ලලිත් ඇතුලත්මුදලි ඇමතිවරයා 1981දී පුද්ගලික ඔප්පුවක් මගින් මහපොළ භාරකාර මණ්ඩලය පත්කළ අවස්ථාවේදී ඔප්පුවේ සඳහන් කර තිබුණේ &දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ප්‍රධාන සාධකය අධ්‍යාපනය යන්නයි* යනුවෙනි. 2002දී ලෝක බැංකුවද දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ප්‍රධාන සාධකය අධ්‍යාපනය බවට පිළිගෙන විශාල අධ්‍යාපන ක්‍රියාදාමයකට අරමුදල් සැපයූයේය.
ලෝක බැංකුව දරිද්‍රතාව නැති කිරීමේ මාර්ගය අධ්‍යාපනය බවට හඳුනා ගන්නා විට ලලිත් ඇතුලත්මුදලි එය හිතලා ක්‍රියාත්මක කරත් අවසානය. එදා අපට හිටපු දේශපාලඥයන් එහෙමය. නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලාය.
ලංකාව තවමත් දියුණුවේ හිනි පෙත්තට ළඟා නොවන්නට හේතු දෙකක් ඇත. එක දූරදර්ශී දේශපාලඥයන්ගේ හිඟකමය. අනෙක ජනතාව වෙනුවෙන් කැපවුණු දේශපාලඥයන්ගේ ගමන යන මාර්ගයේ වළවල් කපා ගමන අඩාළ කිරීමය.
එදා දේශපාලඥයන් ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් කරපු කැපකිරීම් අද දකින්නට නැත. ඒ වගේම රට ඉදිරියට ගෙන යන නිශ්චිත වැඩපිළිවෙළක්ද නැත. දුර දකින නුවණක්ද නැත.
මෙරට සංවර්ධනය කිරීම වෙනුවෙන් සිරිමාවෝ බණ්ඩාරනායක විශාල කැපකිරීමක් කළේය. ඇය ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කරමින් තමුන්ගේ දේපොළ රජයට පවරා දුන්නේය. එකල ධනපතියන් අතේ අක්කර දහස් ගණන් ඉඩම් පැවතුණි. සිරිමාවෝ කළේ තමන්ට හිමිව තිබූ ඉඩම් අක්කර දෙදහස් ගණනක් රජයට ලබා දීමය. ඒ පනතට අනුව අක්කර 50ක් පමණක් තමන් සන්තකයේ තබා ගනිමිනි. සිරිමාවෝගේ ඉඩම් පනතට අනුව ඕනෑම පුද්ගලයෙකු සතුව තබාගත හැකි වූයේ ඉඩම් අක්කර 50ක් පමණි. සිරිමාවෝ ඒ කැපකිරීම කළාය. ඒ වගේම ඇය සංවෘත ආර්ථික ක්‍රමයක් හඳුන්වා දුන්නේය.
එදා වාමාංශිකයන් වූ කොල්වින් ආර් ද සිල්වා එන්.එම්.පෙරේරා ආදී අමාත්‍යවරු සංවෘත ආර්ථික ක්‍රමය ඉදිරියට ගෙන යෑමට කටයුතු කළහ. සංවෘත ආර්ථික ක්‍රමය මෙරටට හඳුන්වා දුන්නේ දේශීය ආර්ථිකය ස්වයංපෝෂිත කරන්නටය.
හාල් පොල්ල, මිරිස් පොල්ල, පාන් පෝළිම් ගැන ජනතාව එදා කතා කළහ. එදා මේ සංවෘත ආර්ථිකය ක්‍රියාත්මක වූවා නම් අද වන විට මේ රට ස්වයංපෝෂිතය. මොකද අඩුම තරමින් ගෙදර එළවළු ටිකවත් හදා ගන්න ඉඩ තිබුණේය. තමන්ගේ ප්‍ර‘දේශයේ, පළාතේ කෘෂි කර්මාන්තය වගේම නිෂ්පාදනද ඉහළ යන්නට ඉඩ තිබුණේය. නමුත් දේශපාලඥයන් මෙන්ම නිලධාරීන්ද හරියට මෙම සංවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කළේ නැත. රටට කලින් බඩ ඉස්සර විය.
ජේ.ආර්.ජයවර්ධනට මෙය හොඳ දේශපාලන තුරුම්පුවක් විය. ජේ.ආර්.කිව්වේ සිරිමාවෝ ආණ්ඩුව මිනිස්සුන්ට කන්නවත් දෙන්නෙ නෑ කියලාය. ඒ වගේම ඇට අට දෙන බවට පොරොන්දු විය. ජනතාව ඉන්නේ පීඩනයෙන් බව පැවසුවේය. එමෙන්ම පීඩනය වෙනස් කරන්නට වරමක් ජනතාවගෙන් ඉල්ලුවේය.
සිරිමාවෝ පරාජය කරමින් ජේ.ආර් ජය ගත්තේය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජේ.ආර්.ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් වූයේය. ජේ.ආර් කළේ විවෘත ආර්ථිකය හදුන්වා දීමය. විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමත් සමගම භාණ්ඩ සුලබ කරවීය. අම්මලා, තාත්තලා, මාමලා, නැන්දලා අදත් කියන්නේ ජේ.ආර් දින්නට පස්සේ පිටරටින් ගෙනාපු ඇපල් පාරෙත් වික්කා කියාය. ඒ වගේම චුයින්ගම් පවා එදා ගෙන්නුවා කියාය. අපට වැරදුනේ එතැනය.
මෙය රටේ හැරවුම් ලක්ෂයකි. එදා ජේ.ආර් කළේ විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදී ආනයනයන් වැඩි කිරීමය. භාණ්ඩ සුලබ කිරීමය. ජේ.ආර්ට වැරදුනේ එතැනය. විවෘත ආර්ථිකය මගින් කරන්නේ භාණ්ඩ පිටරටවලින් ගෙන්වීම පමණක් බව ජේ.ආර්ට වැටහුණේ නැත. විවෘත ආර්ථිකය මගින් ආනයනයන් වගේම අපේ රටේ දේවල්, නිෂ්පාදන අපනයනය කිරීමත් කළ යුතුව තිබිණි. නමුත් එහෙම වුණේ නැත. සංවෘත ආර්ථිකය ඔස්සේ ගොඩ නැගී තිබුණු වීවින් කර්මාන්තය පවා කඩා වැටුණේය. දේශීයව නිෂ්පාදනය කළ රෙදිපිලි නැත්තටම නැති වී ඇඳුම් පැලඳුම් ආනයනය කරන්නට පටන් ගත්තේය. ඒ වගේම ජනසතු කර තිබූ වතු කර්මාන්තය වගේම තවත් ලාභ ලබමින් තිබූ කර්මාන්ත රැසක් නෂ්ටව ගියේය. විදේශ විනිමය විශාල වශයෙන් මේ රටට අහිමි විය.
විවෘත ආර්ථික ක්‍රමයෙන් රට විනාශයට යන බව යන්තමින් හෝ තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්තේ ආර්. ප්‍රේමදාස, ලලිත්ලා හා ගාමිණීලාය. ප්‍රේමදාස ඇඟළුම් කර්මාන්ත ශාලා පටන් ගත්තේය. ඇඟළුම් පිටරට යවන්නට පටන් ගත්තේය. උදාගම් හා ගම් උදාව වැඩසටහන් පටන් ගත්තේය. දරිද්‍රතාව නැති කිරීමට %ජනසවිය^ පටන් ගත්තේය. දේශීය ව්‍යාපාරිකයන්ට උදව් කළේය.
දිනක් ප්‍රේමදාස අලුයම ගම් උදාවක ඇවිදිමින් සිටියේය. එහිදී ඔහුට සපත්තු ව්‍යාපාරික කාන්තාවක හා පුද්ගලයෙකු මුණගැසුණේය. &මොකද අද පාන්දරම වැඩ පටන් අරන්* ප්‍රේමදාස ඇසුවේය. &උදෙන්ම නැගිටලා සපත්තු හැදුවොත් ටිකක් වැඩිපුර හදලා විකුණාගන්න පුළුවන්* යැයි ඔවුන් කීවේය. &හොඳයි ගම් උදාව ඉවර වුණාට පස්සේ කොළඹ ඇවිත් සුචරිතේදී මාව අහවල් දවසේදී හම්බ වෙන්න* ප්‍රේමදාස එම ව්‍යාපාරික යුවළට තමා හමුවන ලෙස දින ලබා දුන්නේය. එම ව්‍යාපාරික යුවලද ප්‍රේමදාස මුණගැසුණේය. &ඔබලාට අවශ්‍ය මොනවාද* යනුවෙන් ප්‍රේමදාස ඇසූ විට ඔවුන් කීවේ ණය මුදලක් ලබාදෙන ලෙසයි. එදා ප්‍රේමදාස ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ නිලධාරීන්ද එතැනට ගෙන්වා තිබුණේය. වහාම ණයක් අනුමත කළ අතර අද වන විට එම ව්‍යාපාරික යුවල ලංකාවේ ඉහළින්ම වැජඹෙන පාවහන් නිෂ්පාදකයන්ය. එදා දේශපාලඥයන් දුර දැක්කේ එහෙමය. ප්‍රේමදාස යුගයෙන් පසුව මහින්ද රාජපක්ෂගේ කාලය පුරා තිබුණේ අජිවී ආණ්ඩුවකි. චන්ද්‍රිකාට භූමිකාවක් තිබුණේ නැත. අලුතින් දේවල් හිතුවේ නැත. රාජපක්ෂ දෙවැනි කාර්තුවේදී සංවර්ධන සැලසුම් තිබුණේය. නමුත් අද රටට වෙලා තියෙන්නේ ආපසු ගමනකි. ඒ දූරදර්ශී නායකයන් නොමැතිකමිනි.
වත්මන් දේශපාලන ප්රවණතාවන්ට අනුව තමන්ගේ බලය පවත්වාගෙන යනවාට වඩා දෙයක් සිදු වන්නේ නැත. මාධ්‍ය වාර්තා බැලුවොත් මේ කාලවකවානුව පුරාම වාර්තා වන්නේ දේශපාලන අර්බුද ගැන පමණි.
දූරදර්ශී නායකයන්ට වඩා බඩගෝස්තරය රැක ගැනීමට දේශපාලඥයන් කටයුතු කිරීම හරහා සිදු වන්නේ විශාල අනර්ථයකි. විවෘත ආර්ථිකයෙන් ගොඩ ගිය දියුණු වූ රටවල් ඕනෑ තරම් ඇත. ඉන්දියාව, ලිබියාව, චීනය විවෘත ආර්ථික ක්‍රමය වැලඳ ගත්තේ අපට බොහෝ කාලයකට පසුවය. නමුත් ඔවුන් ඉන්නේ අපට හාත්පසින්ම ඉදිරියෙනි. ඒ ඔවුනට නිසි කළමනාකාරීත්වයක් තිබෙන නිසාය. රට ගැන හිතන දූරදර්ශී දේශපාලඥයන් සිටින නිසාය. ඔවුන් රස්සාවක් ලෙස නොව සේවයක් ලෙස දේශපාලනය කරන නිසාය. සල්ලි තියෙනවා නම් අපේ රටේ ඕනෑම අයෙකුට දේශපාලනය කරන්නට පුළුවන්ය. මෙය වෙනස් විය යුතුය.
තාමත් අපි දුවන්නේ පරණ ආර්ථික ක්‍රමවල දිගුවන් ඔස්සේය. දැන් අලුතින් හිතන්න ඕනෑ කර තිබේ. අලුතින් හිතන වැදගත් දේශපාලඥයන් අවශ්‍ය කර තිබේ.
නිපුන් ඒකනායක