බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා පිළිබඳ බොහෝ පුවත් වාර්තා වූයේ ඇයගේ විවාහය සහ ගැබ් ගැනීම පිළිබඳවයි. මේ කාරණාවන් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළද මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ වෙනස්ම වූ පුවතකි. ඒ ඇය මේ වන විට වැඩිම මුදලක් අය කරන කාන්තා නිළියක ලෙස නම් කිරීමයි.
ලෝකයේ සුප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන ෆෝබ්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ අනුෂ්කා ලෝකයේ වැඩිම මිලක් අයකරනු ලබන නිළියන් 30 දෙනා අතර සිටිනා බවයි. නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට පිවිසි ඇය 2008 වසරේ තිරගත වූ රබ්නේ බනා දී ජෝඩි චිත්‍රපටය ඔස්සේ තම රංගන දිවිය ඇරඹීය.