නිදහසින් පසු වසර 70ක් තුළ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ එක්තරා ආකාරයක පසුගාමී රටක් බවට පත්ව තිබේ. අපට පසුපසින් සිටි ආසියාවේ රටවල් විශාල සංඛ්‍යාවක් අප පසුකොට සැලකිය යුතු ආර්ථික, සමාජ හා දේශපාලන ප්‍රගතියක් ලබා ඇත. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා කැනඩාව ලොව බලවත් රටවල් බවට පත්ව තිබියදී, අප 1972 ව්‍යවස්ථාවෙන් පළවා හරින ලද ඩොමීනියන් තත්ත්වය ඔවුන්ගේ රටවලට ආශීර්වාදයක් බවට පත්කර ගෙන තිබේ. දැන් අපට පිටුපසින් සිටිනුයේ ජාතිය, ගෝත්‍රය, ආගම හා ජනවර්ගය වෙනුවෙන් සටන් වදින දේශපාලන බලය ඔවුන්ගේ දූෂණය හා පැවැත්ම වෙනුවෙන් යොදවන එකම වට්ටෝරුගත නායකයන් ඒකාධිපතිව පාලනය කරන පොදු රාජ්‍ය මණ්ඩලයේ අප්‍රිකානු රටවල් පමණි.
පසුගිය පළාත් පාලන මැතිවරණය ආණ්ඩු විරෝධී පොහොට්ටු පක්ෂය විසින් 44%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ඉදිරියට ආවේය. මෙම පක්ෂය යනු වසර 10ක් මේ රට අයෝමය හස්තයකින් පාලනය කළ අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු පන්නයේ දේශපාලන, සමාජ, ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන ගිය, එම රටවල මෙන් සිවිල් ආයතන සුන්නත් දූවිලි කළ, චීනය හා එක්ව ආර්ථිකය ගිනි පොලී බැංකුවලට යට කළ, සමාජය, ජාතික ආගමික හා කුල අනුව බෙදා වෙන්කර පාලනය කළ, රටේ ජාතික ආර්ථිකය පාලක පවුලේ කිහිපදෙනෙකු මත කේන්ද්‍රගත කර සාමාන්‍ය ශීලාචාර සිවිල් ජනයා වෙත සුදුවෑන් එවූ, මහමග වියතුන් ඝාතනය කළ, යුද්ධය අවසන් කරගෙන ආ සාමය රටවැසියා යකඩ සපත්තුවට පාගා මර්දනය කර, රටේ සම්පත් තම පවුලේ පැවැත්ම වෙනුවෙන් යැයි සිතමින් ජීවිත භුක්තියෙන් කටයුතු කළ, ඒ වෙනුවෙන් රටේ මූලික නීතිය නැතහොත් ආණ්ඩු ක්‍රමය තමන්ට වුවමනා පරිදි සකස් කරගත් රාජපක්ෂ රෙජිමයයි.
මෙම කණ්ඩායමේ නායකයා මහින්ද රාජපක්ෂ වන අතර, ඔහු හිට්ලර් පියුරේ ජර්මනියට පියා වූ ලෙස සිංහල අපට අප්පච්චි වෙයි. මෙම ජාතිකවාදී පිරිස අප සමාජය තවමත් රෝගී කරමින් ඔත්පල තත්ත්වයට වට්ටවමින් තිබේ. වඳ පෙතිවල සිට ගැමි ලිංගිකත්වයට ආගම සම්බන්ධ වීම දක්වා සියලු ජාතිකවාදී වැඩසටහන් කියාපාන්නේ මෙම රෝගී සමාජ දේහයට රාජපක්ෂවරු ගෙන එනු ලබන දේශපාලන තිත්ත කල්කයයි. ලංකාව බහු වාර්ගික, බහු ජාතික රටක් ලෙස පිළිනොගන්නා රාජපක්ෂවරු මුස්ලිම්, දෙමළ හා කතෝලික ජනයා පිටස්තර ලෙස ජනතාවට පිළිගන්නා ලෙස බල කරයි. එමෙන්ම ඔවුන්ගේ පවුලේ අයගේ ඇමෙරිකානු පුරවැසිභාවයද එම අවස්ථාවේම රැක ගැනීමටද දක්ෂ වේ.
මෙම රෙජිමයේ බරපතළ සතුරා වනුයේ එක්සත් ශ්‍රී ලංකාවක් රටට යෝජනා කරනු ලබන, ජනවර්ග වෙනුවට ශ්‍රී ලාංකිකත්වය උත්කර්ෂයට නන්වන ඔවුන්ගේ සංස්කෘතික වෙනස්කම් පිළිගනිමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් යෝජනා කරනු ලබන, දහසකුත් විරෝධතා හා අපහාස, උපහාස මැද පක්ෂය ජාතික සංහිඳියා මාවතේ ගෙන යනු ලබන රනිල් වික්‍රමසිංහය. පළාත් පාලන මැතිවරණය අවසාන වූ මොහොතේ සිට රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරන්නෝ රාජපක්ෂ රෙජිමයේ අතවැසියෝ හා එම පවුලයි. එයට ප්‍රධානතම හේතුව 2020දී සියලු ජාතීන් දිනාගත හැකි නායකයා රනිල් වන බැවිනි. එසේ නම් රනිල් විරෝධී ප්රමුඛ කණ්ඩායම පොහොට්ටුවෝය. රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි කියන අගමැති ධුරය පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකුට දීමට කැසකවන අනෙක් පිරිස වන්නේ තක්කඩින් හා වට්ටෝරුවෝය. පසුගිය වසර 70 තුළ ලංකාව පාලනය කරන ලද්දේ මෙම වට්ටෝරු නායකයන් විසිනි. එනම් ඔවුන් කුමන පන්තියට අයත් අයෙකු වුවද? කුමන ප්‍රදේශයක් නියෝජනය කළද එකම වට්ටෝරුවට කටයුතු කරන අය වෙති. ඔවුහු ගැමි ගැහැනුන්ගේ ඉඟටියට අත තබති. පිරිමින්ගේ බඩට තට්ටු දමති. ළමයි වඩාගනිති. මිනිසුන් ඇන්දීම, රැවටීම, බොරු කීම දේශපාලන දක්ෂතාවක් ලෙස කල්පනා කරති.
රටට වඩා පක්ෂයට වගකියයි. පක්ෂයට වඩා පවුල ගැන බලයි. මිනිස්සු තමන්ගේ ඡන්දය පාවිච්චි කරද්දී මෙම වට්ටෝරු නායකයන්ට ඡන්දය දීමට කැමත්තක් දක්වති. එසේ මිනිසුන් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි පූර්ව නිගමනයක්ද තිබේ. ඔවුන් පාලනය කළ රට අද විශාල අවුලකි. එම අවුල එකින් එක රනිල් විසින් ලිහමින් තිබේ. එතෙක් ජනතාව තුළ ඉවසීමක් ඇති බවක් නොපෙනේ. නමුත් රනිල් යනු මෙම වට්ටෝරු දේශපාලනයෙන් මිදුණු එකම ජාතික නායකයාය. ඔහුට විරුද්ධ මෙම කඳවුරේ බොහෝ දෙනා එක්කෝ මේ වට්ටෝරු නායකයන්ය. නැතිනම් වට්ටෝරුව සොයන්නෝය. එසේත් නැතිනම් ආණ්ඩුවේ සල්ලි සොරකම් කරන මාධ්‍ය මුදලාලිලාය. නැතිනම් රාජ්‍ය දේපොළ මංකොල්ල කෑමට දතකට මැදගෙන ඉන්නන්ය. මේ සියල්ල මැද රනිල් ජනතාව ලබාදුන් ජනවරමට අනුව කටයුතු කරයි. රටේ ආර්ථිකය ගොඩනැගීම, ප්‍රතිසංස්කරණය සිදු කිරීම ඇතුළු කටයුතු සිදු කරයි. සියලුම ජාතීන්ට ආඩම්බරයෙන් තමන් ශ්‍රී ලාංකිකයන් බවට ලොවට කිව හැකි රටක් ගොඩ නගයි.
2020 එක්සත් ජාතික පක්ෂය තනි රජයක් ගොඩ නැගීමේ පොරොන්දුවට වැඩ කරයි. පොහොට්ටුව දැන් කළ යුත්තේ පළාත් පාලන මැතිවරණ ජනවරම මගින් ලැබූ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන එමගින් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කිරීමය. 2020 ජය ගැනීම එක්සත් ජාතික පක්ෂයේ එකම අරමුණය. පක්ෂයේ තරුණ නායකයන් සටන් වදින්නේ ඒ වෙනුවෙනි. පක්ෂ නායකත්වය කල්පනා කරනුයේ 2020 ජය ගැනීමට නිවැරදි ප්‍රතිසංස්කරණ පක්ෂය තුළ කළ යුතු බවයි. 2020 ජය ගැනීම මෙවර ගම්සභා මැතිවරණය අනුවද අසීරු ඉලක්කයක් නොවේ. නමුත් පක්ෂය එකමුතුව, එක කොඩියක් යට කටයුතු කිරීම අනිවාර්යය කොන්දේසියකි.