කලාව විවිධ කෝණ ඔස්සේ රසවිඳීමට හැකියාව ඇති නිසාවෙන්, එකිනෙකාට ආවේණික වූ රසාස්වාදයන් ඔස්සේ බිහිවන නිර්මාණ ලොව විශාල ලෙස ව්‍යාප්ත වී තිබේ. වෘත්තීමය වශයෙන් කලාකරුවෙකු හෝ කලාකාරිනියක ලෙස කටයුතු කරන පුද්ගලයන් වාණිජමය වටිනාකමක් ඇති පුද්ගලයෙකු බවට පත්වන්නේ නිතැතිනි.
විවිධ වූ කලාත්මක හැකියාවන්ගෙන් පරිණත වූ ඔවුනට විවිධ ඇගයීම්ද සිදුකරනු ලබයි. එවැනි කලාකාරිනියක ලෙස Agnieszka Nienartowicz හැඳින්විය හැකිය. ඇය වෘත්තීමය චිත්‍ර ශිල්පිනියකි. ළාබාල වියෙහිදීම ඇය වෘත්තීමය චිත්‍ර ශිල්පිනියක් වීම පිළිබඳව බොහෝ දෙනාට ඇත්තේ කුතුහලයකි. 1991 වසරේ යුරෝපයේ පෝලන්ඩ්හි ගම්මානයක් වන ජෙලීනා ගෝරා නම් කුඩා ගම්මානයේ උපන් Agnieszka පාසල් කාලයේ සිටම කලා නිර්මාණයන් සඳහා යොමුව තිබේ. 2016 වසරේදී ඇය කලාව පිළිබඳව උපාධිය අවසන් කර තිබේ. Master of Fine Arts නම් විෂය ඔස්සේ ඇය නිර්මාණ කලාව පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හදාරා තිබේ. Agnieszka එම කාලයේදී මහාචාර්යවරියක වන Maria Targońska යටතේ චිත්‍ර ශිල්පය පිළිබඳ හදාරා තිබේ. ඉන් අනතුරුව 2011 සිට 2013 දක්වා ඇය පෝලන්තයේ පිහිටි කලා ආයතනයක් ඔස්සේ චිත්‍ර කලාව පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හදාරා තිබේ. මේ අතරවාරයේදී Agnieszka සිය කුළුඳුල් චිත්‍ර ප්‍රදර්ශනය පෝලන්තයේ ’Na górze’ නම් චිත්‍ර ප්රදර්ශනාගාරයේදී පවත්වන ලදී. ඒ 2011 වසරේදීය. ඉන්පසුව ඇය නැවත ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන ලද්දේ 2015 වසරේදීය. එම වසරේදී ඇය චිත්‍ර ප්‍රදර්ශන 04ක් පවත්වා තිබේ.
Agnieszka තම චිත්‍ර තරග සඳහාද ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් 2014 වසරේදී පැවැත් වූ International Higher Education Institution චිත්‍ර තරගයේදී ඇයට තෙවැනි ස්ථානය හිමිව තිබේ. ඉන්පසුව 2015 දී චිත්‍ර තරග තුනක් සඳහා ඇයගේ නිර්මාණයන් එක් කරමින් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්ව තිබේ. 2017 වසරේදී ත්‍රිමාණ ලෙස කරනු ලැබූ චිත්‍රයක් හේතුවෙන් Agnieszka හට පළමු ස්ථානය හිමිව තිබේ. 2017 වසරේ පෝලන්තයේ මෙන්ම ජර්මනියේදී ඇය චිත්‍ර තරග සඳහා තම නිර්මාණයන් ඉදිරිපත් කරමින් ජයග්‍රහණය හිමි කරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2018 වසරේදී ඇය ලන්ඩනය, ඇමරිකාව වැනි රටවල පැවති චිත්‍ර තරග සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කර තිබේ. Agnieszka ගේ දක්ෂතා පිළිබඳව කතා කිරීමේදී ඇයට ඇති ගෞරවය හේතුවෙන් පෝලන්ත රජය විසින් ශිෂ්‍යත්ව 04ක්ද ප්රදානය කර තිබේ. කලාකාරිනියක ලෙස තම රටට හිමිකර දුන් ගෞරවය පිළිබඳව ඇය බොහෝ සෙයින් සතුටට පත්ව සිටින බව පවසා තිබේ. වෘත්තීමය වශයෙන් චිත්‍ර ශිල්පිනියක ලෙස කටයුතු කිරීමේදී Agnieszka බොහෝ සෙයින් පෙළඹෙන්නේ චිත්‍ර අලෙවියට වඩා චිත්‍ර තරග සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමටයි. ඔයිල් පේන්ට් කලාව ඔස්සේ ඇයගේ චිත්‍ර ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර, ලෝකයේ බොහෝ මාධ්‍ය ඇයගේ නිර්මාණ පිළිබඳ කතාබහ කරනු ලැබේ. විශිෂ්ට ගණයේ කලාකාරිනියක වන Agnieszka ගේ නිර්මාණයන් මේ වන විට ලෝකයේ බොහෝදෙනාගේ පැසසුමටද ලක්ව තිබේ.