ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පැවැත්වීමට යෝජනා කෙරුණු සාකච්ඡාව පිළිබඳ සමස්ත ලෝකයේම අවධානය යොමු වූයේ අන් කවර හේතුවක් හෝ නිසා නොව මෙම රාජ්‍යයන් දෙකම න්‍යෂ්ටික බලවතුන් වන නිසාය. න්‍යෂ්ටික අවි මේ වනවිට ලෝක දේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට පත් වී තිබේ.
දැනට නිල වශයෙන් ගණන් බලා ඇති පරිදි ලෝකයේ ඇති න්‍යෂ්ටික අවි සංඛ්‍යාව 14,900කි. එම න්‍යෂ්ටික අවි සංඛ්‍යාව බිලියන ගණනක් මිනිසුන් මරා දැමීමට ප්රමාණවත්ය. ලෝක ඉතිහාසයේ තවමත් න්‍යෂ්ටික අවි භාවිත වී ඇත්තේ දෙවරක් පමණි. ඒ අවස්ථා දෙකේම න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඒ දෙවැනි ලෝක යුද්ධයේදීය. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන නුවර දෙකට එල්ල වූ එම ප්‍රහාරවලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දීර්ඝ කාලයක් මුළුල්ලේ මිය ගියහ.
එනයින්, න්‍යෂ්ටික යුද්ධයක් යනු ජීව හිතෛෂී කිසිවෙකුත් විසින් පැතිය යුතු දෙයක් නොවේ. ලෝකයේ න්‍යෂ්ටික අවි ඇති ප්‍රධානම රටවල් දෙක වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාවයි. එම දෙරටේ සමස්ත න්‍යෂ්ටික අවිවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් ඇත. රුසියාවේ සහ ඇමෙරිකාවේ න්‍යෂ්ටික අවිවලින් පමණක් ඇති කළ හැකි බලය මිනිත්තුවකදී පොළොව මතට වැටෙන සූර්ය ශක්තියෙන් 10න් එකකට සමාන වේ. ඇමෙරිකා එක්සත් ජනපදය සතු බී-83 නමැති න්‍යෂ්ටික බෝම්බයෙන් පැය 24ක් ඇතුළත මිනිසුන් ලක්ෂ 14ක් මරා දැමිය හැකි යැයි ගණන් බලා තිබේ. තවත් ලක්ෂ 37ක් පමණ තුවාල සිදු විය හැකිය. එහි විකිරණ බලය කිලෝ මීටර 13ක් දුරට විහිදී යයි. තවත් පිරිසක් දීර්ඝකාලීන බලපෑම් හමුවේ මිය යනු ඇත.
ලෝකයේ සෑම රටකටම න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට අයිතියක් නැත. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ න්‍යෂ්ටික අවි පාලනය කිරීමේ ගිවිසුමක් 1960 දශකයේදී ඇති කර ගැණින. ඒ අනුව, න්‍යෂ්ටික අවි තබා ගැනීමේ වරප්‍රසාදය නිල වශයෙන් ඇත්තේ ඇමෙරිකාව, රුසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ චීනයටයි. එහෙත් උතුරු කොරියාව මෙම ගිවිසුම නොතකා තමන්ගේ අභිමතය පරිදි න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කර ගත්තේය. ඒ නිසා විශාල වශයෙන් සම්බාධක පැනවීම් සිදු කෙරුණද උතුරු කොරියානු මතය මෑතක් වන තුරු වෙනස් වී නැත. 2018 නව අවුරුදු පණිවුඩය යොමු කරමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් පැවසුවේ ඇමෙරිකාවේ ඕනෑම තැනකට විදින්නට හැකි න්‍යෂ්ටික අවි තමන් සතු බවයි. ඒ අනුව කිලෝමීටර් 13,000ක් දුරට විදිය හැකි න්‍යෂ්ටික අවි ඔවුන් සතු වේ.
ට්‍රම්ප්, කිම් ජොන් උන් හමුවක් සැලසුම් කළ පරිදි සිදු වුවද නොවුවද න්‍යෂ්ටික අවි ගොඩගසා ගැනීම මිස ඒවා ඉවත දැමීමක් සිදු නොවනු ඇත. ජාතික රාජ්‍යයන්ගේ අනාගත ආරක්ෂාව පිළිබඳ ප්‍රතිමානය (norm) වන්නේ න්‍යෂ්ටික අවියයි. එහි චෝදනාව එල්ල විය යුත්තේ ලෝක පැවැත්ම වියුක්ත ලෙස විග්රහ කරමින් ගොඩනගන ලද නූතන විද්‍යාවටයි. මෙම විද්‍යාව පවතින තුරු මේ ලෝකය ආරක්ෂිත තැනක් නොවේ.
දර්ශන අශෝක කුමාර