'හාල් 130යි, පොල් ගෙඩිය 110යි. මොකක්ද මේ වෙලා තියෙන්නේ* මේ අපේ ජනතාව හැමතැනම කියන කතාවකි. මේ දවස්වල අපට නිතරම ඇහෙන්නේ එහෙමය. නමුත් විකල්පය මොකක්ද? අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ හාල් ආනයනය කරන බවය. පොල් අපනයනය කරන බවය. හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් එළවළුද ආනයනය කරන බවය.
යම් හදිසි අවශ්‍යතාවක් ඇතිවුවහොත් භාණ්ඩ ආනයනය කර හෝ වෙළෙඳ පොළ ඉල්ලුමට සරිලන පරිදි භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කර බඩු මිල බැස්සවීම ආණ්ඩුව කළ යුතුය. පසුගිය රජයද මේ දේම කළේය. හාල්, පොල්, කුකුළු මස් හියක් ඇති විය. එවකට වෙළෙඳ ඇමතිව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු හාල්, පොල් හා කුකුළු මස් ආනයනය කළේය. නැව් වරායට පැමිණ ඇති බව පත්තරේ පළවු ගමන් බඩු මිල බැස්සේය. එවැනි උපක්‍රම භාවිත කර බඩු මිල බැස්සවීම ආණ්ඩුවෙන් කළ යුතුය. නමුත් හැමදාම අපි කළ යුත්තේ මෙය නොවේ. අපේ කිසිම කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හෝ අනාගතය පිළිබඳ නිශ්චිතභාවයක් හෝ සැලැස්මක් නැත. හිතන්නේ බඩ පුරවාගන්නේ කෙසේද යන්න පමණකි.
1970දී සිරිමාවෝ බණ්ඩාරනායක හදෙන් හෝ හාල් ගෙනැත් සේරු 2ක් දෙන බව කීවාය. එවකට අගමැති ඩඩ්ලිගේ ආණ්ඩුව වට්ටවා සිරිමාවෝ අගමැති විය. 1977දී ජේ.ආර් ජයවර්ධන ඇට අටක් දෙන බව පොරොන්දු විය. සෑම පවුලකටම ඇට රාත්තල බැගින් ඇට වර්ග අටක් දෙන බව පොරොන්දු විය. ජේ.ආර්ට මැතිනියගේ ආණ්ඩුව පෙරළන්න හැකි විය. 1994දී චන්ද්‍රිකා 3.50ට පාන් දෙන බව කීවාය. මිනිස්සු පෝලිමේ ගොස් චන්ද්‍රිකාට ඡන්දය දුන්නේ 3.50ට පාන් කන්නටය. ලාබෙට කන්න හිතාගෙන ඡන්දය දුන් මිනිසුන් හැරෙන්නට ප්‍රතිපත්තිවලට ඡන්දය දුන් කෙනෙක් සොයා ගැනීමත් කළුනික වගේය.
දේශපාලන වේදිකාවේ ජනප්‍රිය ආහාර ද්‍රව්‍ය ලබාදෙනවා යැයි දුන් පොරොන්දු මේවාය. රාජපක්ෂ ආණ්ඩුව බිඳ දැමීමටත්, බඩු මිල වැඩි වීම හේතුවක් වුණේය. පාඨලී චම්පික හැම රැස්වීමකදීම කීවේ භාණ්ඩ මිල වැඩියි කියාය. රනිල්, හර්ෂ භාණ්ඩ මිල වැඩි යැයි කියමින් පොළේ ගියේය. ජොනී කේරළයෙන් පොල් ආනයනය කිරීමෙන් පසු එදා හිටපු විපක්ෂය කීවේ මේවා මලයාලම් පොල් කියාය. හැබැයි එදා හිටපු විපක්ෂය අද ආණ්ඩුවේය. එදා විවේචනය කළ දෑ අද ඔවුන්ට ප්‍රායෝගිකව කරන්නට සිදු වී ඇත්තේය. එදා භාණ්ඩ මිල වැඩි යැයි කියමින් කෑ ගැසුවත් අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම හා තොග පවත්වාගෙන යාම සඳහා කිසිදු සැලසුමක් ගැන කීවේ නැත. අද කතා කරන්නේද නැත. එදා සිරිමාවෝ මැතිනිය සංවෘත ආර්ථික ක්‍රමය තුළ දේශීය ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් හදන්න උත්සාහ කළාය. හාල් පොලු දකින්නට ලැබිණ. පාන් පෝලිම් දක්නට තිබිණ. ඇත්තටම සිරිමාවෝ උත්සාහ කළේ ඒ ඒ පළාත්වලට ආවේණික නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කිරීමය. පෝලිම්වල සිටි ජනතාවට සිරිමාෙවා් එක්ක යක්ෂාරූඪ විය. දේශීයව ස්වයංපෝෂිත වීම පසෙක තබා තම තමන්ගේ බඩගෝස්තරය ගැන හිතන්නට විය. 77 ජේ.ආර් ඇට අට දෙනවා කියූ ගමන් ජේ.ආර්ට කතිරය ගසා සිරිමාවෝ පන්නා ගත්තේය. එදා අපි ඉවසීමෙන් කටයුතු කළා නම් ලංකාව ඉන්නේ ආර්ථිකය මෙන්ම කෘෂිකර්මාන්තයෙන්ද ඉහළ තැනකය. 1977 දී ජේ.ආර් විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නත්, ඉන්දියාව විවෘත ආර්ථිකය වැලඳ ගත්තේ 1991දීය. විවෘත ආර්ථිකයට ඉන්දියාවට පාර කියන්නේ එවකට හිටපු කොංග්රස් ආණ්ඩුවේ මුදල් ඇමති මන්මෝහන් සිං ය.
ඉන්දියාවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමට ප්‍රථම ලංකාවෙන් ඉන්දියාවට යන අය බෑග් මලු පුරවාගෙන අරන් ගියේ ජපන් කැසට්පටයි. ගුවන් තොටුපළේදීම එම කැසට් විකිණිය හැකි විය. එතරම් ඔවුන්ට භාණ්ඩ හිඟ විය. නමුත් අද ඉන්දියාව එහෙම නැත. ඔවුන් අද කෘෂිකර්මාන්තයෙන් ඉහළම තැනක සිටී. විශේෂයෙන් සහල්, ලොකු ලූනු, පරිප්පු, පොල්, අර්තාපල් යන අත්‍යවශ්‍ය ආහාරවලින් ස්වංපෝෂිතය. එහෙම වුණේ විවෘත ආර්ථිකය හඳුන්වා දී දේශිය ස්වයංපෝෂිත ක්රමයද සාර්ථකව භාවිත කළ නිසාය. ඔවුහු රටේ නිෂ්පාදනය වැඩි කරන්නට සැලසුම් හැදුවේය. නිෂ්පාදන දියුණු කළේය. පර්යේෂණාගාර ඉදිකළේය. පර්යේෂණවලට අවශ්‍ය පහසුකම් ලබා දුන්නේය. දේශීයව නිෂ්පාදන වැඩි කර අපනයන තත්ත්වයට ගෙනාවේය. ලංකාවට වුණේ විවෘත ආර්ථිකය දෙස කට ඇරගෙන බලාගෙන සිටියා මිස, දේශීය නිෂ්පාදන නංවාලීමට කටයුතු නොකර අහක බලා ගැනීමය. ඉන්දියාවටත් කලින් විවෘත ආර්ථික ක්‍රමය භාවිත කළ රටක් වන ලංකාව, අද ඉන්දියාවට වඩා ඉන්නේ බොහොම පහළිනි. අද ඉන්දියාව චන්ද්‍රිකා තනයි, මිසයිල අත්හදා බලයි. නමුත් ලංකාවට අඩුම තරමේ අහස්කූරක්වත් යවා ගැනීමට බැරි වී ඇත.
මේ ගැන අවධානය යොමු කිරීමට දැන් කාලය එළඹ ඇ
. හැමදාම පිටරටින් ගෙනැත් ලාෙබට කන කාලය අවසන් කළ යුතුය. මහා වප් මඟුල් තිබ්බාට කෙරෙන දෙයක් නැත්නම් වැඩක් නොමැත. පහුගිය ආණ්ඩුවේ මහින්දත්, අද මෛත්‍රීත් මඩ ගාගෙන කුඹුරු හානවා මාධ්‍ය‘යෙන් අපි දැක්කෙමු. හැබැයි වප් මඟුලෙන් පසු සිදුවන කිසිම මඟුලක් නොමැත. දැන් කළයුතු වන්නේ මාධ්‍ය ඉස්සරහා නළුවෝ නොවී මොළෙන් වැඩ කිරීමය. නැත්නම් මොළ අල වන්නට වැඩි කල් ගතවන්නේද නැත. අප නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුය. එදා අපි පොල් පිටරට යැව්වේය. හැබැයි අද අපිට පොල් පිටරටින් ගේන්න වෙලාය. පරාක්‍රමබාහු රජතුමා සහල් පිටරට යැව්වේ යැයි තවත් අපි ඉතිහාසය ගැන පම්පෝරි ගසමින් සිටී. පරාක්‍රමබාහුගේ පළාතේ ඉන්න මෛත්‍රීගේ කාලයේ හාල් පිටරටින් ගේන්නේය. මෛත්‍රී ගොවි පුතෙකි. ගොවි පුතෙක් කියා වේදිකාවල සද්දෙ දැම්මාට වැඩක් නැත. විශේෂයෙන්ම කෘෂි පර්යේෂණ සඳහා වැඩි මුදලක් වෙන්කර පර්යේෂණ වැඩි කළ යුතුය. දණ්ඩක් දැම්මත් පැළවෙන රටේ අත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයක් තෝරා ක්‍රමවත්ව වගා කළ යුතුය. අපේක්ෂිත අස්වැන්න හා ඉල්ලුම පරිභෝජනය ගැන දත්ත තබාගෙන මෙය කළ යුතුය. ඒ වගේම පොල් ඉඩම් කට්ටි කර විකුණන කාලයේ පොල් සඳහා මහවැලි ඉඩම් හෝ භාවිත කර වැඩි ඵලදාවක් ලබන පොල් වගා කිරීම ආරම්භ කළ යුතුය. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර වර්ග වගා කෙරෙන නියම වගා සංග්‍රාමයක් අවශ්‍යය.
නිසි ඉදිරි සැලැස්මක් නැති වුවහොත් අගමැතිටත් වන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශ කර කර ඉන්නටය. එබැවින් පර්යේෂණයන්ට හා නියම කෘෂිකාර්මික සැලසුම් හා වගා කිරීම් තුළ ජනතාවට අවශ්‍ය පරිදි සාධාරණ මිල ගණන්වලට ආහාර ද්‍රව්‍ය සැපයීමට අනාගතයේදී හැකිවනු ඇත.
නිපුන් ඒකනායක