'බියර් මිල අඩු කරලා, අරක්කු වැඩි කරලා බාර් එකකට ගියා මෙන්න ක්ෂණිකව වැඩි කරලා. බියර් අඩු කළාද ඇහුවම තවම නෑ කිව්වා* මේ දිනවල අපේ හිතමිත්‍රාදීන් මෙන්ම මුහුණු පොතෙහි (facebook) සිදුවන සංවාදයයි. නමුත් අප කතා කරන්නට යන්නේ බියර් මිල අඩු වීම හොඳයි කියන්නටවත්, අරක්කු මිල වැඩි කළා කියන්නටවත් නොවේය. කතා කරන්නේ වෙළෙන්දන් මිල වැඩි කළ භාණ්ඩයේ මිල ක්ෂණිකව ඉහළ දමන අතර, මිල අඩු කිරීමක් කරන්නේ නම් එය සිදුකරන්නේ බොහෝ ඉබි ගමනිනි. &මේකට විසඳුමක් නැද්ද? කාටද මේවා කියන්නේ. හෙණ ගහන වැඩක්නේ* මේ මිනිස්සු කියන කතාය.
2003 අංක 9 දරන පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනතින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටු වන්නේ පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම සඳහාය. මේ උක්ත පනත නිර්මාණය වන්නේ 1979 අංක 01 දරන පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත 1987 අංක 01 දරණ සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා පනත හා 173 වැනි අධිකාරිය වූ මිල පාලන පනත යන ත්‍රිත්වය මුල්කර ගනිමිනි. මිල පාලනය කිරීම, ප්‍රමිතිය සොයා බැලීම, කල් ඉකුත් වූවාද නැද්ද සොයා බැලීම, මිල දර්ශන ගැන සොයා බැලීම ඇතුළු අප සාමාන්‍ය ජනතාව පාරිභෝගික අධිකාරිය ගැන දන්නේ මේ ආකාරයෙනි. නමුත් මෙවැනි කරුණු කාරණාවන්ට අමතරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවරුණු වගකීම් රාශියක් ඇත. නමුත් එම වගකීම් නිසි ආකාරව ක්‍රියාත්මක ෙවනවාද යන්න ගැටලුවකි.
පාරිභෝගික අධිකාරියේ ඉතිහාසය ගැන සොයා බැලීමේදී 2003 අංක 01 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටු වූවත් එය නිසි ආකාරව ක්‍රියාත්මක වන්නේ 2004 වර්ෂයේ සිටයි. මිල පාලනය කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය සක්‍රීයව කටයුතු කළ යුතු වුවත් 2004 - 2010 දක්වා එහි කටයුතු සිදු වූයේ යම් මන්දගාමී ස්වරූපයෙනි. විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය සිදුකරනු ලබන වැටලීම්, මිල පාලන කටයුතු මෙන්ම පාරිභෝගික ආරක්ෂාව සඳහා යොදාගත හැකි සක්‍රීය මෙවලමකි. 2010දී පටන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දීපව්‍යාප්ත වැටලීම් රාශියක් සිදුකරන ලදී. විශේෂයෙන්ම 2010 සහ 2014 යන කාලවලදී සිදුකළ මහා පරිමාණ වැටලීම් ගැන අපට නිතර අසන්නට දකින්නට ලැබුණි. ඒ සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහාය.
ඩයි යොදා සැකසූ පරිප්පු කිලෝ ලක්ෂ 4 ¼ අල්ලයි
කෝටි 50 ක් වටිනා හොර ඖෂද ගබඩාවකින් අල්ලයි
රසායනිකයන් භාවිත කළ පලතුරු කිලෝ 75,000ක් පාරිභෝගික අධිකාරිය සොයා ගනියි.
එකල මුද්‍රිත මාධ්‍යවල ප්රමුඛ පුවත ලෙස තිබූ පුවත් කිහිපයක මතකයන්ය. එක් වර්ෂයකදී පාරිභෝගික පනත උල්ලංඝනය කළ වෙළෙඳුන් 36,000කට පමණ නඩු දැමීමට එකල හැකි විය. එබැවින් පාරිභෝගික අධිකාරිය පිළිබඳව ගෞරවයක් ජනතාව තුළ ඇති විය. එබැවින් වෙළෙඳුන්ටද වැරදි කරන්නට බැරි විය. වෙළෙඳ පොළ තුළ විනයක් තිබිණි. එදා ජොනී වෙළෙඳ අමාත්‍යවරයා ලෙස යහපත් කාර්යයක් ඉටු කළේය. අක්‍රීයව තිබූ පාරිභෝගික අධිකාරිය නැවත සක්‍රීය කළේ ජොනීය. වෙළෙඳ සැල්වල අද මිල දර්ශනයක් හෝ ගැස්ස වීමට හැකි වූයේ ජොනී හා පාරිභෝගික අධිකාරිය නිසාය. ජොන්ස්ටන් පාරිභෝගික පනත සංශෝධනය කරන්නට උත්සාහ කළද, 2015 මැතිවරණය පරාජය වීමත් සමග එය කරගන්නට නොහැකි විය. අද වනවිට පාරිභෝගික අධිකාරිය සතුව ඇති ගෞරවය යම් ප්‍රමාණයකට ක්ෂයව ගොස් ඇත. 2010-2014 කාල සීමාවක කොළඹ ප්‍රසිද්ධ නයිට් කඩයක සිගරට්ටුවක් ඉල්ලූ විට එම නයිට් කඩ හිමියා සිගරට්ටුව ලබාදුන්නේ පැවති මිලට වඩා රුපියල් 05ක් වැඩියෙනි. පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනවා යැයි පැවසූ විට චණ්ඩි මුදලාලි තැති ගත් ආකාරය තවමත් මතකය. නමුත් ඊයේ දිනයේදී මා කඩයට ගොඩ විය. එහි තට්ටුවක තිබුණේ කල් ඉකුත් වූ යෝගට්ය. එතැන සේවිකාවකට මා පැවසූවේ &මෙය කල් ඉකුත් වෙලා පාරිභෝගික අධිකාරියෙන් ආවොත් කචල් නේද* සේවිකාව මගේ කතාව තඹ සතයකට ගණන් ගත්තේ නැත. “ආවොත් බලමුකෝ ඕව මොනවද?* ඇයගේ පිළිතුරය. කාලය මැව් වෙනසක අරුමය. එදා සහ අද තත්ත්වය ගැන විනිශ්චය කර ගැනීමට මට හැකි විය.
පෙර පැවති තත්ත්වයට වැටලීම් සිදුකිරීම පාරිභෝගික අධිකාරිය කළ යුතුය. ඒ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව උදෙසාය. ඒ සඳහා පුළුල් ප්‍රචාරයක්ද මාධ්‍ය හරහා ලබාදිය යුතුය. නැතිනම් පාරිභෝගික අධිකාරිය කරන දෙයින් වැඩක් නැත. ජනතාවට පාරිභෝගික අයිතිවාසිකම් හා පනත පිළිබඳව දැනුවත් කිරීම් කළ යුතුය. විශේෂයෙන්ම 2010 - 2014 කාල සීමාවේදී නීතිවිරෝධී වෙළෙඳුන්, මහා පරිමාණ ජාවාරම් ගැන තොරතුරු දෙන්නවුන් බොහෝදෙනෙකු සිටියහ. තොරතුරු සපයන්නන්ගේ ජාලය එකල ශක්තිමත්ව තිබිණ. වර්තමානයේදී එම තොරතුරු සපයන්නන් නැත්තටම නැතිවී ඇතැයි පාරිභෝගික අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එබැවින් එය ශක්තිමත් කරගත යුතුය. පාරිභෝගික අධිකාරියේ පරිපාලනයේ ඇති දුර්වලතාද එමටය. සුදුසුකම් ඇති නිලධාරීන් බඳවාගෙන පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කළ යුතුය. තවද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් 2010 වන විට සිටියේ අඩු පහසුකම් ඇති තත්ත්වයකය. 2014වනවිට බොහෝ පහසුකම් ලබාදීමට එවකට වෙළෙඳ ඇමතිට හැකි විය. දැන් කළ යුත්තේද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට විශේෂයෙන්ම ක්ෂේත්රයේ සිටින විමර්ශන නිලධාරීන්ට (investigation officer) අවශ්‍ය පහසුකම් ලබාදීමයි. පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කිරීමෙන් ආරක්ෂා වන්නේ පාරිභෝගිකයාය. අපි හැමෝම පාරිභෝගිකයන්ය. ජනාධිපති, අගමැතිද පාරිභෝගිකයෝය. ඇමතිලා, මන්ත්‍රීලාද පාරිභෝගිකයෝය. නිලධාරීන්, සාමාන්‍ය සේවකයාද පාරිභෝගිකයන්ය. අපි කුණු කෑම කන්නට කැමති නැත. ඩයි, රසායනිකයන් දාපු කෑම කන්නට කැමති නැත. සාධාරණ මිල අඩු වැඩි කිරීම්වලට කැමතිය. වෙළෙඳ පොළ විනයගරුක වනවාට කැමතිය.