'බිට්කොයින්^ (Bitcoin) යනු ප්‍රච්ඡන්න මුදල් ඒකකයකි (Cryptocurrency). එය මේ වන විට අන්තර්ජාලය පාදකව ලොව පුරා ව්‍යාප්ත වූ මුදල් ඒකකයක් බවට පත්ව තිබේ.
'බිට්කොයින්^ යන නම මුලින්ම ඇසීමට ලැබෙන්නේ 2008 වසරේදීය. සතොෂි නකමොටෝ (Satoshi Nakamoto) නම් පුද්ගලයෙකු විසින් එය නිර්මාණය කරන ලද්දේ යැයි සැලකේ. එහෙත් මෙම පුද්ගලයා සැබෑ පුද්ගලයෙකුද යන්න තවමත් අනාවරණය වී නැත. ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ සතොෂි නකමොටෝ යන නමින් පුද්ගලයන් කණ්ඩායමක් ක්‍රියාත්මක වන බවයි.
සාමාන්‍ය මුදල් ගනුදෙනුවලදී එම මුදල් ඒකක පාලනය කිරීම සඳහා මහ බැංකු ආදිය අවශ්‍ය වේ. එහෙත් 'බිට්කොයින්' සඳහා එවැනි කිසිදු මහ බැංකුවක් නොමැත. තනි පරිපාලකයෙකුගේ පරිපාලනයට එය නතු නොවේ. රහස් පරිගණක කේත පද්ධතියක් භාවිත කරමින් ඕනෑම පුද්ගලයන් දෙදෙනෙකු අතර අතරමැදියෙකුගේ සම්බන්ධයකින් තොරව මෙම ඩිජිටල් මුදල් ඒකකය භාවිත කිරීමට හැකිය.
අන්තර්ජාලය මත පාදක වූ මෘදුකාංග පද්ධතියක් මගින් ගනුදෙනු පිළිබඳ සුජාතභාවය සහතික කෙරේ. 'බිට්කොයින්' මගින් දැනට භාවිතයේ තිබෙන මුදල් මිලදීගත හැකිය. එසේත් නැත්නම් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමට පුළුවන. ලොව පුරා ලක්ෂයකට වැඩි සමාගම්, සුපිරි වෙළෙඳ සැල් ආදිය 'බිට්කොයින්' මුදල් ඒකකයක් පිළිගනී. එහෙත් ඇතැම් රටවල %බිට්කොයින්^ භාවිතය නීතියෙන් තහනම්ය.
තායිවානය, දකුණු කොරියාව, බංග්ලාදේශය, බොලිවීයාව, වියට්නාමය, කොළොම්බියාව, රුසියාව, තායිලන්තය වැනි රටවල් ගණනාවක් 'බිට්කොයින්' භාවිතයට එරෙහි වී ඇත. එහෙත් යුරෝපා සංගමය සහ ජී-7 කණ්ඩායමේ රටවල %බිට්කොයින්^ සඳහා නෛතික පිළිගැනීමක් ලබාදී තිබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී පෙනී ගියේ ලොව පුරා පුද්ගලයන් මිලියන 5.8කට ආසන්න පිරිසක් බිට්කොයින් භාවිත කරන බවයි.
මේ වනවිට 'බිට්කොයින්' එකක වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් 2,880,723.23ක් වේ. එම වටිනාකම දිනෙන් දින වෙනස් වන්නකි. මෘදුකාංග පද්ධතිය අනුව උපරිම වශයෙන් නිර්මාණය කරගත හැක්කේ %බිට්කොයින්^ මිලියන 21ක් පමණි. අතීතයේදී රන් සහ වෙනත් වටිනා ලෝහවලට වටිනාකම ලැබුණු ආකාරයෙන්ම සීමාසහිත වටිනාකමක් බිට්කොයින්වලට ලැබේ. නමුත්, බිට්කොයින් එකක් 1⁄100000000ක් දක්වා කුඩා ඒකකවලට බෙදිය හැකි වන අතර, ඉතා කුඩා මිල ගණන් පවා ගෙවීමට හැකිය.
බිට්කොයින් මගින් ගනුදෙනු කිරීමේදී ක්‍රෙඩිට්කාඩ් ආදියෙන් කෙරෙන ගනුදෙනුවලදී මෙන් කොමිස් මුදල් කපා ගැනීම් සිදුනොවීම විශේෂත්වයකි. එහෙත් ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ බිට්කොයින් මේ වනවිට සූදුවක තත්ත්වයට පරිවර්තනය වී ඇති බවයි. එහි වටිනාකම ඉහළ පහළ යෑම ඉතා කෙටි කලක් තුළ සිදුවන බැවින් ඕනෑම මොහොතකදී තමන් සතුව නැති වී යා හැකි බව Grant Sabatier වැනි විශ්ලේෂකයෝ පවසති.