වැරැද්දක් දකින්නෙ නැහැ. මොකද අද සමාජයේ තියෙන ලිංගික ආසාවන් සඳහා අතින් අතට යන කාන්තාවන් ඕන තරම් ඉන්නවා. ක්ලබ් ඕන තරම් තියෙනවා. ඒ ක්ලබ් සමාජය තුළ තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ඇඟ විකුණන කාන්තාවන් අතරින් තමන්ගේ දුව වෙනුවෙන් වෙහෙසෙන කාන්තාවක් ගැන තමයි මේ වීඩියෝවෙන් කියැවෙන්නෙ.
Q වැඩිපුරම බැණුම්ද මේ වීඩියෝවට ලැබුණේ?
ප්‍රතිචාර හැමදාම හොඳ වගේම නරක දෙකම තියෙනවා. ඇත්තටම අපේ මිනිස්සුන්ට හඳ පෙන්නුවාම බලන්නෙ ඇඟිල්ල දිහා. නමුත් අපේ මිනිස්සු අමරසිරි පිරීස් සර්ගේ 'ලඳුනේ' සිංදුව කියද්දි ඒක හොඳට රසවින්දා. ඉරාජ් එයාගේ විදිහට කිව්ව 'ක්ලියෝපැට්රා' ගැන විවේචනය කරනවා.
යාපනේ වින්ද්‍යා ගැහැනු ළමයාව, සේයා වගේ දරුවො තව ඕන තරම් අහන්න සිදුවුණ දූෂණ, අපරාධ ඒවා ගැන කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක කළේ. ඇත්තටම එඩිට් එකෙන් පස්සේ බලපුවාම මගේම ඇස්වලින් කඳුළු ආවා. මේ නිර්මාණය බලද්දි ඇත්තමට මම මේ වීඩියෝ එක ඉදිරියේ ප්‍රේක්ෂිකාවක් විදිහට රසවින්දා.
Q ඔබ මුලින්ම සඳහන් කළා 'ප්‍රේම සටන' අලුත් දෙයක් කියලා?
අලුත් දෙයක් කියලා කියන්නෙ ලංකාවේ එක දේකට කොටුවෙලා තමයි නිර්මාණයන් කරන්නේ. මිනිස්සු කියන්නේ සංස්කෘතිය බිඳෙනවා, එහෙමත් නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට ඒක ගැළපෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඕනෑම නිර්මාණයක් කරන්නේ යම් සීමාවකට කොටුවෙලා. අපි හිතුවා ඉන්ටර්නැෂන්ල් ලෙවල් එකට නිර්මාණයක් කළානම් වෙනසක් සිදුවෙයි කියලා.
Q ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න නිර්මාණ කරන්න ඕනෙ අඩනිරුවත් වෙලාද?
එහෙම දෙයක් නෙවෙයි සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂන්ල් ෆිල්ම් එකක් ගත්තොත් 80%කගේ වගේ සෙක්ස්ෂුවල් සීන් තියෙනවා. පොඩි ළමයින්ගේ ෆිල්ම්වල පවා තියෙනවා. ඒකෙ නිර්මාණාත්මකභාවය වැඩිවෙන්න රසාත්මක බව වැඩි වෙන්න එහෙම දානවා ඇති. ඉතින් මම හිතන්නේ අපි කරපු නිර්මාණයත් ඒ වගේ දෙයක් කියලා. මිනිස්සු අකමැති දෙයක් නම් බණිනවා නම්, ඒක බලන්නෙ නෑ, ඒකෙ වීවුස් අඩුවෙන්න ඕනෙ. මිනිස්සු බැණ බැණ බලන්නේ ඒක මිනිස්සු කැමති දෙයක් කුතුහලය ඇතිවන දෙයක් නිසානෙ.
Q ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ යම් කාර්යයක් සිදුකරන්න හැකියාව තියෙන්නෙ ඔවුන්ට සංස්කෘතියක් හෝ ඒ කාරණාවක් නැති නිසයි. නමුත් ලංකාවේ ඒ දේ කරන එක ගැන මොකද හිතන්නෙ?
අපේ ලංකාවේ මියුසික් වීඩියෝ වැඩිපුර කරනවා. ටෙලිනාට්‍ය හදනවා අඩුයි ලංකාවේ. පිටරටවලින් ගෙනත් පෙන්වනවා. ඒක කරන්නේ බජට් එකක් මත. ඉතින් අපේ අය කරන්නෙ මියුසික් වීඩියෝ එකක් කරන එක. මියුසික් වීඩියෝවලින් දක්ෂතාව පෙන්වන්න යන්නේ. හොලිවුඩ්, බොලිවුඩ් ගත්තොත් ඒගොල්ලන්ට මියුසික් වීඩියෝ කරකර ඉන්න ඕනේ නෑ.
මොකද ඒගොල්ලන් ලොකු බජට් දාලා සිනමාව හා ටෙලිනාට්‍ය ආක්‍රමණය කරලා ඉවරයි. අපට නිර්මාණයක් විදියට කරන්න පුළුවන් අඩු වියදමකින් මියුසික් වීඩියෝ එකක් විතරයි. මිනිස්සු කැමතිත් ඒකට. මියුසික් වීඩියෝ එකකින් අපට උපරිමයෙන් කරන්න පුළුවන් දේ අපි කරන්න ඕනේ කියලා මම හිතනවා.
Q ඉරාජ් කරපු දෙයක් පස්සේ දැන් හැමෝම යනවා. ඇයි කෙනෙක්ව හැමතිස්සෙම අනුගමනය කරන්නේ?
හැමෝම දෙයක් කරන්න කැමතියි, ඒත් කරන්න බය තියෙනවා. ඕනෙම වැරැද්දක් මුලින්ම කෙනෙක් කරනකම් තමයි බලාගෙන ඉන්නේ. එක්කෙනෙක් ඒ දේ කළොත් අනිත් අයත් ඒක අනුගමනය කරනවා. අපිත් කරලා බලමු කියලා හිතනවා.
ඉතින් මම හිතුවා සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා නම්, මියුසික් වීඩියෝ එකක් නිසා සංස්කෘතිය නැති වෙනවා කියලා හිතනවා නම්, ඒදේ බිඳලා ඉරාජ් බය නැතුව ඒදේ කළා. ඉතින් අනිත් කට්ටියත් ඒක අනුගමනය කරනවා.
ඒකෙ මම වැරැද්දක් දකින්නේ නැහැ. ඕනෑවට එපාවට කරන මියුසික් වීඩියෝත් මම දැකලා තියෙනවා. එහෙම නොකර මියුසික් වීඩියෝ ඉන්ටර්නැෂනල් ලෙවල් එකකින් කළා නම් ඇත්තටම හොඳයි.
Q සංස්කෘතිය බිඳලා වීඩියෝ කරන්න ගත්තොත් ලංකාවට ඉදිරියේදී මොකද වෙන්නේ?
අපේ මිනිස්සු සංස්කෘතිය බලන්නෙ සෙක්ස්වලින්. එහෙමත් නැත්නම් අඩනිරුවත්කමින්. ඒ දෙක නැතිවුණා කියලා මම හිතන්නේ නෑ ලංකාවට ලොකු දෙයක් සිදුවෙනවා කියලා. අපි ඇඟ වහෙගන ඉන්න ඉන්න ඒ දේ ටිකක් ඇරිය ගමන් මිනිසුන්ගේ ආසාව ඔක්කොම එළියට එනවා. දියුණු රටකට ගිහින් බලපුවාම, මම බාගෙට ඇඳගෙන ගියත් ඒ මිනිස්සු බලන්නෙ නැහැ.
මොකද ඒ මිනිස්සුන්ට හැමදාම ඒක දැකලා දැකලා ඇතිවෙලා. ඒක නිසා වැරදි කරනවා අඩුයි. අපේ ලංකාවේ ඇඟ වහගෙන ඉඳලා ඉඳලා ඩෙනිම් එකක් හිරට ඇඳගෙන ගියොත් හරි බ්ලවුස් එකක් හිරට ඇඳගෙන ගියොත් හරි මිනිස්සුන්ට ඉන්න බෑ.
ඉතින් හිතෙන්නෙ අනේ මට මෙයාව අල්ලන්න තිබුණානම් කියලා. මියුසික් වීඩියෝ එකකින් නැතුව තව ඕනෑතරම් ක්‍රම තියෙනවා සංස්කෘතිය මනින්න. ඒ වගේම හදාගන්න ඒ දේවල් ගැන හිතුවොත් හොඳයි.
Q අලුත් ගීතය නිසා ගොඩක් තරහකාරයො ඇතිවුණා? ඔබ මේ දේ කළේ ජනප්‍රියත්වය නිසා කියලා කට්ටිය කියනවා. ඒ ගැන මොකද හිතන්නෙ?
මම ජනප්‍රියත්වය නිසා මේ වීඩියෝව කළේ නැහැ. මට ජනප්‍රිය වෙන්න ඕනේ නැහැ. ගොඩක් ෆෑන්ස්ලා දන්නවා මාව. මම මියුසික් වීඩියෝ, ටෙලිනාට්‍ය කරලා තියෙනවා.
Q මේ සඳහා ඔබේ ස්වාමිපුරුෂයා දායක වුණා. ඔහුටත් මඩ ප්‍රහාර එල්ල වුණා. ඒ ගැන මොකද හිතන්නෙ?
කතාවට කියනවානේ නරියට මිදි කන්න බැරි වුණාම තිත්තයි කියලා. ඒ වගේ දෙයක් තමයි මෙතැන වෙන්නෙ. මේ වගේ දෙයක් ලස්සනට කරගන්න බැරි වුණාම මේ වගේ තැනකට තමන්ට එන්න බැරි වුණාම ගොඩක් මඩ ප්‍රහාර එල්ල කරනවා.
මගේ සැමියටත් එහෙම කියලා තියෙනවා. මම ගණන් ගන්නේ නෑ ඒක. මොකද හොඳක් කළත්, නරකක් කළත් ලංකාවේ මිනිස්සු බලන්නෙ වපර ඇසින්.
Q ටෙලි නිර්මාණයක ප්‍රධාන චරිතයකට දායක වුණා. ඒ දේ ගැන කිව්වොත්?
සිරස නාළිකාවේ එය විකාශය වුණා. දැන් ඒක ඉවරයි. මට තාම ඒකෙ ප්‍රතිචාර ලැබෙනවා. මේ මාසෙ 20න් පස්සෙ ෂූටින් පටන් ගන්නවා සිරස නාළිකාවේම ටෙලි නාට්‍යයක. ප්‍රධාන චරිතය තමයි මම ඒකෙත් කරන්නෙ. ඉස්සරහදී ඒක බලාගන්න පුළුවන්.
Q ඔබ වෙළෙඳ දැන්වීම් පැත්තට යොමු වුණේ නැද්ද?
වෙළෙඳ දැන්වීම් පැත්තට. යොමු වුණා ගොඩක් අඩුයි. මම මොකද මම ඒ පැත්තට වඩා ගොඩක්ම කැමැති රංගනය පැත්තට.
Q සිනමාව පැත්තට යන්න අදහසක් නැද්ද?
මම ගොඩක් කැමතියි සිනමාව පැත්තට. සිනමාවෙන් මට ආරාධනයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ඒක කරනවා.
Q ඔබට මෙම ක්ෂේත්රය ගැන කලකිරීමක් ඇතිවෙන්නෙ නැද්ද, මේ එන මඩ ප්‍රහාරත් එක්ක?
ක්ෂේත්රය ගැන කලකිරීමක් ඇතිවෙන්නෙ නැහැ මේ ක්ෂේත්රයේ විතරක් නෙවෙයි ඕනෑම තැනක. පිටරට මනුස්සයෙක් වැරැද්දක් කළොත් පවා අපේ ලංකාවේ මිනිස්සු ඒ මිනිස්සුන්ට බණිනවා. ඊරිසියාව හා කුහකකම නිසා මිනිස්සු බලන්නෙ කොහෙන්හරි ප්‍රහාරයක් එල්ල කරන්න. ඒ නිසා මම සැලෙන්නේ නෑ කොහොමටවත්.
Q ඉදිරියේදී තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?
පොඩි කාලයේ ඉඳන් මම රංගනයට තමයි කැමැති වුණේ. මගේ රංගන කුසලතාව දවසින් දවස දියුණු කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව රංගනය පැත්තෙන්.
ඡායාරූප - කවීත් මිලින්ද