ජනප්‍රිය බොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් විසින් අකමැත්තෙන් වුවද ගායනා කර ඇති ගීතය මේ වනවිට ගීත දර්ශක වල ඉදිරියෙන්ම රැඳී තිබේ. ඇය විසින් ගායනා කරනු ලැබූ 'හන්ගර් ගේම්ස්' නවතම චිත්‍රපටයේ නිළ ගීතය මේ වනවිට 'ග්‍රැමී සම්මාන උලෙළ' සඳහාද නම් කිරීමට ඉඩ ඇතැයි විචාරකයෝ පවසා සිටිති. රංගන ජීවිතයෙන් සම්මාන සඳහා උරුමකම් කීවත්, ගායන ක්ෂේත්රයට ඇය අමුත්තෙකු විය හැක. කාලෙන් කාලෙට පුවත් මවන්නෙකු වූ මැය, මෙවැනි පුවතක් සඳහා උරුමකම් කීමට හැකිවේයැයි කවුරුත් නොසිතූ දෙයක් විය.
කෙසේවෙතත් ඉදිරියේදී ගායන ක්ෂේත්රයේද සම්මානලාභිනියක් වීමට ඇයට හැකියාව ඇති බව විදෙස් මාධ්‍යයන් සඳහන් කරයි. හන්ගර් ගේම්ස් චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන ග්‍රේස් රෝස් සමග රේඩියෝ ටයිම්ස් සමග කරනු ලැබූ සම්මුඛ සාකාච්ඡාවේදී ඔහු පවසා ඇත්තේ, "ජෙනිෆර්ට මෙම ගීතය ගැයීමට මම හුඟක් කරදර කළා. ඇය මෙම ගීතය ගායනා කරන්න බැහැ කියල ඇඬුවත් එක්ක. ඇය ගීත ගායනයේදී තැතිගන්නවා. එම හේතුව නිසා තමා ඇය ගායනයට අකමැති" යනුවෙනි.
කෙසේ නමුත්, බිල්බෝර්ඩ් හොට් 100 චාර්ට් ගීත දර්ශකයේ 12වැනි ස්ථානයටත්, ඇපල් සමාගමේ, අයිටියුන්ස් ගීතවල 8වැනි ස්ථානයටත් මෙම ගීතය පත්ව ඇත. ජෙනිෆර් ලෝරන්ස් ඇයගේ අනන්‍යතාවට උදාහරණයක් කරගෙන ඇත්තේ ජනප්‍රිය පොප් ගායිකා ටෙයිලර් ස්විෆ්ට්ය.