දරුවන්ගේ ප්‍රසංග කලා කුසලතා හා පෞරුෂත්ව වර්ධනය උදෙසා වයිටලීෆ් ප්‍රසංග කලා ඇකඩමිය විසින් වැඩමුළු කිහිපයක් සංවිධානය කර තිබේ. වයස් කාණ්ඩ දෙකක් යටතේ මෙම වැඩමුළු පැවැත්වේ. මේ අනුව වයස අවුරුදු 5-8 ත් අතර දරුවන් සඳහා අගෝස්තු මස 08 වැනි දිනත්, වයස අවුරුදු 8-14 ත් අතර දරුවන් සඳහා අගොස්තු මස 12 සහ 13 යන දෙදින තුළත් වැඩමුළු සංවිධානය කර තිබේ.
මෙම වැඩමුළු නුගේගොඩ තිලක ගාර්ඩ්න්ස්හි අංක 97/10 දරන ස්ථානයේ පිහිටි වයිට්ලීෆ් ඇකඩමිය තුළ පැවැත්වෙන අතර, වයිට්ලීෆ් ඇකඩමියේ නවතම ශාඛාව ලෙසින් ගම්පහ ප්‍ර‘දේශයේ පිහිටි තුම්රි මියුසික් ඇකඩමි ගොඩනැගිල්ලේදී වයස අවුරුදු 8-14 ත් අතර දරුවන් සඳහා තවත් වැඩමුළුවක් අගෝස්තු මස 26 වැනිදා පැවැත්වේ.
මෙම වැඩමුළු මෙහෙයවනු ලබන්නේ 'දඟමල්ල', 'ඈන්', 'මම වෙනම මලක්' වැනි ජනප්‍රිය හා සම්මානනීය ළමා නිර්මාණ ඉදිරිපත් කළ වයිටලීෆ් ඇකඩමියේ නිර්මාතෘ නාලක ස්වර්ණතිලක විසිනි.
රංගනය, නර්තනය, ගායනය සහ කථනය ආදී ඉදිරිපත් කිරීම් ඔස්සේ දරුවන්ගේ සැඟව ඇති කුසලතා හඳුනාගැනීම හා ඒවා වර්ධනය කිරීම උදෙසා මෙම වැඩමුළුව සැලසුම් කර තිබේ. නායකත්ව ගුණාංග, සංවිධානාත්මක කුසලතා හා පෞරුෂත්ව වර්ධනය උදෙසා පාසල් අධ්‍යාපනයෙන් හෝ අනෙකුත් අමතර පංති සහ අධ්‍යාපනික පාඨමාලාවන්ගෙන් නොලැබෙන සුවිශේෂී ක්‍රියාකාරකම් මේ වැඩමුළුවට ඇතුළත් වේ. වැඩමුළු පිළිබඳ වැඩි විස්තර 0777 577 718 සහ 0712 215 281 යන දුරකථන ඔස්සේ ලබාගත හැක.
වයිටලීෆ් දරුවන්ගේ ඉදිරිපත් කිරීම් රැගත් නවතම නිර්මාණය ලෙස 'සමන් වැලේ මල්' ප්‍රසංගය අගෝස්තු මස 21 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය රඟහලේදී පැවැත්වීමට නියමිතය. මෙය අරිසෙන් අහුබුදු සූරීන්ගේ ළමා ගී වලින් ඔපවත් වන අතර, එය අහුබුදු සූරීන්ගේ තෙවැනි ගුණ සැමරුම වෙනුවෙන් සංවිධානය කරන්නේ අරිසෙන් අහුබුදු පදනමයි.