මේ දිනවල සිදුකෙරෙන නිර්මාණ කටයුතු මොනවාද?
අලුත් අවුරුද්දට එළිදක්වන්න නව නිර්මාණයක් සැලසුම් කර තිබෙනවා. 'පිරිමියෙක් හින්දා' තමයි ගීතයේ නම. එහි වීඩියෝ පටය ජනවාරි මාසයේදී දැකගත හැකියි. එමෙන්ම මහේන්ද්‍ර කුලසිංහගේ 'සුරඟන' නම් වූ ජාතික රූපවාහිනියේ විකාශය වන නවතම ටෙලිනාට්‍යයක සංගීත අධ්යක්ෂණ කටයුතු සිදුකරනවා.
පසුගිය වසරේ 'රිදී සිත්තම්' ටෙලි නාට්‍ය‘යේ සංගීත අධ්යක්ෂණ කටයුතු සිදුකළා. එමෙන්ම දමිත් අසංකත්, මමත් ගායනා කරපු ගීතයටත් ඉමහත් ජනප්‍රියත්වයක් හිමිවුණා. නව වසරේදීත් එවැනි වෙනස්කම් කිහිපයක් සිදුකිරීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.
වත්මන් මියුසික් ට්‍රෙන්ඩ් එක ගැන මොකද හිතෙන්නෙ?
විවිධත්වයක් නැති ඒකාකාරී යුගයක් හැටියට තමයි 2012 – 2013 වසරවල් දකින්නේ. එහි පිරිමි අය අඬන ගතියක් තමයි දකින්න තියෙන්නෙ. එකම බීට් (තනුව) එකේ සින්දු තමයි ඇහෙන්නෙ. එය නෙවෙයි වෙන්න ඕනෙ. සංගීතය කියන්නේ ලෝකයටම යමක් කළ හැකි විශ්ව භාෂාවක්. රටකටත් සංගීතය අතිශය වැදගත්. එහි විවිධාකාර නිර්මාණ පැවතිය යුතුයි. නමුත් එවැන්නක් මේ වසර කිහිපය තුළ දක්නට ලැබුණේ අඩුවෙන්. අපට කලින් පරපුරේ නිහාල් නෙල්සන්, වික්ටර් රත්නායක, අමරදේව, රූකාන්ත, ක්ලැරන්ස් වැනි ගායකයන් තමන්ටම ආවේණික ශෛලීන් තුළ නිර්මාණ කටයුතු කළා.
නමුත් පසුගිය අවුරුදු දෙකේදී හැම ගායකයෙක්ම වගේ එකම විදියේ ගීතයි ගායනා කළේ. නිර්මාණකරුවෙක් විදියට තමන්ගේ ඇඟේ තියෙන දේ දෙන්නේ නැතුව සල්ලි හම්බකිරීමේ පරමාර්ථයෙන් නිර්මාණ කරන විට තමයි මෙවැනි දේවල් සිදුවෙන්නෙ. එය වෙනස් කරන්න 2014 දී උපරිම උත්සාහයක් දැරිය යුතුයි.
ඔබේ නිර්මාණවලට මීඩියාවල ලැබෙන ඉඩ කොහොමද?
මගේ ගීත ප්‍රචාරණයට නම් කිසිදු ගැටලුවක් ඇතිවෙලා නැහැ. නමුත් සමහර නිර්මාණවලට සමහර මීඩියාවල තියෙන ඉඩ නම් මුදල් ගෙවා ප්‍රචාරණය තමයි. එතකොට වෙන්නේ කලාකරුවෙක් නිදහසේ නිර්මාණ කරලා මාධ්‍යවලට අරගෙන ගියාට මුදල් ගෙවා ප්‍රචාරණය කරන ගීතයයි රසිකයන් අතරට යන්නෙ. එවැනි තත්ත්වයක් තිබියදී බොහෝ නිර්මාණකරුවන් නිර්මාණ කාර්යය අතහැර තියෙනවා. එයට හේතුව තමයි නිර්මාණ කරලා අරගෙන ගියාට රසිකයන් අතරට යන්න ක්‍රමයක් නැතිවීම. එකම ව්‍යාපාරික ආයතන තමා ගීත නිර්මාණ කටයුතුවල නිරත වී සිටින්නෙ. ගායකයන් ඉන්නෙ එයට කටහඬ දෙන්නට සහ සංගීතඥයාත් එය හදා විකිණීමේ පදනමකයි ඉන්නෙ. ගීතවල සම්පූර්ණ ප්‍රචාරණය හා රසිකයන් අතරට නිර්මාණය ගෙනයාමේ ක්‍රමවේදය තිබෙන්නේ ව්‍යාපාරිකයන් පිරිසක් සතුවයි. එය තමයි මෙම තත්ත්වයට හේතුව.
මේ තත්ත්වය වෙනස් කරන්න මොනවද වෙන්න ඕන?
එයට මම කවදාවත් බනින්නෙ නෑ. රටක විවිධ දේවල් එනවා. එක එක වර්ගයේ ව්‍යාපාර වැඩිවෙනවා. ඒක හොඳ දෙයක්. එමගින් සෑහෙන පිරිසක් ජීවත් වෙනවා. නමුත් මගේ පැත්තෙන් මට දෙන්න පුළුවන් උපරිම දේ සංගීතයේ තියෙන වෙනස් හැඩතලවලින් ඉදිරිපත් කිරීම සිදු කරන්නයි මම උත්සාහ ගන්නෙ. එහි හිඩැසක් තිබේ නම් එය පුරවන්නයි මගෙත් උත්සාහය. එය තමයි විය යුත්තේත්. සමහර නිර්මාණවලට කැමති පිරිසක් ඉන්නව වගේම ඒවාට අකැමති වෙනස් විදියේ නිර්මාණවලට කැමති අයත් සිටිනවා.
පදරචනා ගැන ඇහුවම සමහර පදරචකයන් නම් කියන්නේ කාර්ය බහුල මිනිස්සුන්ට ගැඹුරු පදරචනා අහන්න වෙලාවක් නෑ. එනිසයි සරල පදරචනා ලියන්නෙ කියලයි?
නෑ. මනුෂ්‍ය‘යෙක්ගේ ගැඹුර හදන්න ඕනෙ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය දැනුමක් තිබෙන, වචන පිළිබඳ දැනුමක් තියෙන, සිංහල පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන අයයි. මෑතකදී ලංකාවේ ඉන්න රචකයන්ගේ ගුණාත්මකභාවය වැඩි කරන්න අවශ්‍යයි. මීට කලින් හිටපු නිවේදකයො හරි පරිපූර්ණයි. ඔවුන්ගේ පරිපූර්ණ වචන ඇහෙද්දි පොඩි ළමයෙක් වුණත් ඒ වචන අල්ලගත්තා. මනමේ ගැන රැප්කරල හරි තරුණයන්ට කිව්වා. එහිදී කවුද මේ මනමේ කියන්නෙ කියලා හෙව්වා, ඒ වගේ යම් යම් මාතෘකා ගෙනහැර දක්වන්න පුළුවන් මාධ්‍යයක් තමයි කලාව කියන්නෙ. කතා කරන භාෂාවම නම් ගීතයක තියෙන්නේ ඒක තේරුමක් නෑ. අපි සංගීතඥයන් හැටියට, ගීත රචකයන් හැටියට භාෂාව සහ කියන දේ රසවත් විදියට ගැඹුරකින් කියන්න පුළුවන් නම් එය ලංකාවේ රසිකත්වය ඉහළ නංවන්න ඉවහල් වේවි.
බස් එකේ යනකොට ඇහෙන අයට විතරක් නම් ගීතයක් ලියන්නෙ එහෙම ගීත නිර්මාණය වෙලා තේරුමක් නෑ. නිර්මාණයක් අහලා එය ඇතුළට ගිහින් එහි තියෙන වචන එක්ක ගැඹුරට ගිහින් හදවතේ නිදන්ගත කරගන්න අවශ්‍යයි. ඉස්සර ගීත අපේ හදවත්වල තාම තියෙන්නේ ඒකයි. දැන් ගීත සති දෙකකින් පස්සෙ මතකත් නෑ. ගීතවල වචන මතක හිටින්නෙ නැත්තෙත් එකම වචන ටික හැම ගීතයකම තියෙන නිසයි. එතකොට ඔක්කෝම ගීත පැටලෙනවා. මේ යුගයට වඩා හොඳ ගැඹුරක් තියෙන, සාහිත්‍යමය වටිනාකමක් තියෙන යුගයක් ප්‍රවීණ ශිල්පීන් කලින් හදලා තිබුණා. ඒක දැන් නැතිවේගෙනයි යන්නෙ.
ඔබට පැකේජ් ආරාධනා හෙම ලැබුණෙ නැද්ද?
පැකේජ්වලට ආරාධනා තිබුණට ඒ ආරාධනාවේදී මට ඕන නිර්මාණය නෙවෙයි වෙන්නෙ. එහිදී ඔවුන් මට ගාණක් ඉදිරිපත් කළා. එම නිර්මාණ කරන්න හදන්නෙ මගේ හැඩයෙන් නෙවෙයි. විකුණන්න පුළුවන් විදිහේ දෙයක් විතරයි. එහෙම දෙයක් කරන්න මට බෑ. මං නිර්මාණ කරපු විදියක් තියෙනවා. මට දැනෙන විදියක් තියෙනවා. මට හොඳයි කියල හිතෙන වචන තියෙනවා. එහෙම මට ගැඹුරක් දැනිලා හදන ගීතයට මම ආදරය කළොත් තමයි මට එය ගායනා කරලා රසිකයන්ට දෙන්න පුළුවන්. මම නිර්මාණ තුනක් කළා. නමුත් ඒ එකක්වත් ඔවුන්ගේ වර්ගීකරණයට හසුවෙන නිර්මාණ නෙවෙයි. මම මූල්‍යමය පරමාර්ථ අනුව නෙවෙයි ඒ නිර්මාණ කළේ.
අවසාන වශයෙන් නිර්මාණකරණයට එන අයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
නිදහසේ වැඩකරන්න. විශේෂයෙන්ම දත්ත එක් රැස්කරගත යුතුයි. සංගීතය ඉගෙන ගන්න, වෙනස් දෙයක් කරන්න උත්සාහ ගත යුතුයි. කණට නෑහුන, නොදුටු අලුත් දෙයක් කරන්න. හැමවෙලාවෙම අලුත් දෙයක් හොයන්න. තවද මා සමග සම්බන්ධ වෙන අයට.
www.facebook/gayanthamusic හා www.gayantha.com මගින් සම්බන්ධ විය හැකියි