හේවිසි සද්දෙයි, පිරිත් කියන එකයි නවත්තන්න පුළුවන් නම් බෞද්ධාගම නැති කරලා මේ රට කතෝලික රටක් කරන්න පුළුවන්* මෙහෙම කිව්වේ ඉංග්‍රීසි පාලන කාලයේ ලංකාවේ බෞද්ධයන් කතෝලික කරන්නට පැමිණි පාදලි උන්නාන්සේ කෙනෙකි.
පසුගිය කාලයේදී ලංකාව නිරාගමික එසේත් නැතිනම් අනාගමික රාජ්‍යයක් කිරීමට දේශපාලනික හා විවිධ සංස්කෘතිවලින් අතරමං වී සිටින කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ උත්සාහ කරනු දකින්නට ලැබිණි. මෙසේ නිරාගමික රාජ්‍යක් බවට පත්කිරීමට හෝ බෞද්ධාගම ලංකාවෙන් තුරන් කිරීමට උත්සාහ කළේ අද ඊයේක සිට නොවේය.
1505 පෘතුගීසි ජාතික ලොරෙන්සෝද අල්මේදා ලංකාවට පැමිණි පසුව පෘතුගීසීහු ලංකාවේ මුහුදුබඩ ප්‍ර‘දේශ අත්පත් කර ගත්හ. පෘතුගීසීහු ලාංකිකයන් කතෝලිකකරණය කිරීම සිදු කළහ. විශේෂයෙන්ම පෘතුගීසීහු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ මුඛ්‍යතම පූජනීය ස්ථානයක් වූ කැලණි විහාරය විනාශ කළහ. පුරාණ වාර්තාවල සඳහන් වන්නේ කැලණි විහාරය විනාශ කළ පෘතුගීසීන් එහි තිබූ වස්තුව කැලණි ගඟට දැමූ බවයි. නමුත් පෘතුගීසීන්ට බෞද්ධාගම තුරන් කිරීමට නොහැකි විය.
ඕලන්ද පාලන සමයේදීත් මෙලෙස සිදුවිය. සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කිරීමෙන් පසුව එහි අංකූර 08ක් හටගෙන එයින් බෝධීන් වහන්සේ අටනමක් හැදී වැඩිණි. මේ අෂ්ඨඵල බෝධීන් වහන්සේලා ලංකාවේ ප්‍ර‘දේශ 8ක රෝපණය කෙරිණි. ඒ වගේම අනුරාධපුර දෙතිස්ඵල බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක් කොළඹ ආදුරුප්පු වීදියේ කන්ද මුදුනේ තිබූ මහ විහාරයේ රෝපණය කෙරිණි. පසු කාලයකදී ඕලන්ද ජාතිකයන් මෙම විහාරය බිමට සමතලා කර %වුල්ෆෙන්ඩාල්^ පල්ලිය ඉදි කළේය. මේ වුල්ෆෙන්ඩාල් පල්ලියේ ලාංකිකයන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම ජයටම කෙරිණි. මෙහිදී ක්‍රිස්තියානි ආගමට හැරෙනවා නම් පිරුවාණා පොත් වහන්සේ පාගා ගෙන පල්ලිය ඇතුළට යා යුතුව තිබිණි.
මෙවැනි දෑ සිදුකළද ඕලන්දයන්ට බෞද්ධාගම අතුගා දැමීමට හැකිවූයේ නැත. ඉංග්‍රීසින්ද එහෙමය. ඉංග්රිසීහු බෞද්ධාගමට දැඩිව ප්‍රහාර එල්ල කළහ. සංඝයා වහන්සේලා ඝාතනය කළහ. විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ට පහරදීමට අනෙක් ජාතීන් ඔවුහු පාවිච්චි කළහ. පෘතුගීසීන් හා ලන්දේසීන් ඇඟේ හයියෙන් කිරීමට උත්සාහ කළ දේ ඉංග්‍රිසීන් මොළෙන් කරන්නට විය. එවකට මහ ජාතියව තිබූ සිංහලයන් හා සම වන්නට සුළු ජාතීන්ට ඔවුහු ඉඩ වෙන්කර දුන්හ. කොල්බ_ක්, මැනිං, මැකලම් ප්‍රතිසංස්කරණවලදී මහ ජාතිය තීන්දු ගැනීමේ ක්‍රියාවලියේදී පහත් තැනකට ඇද දැම්මේය.
සිංහල ඉතිහාසය විජය කුමාරයාට පමණක් සීමා කිරීම නිසා බොහෝ සිංහලයන්ට අපට ඉන් ඔබ්බට ඉතිහාසයක් ඇති බවට වැටහෙන්නේ නැත. මෙරට තිබූ ඉතිහාසය මහාවංශය විසින් අමතක කර තිබේ. මානෑවේ විමලරතන හිමියන් උපුටා පළකළ වරිග පූර්ණිකාවේ කොටස්වලින් හා වෙනත් ඵෙතිහාසික ස්ථානවල කැණීම් කිරීමේදී හමු වූ කරුණු කාරණා හා සාධක අනුව විජය කුමාරයා මෙහි පැමිණෙන විටත් මෙරට බෞද්ධාගම තිබූ බවට කියැවේ. කුවේණි නමින් හැඳින් වූ පාලිකාවගේ මව රත්නාවලී නමින් ප්‍රසිද්ධ රහත් තෙරණියක් බවටද කියැවේ. නමුත් ලංකාවේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්රන්ථවලට අනුව මහින්දාගමනයෙන් පසුව බෞද්ධාගම මෙරට ප්රතිශ්ඨාපනය වී තිබේ. ඉන් අනතුරුව ලංකාවේ සංස්කෘතිය ගොඩ නැංවෙන්නේ බෞද්ධ සංස්කෘතික පදනමක් මුල් කරගෙනය. බෞද්ධ රජ දරුවන්ට එකල රාජ්‍ය පාලන තන්ත්රය ගෙන යෑමට උපදෙස් දුන්නේ මහා සංඝරත්නයයි. රාජ්‍ය පාලනය කෙසේ වෙතත් කෙනෙකු මියගිය පසු පාංශකූලය ලබා දීමටද ගෙදරට වඩම්මවා ගන්නේ භික්ෂූන් වහන්සේලාය. එබැවින් ආගම හා ජාතිය යනු සංස්කෘතියෙන්ම අපට බද්ධ වූ කාරණාය.
බෞද්ධාගම පදනම් වන්නේ චතුරාර්ය සත්‍යය මුල් කරගෙනය. ඒ වගේම පින් පව් මතය. නිරාගමික රාජ්‍යයක් ගැන කල්පනා කරන අය ආගමට පහර දෙන්නේ ඇයි. ඒ මෙවැනි පින් පව් මත පදනම් වුණු සංස්කෘතියක් තුළ දුප්පත්, පොහොසත් භේදය උලුප්පා පෙන්වීමට නොහැකිවීම හේතුවෙනි. සංස්කෘතිකමය රටක දේශපාලනය කර කවදාවත්ම ගොඩ යන්නට, බලයට පත්වන්නට එම දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායම්වලට නොහැකිය. ජාතිය, ආගම, හා ඒ ඔස්සේ ගොඩ නැගුණු සංස්කෘතිය ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ පදානුගතික වී ඇත. මෙසේ පදානුගතික කාරණාවලට පහර දීමට යෑමෙන් සිදුවන්නේ එම සංස්කෘතියට පහර දෙන අයට හොම්බෙන් යෑමට සිදුවීමය. ඉතිහාසය එයට හොඳ සාක්ෂි සපයයි.
දොන් ජුවන් ධර්මපාල වගේම කුරුණෑගල රජකළ වත්හිමි බණ්ඩාර මීට හොඳම නිදසුන්ය. ඇත්තෙන්ම කිව්වොත් නිරාගමික රාජ්‍ය සංකල්පය යනු එන්.ජී.ඕ. (NGO) රාජ්‍ය නොවන සංවිධානවලින් සිදුකළ හා සිදු කරමින් පවතින විශේෂයෙන්ම සංස්කෘතියට පහර දෙන ව්‍යාපෘති හා මෙහෙයුම්වල දිගුවකි.
කොණ්ඩය වවාගත්, ගංජා ගහන, කැඩිච්ච සිංහල කතා කරන ඇතැම් මෝඩ නළු නිළියන් වගේම රාජ්‍ය නොවන සංවිධාන හා නිරාගමික රාජ්‍ය ගැන කතා කරන දේශපාලන පක්ෂ හා දේශපාලඥයන් දැනගත යුතු කරුණක් ඇත. ඒ සංස්කෘතිය විනාශ කරන්නට යෑමෙන්, විශේෂයෙන්ම ලංකාවේ පදානුගතිකව ඇති ජාතිය, ආගමට පහර දීමට යෑමෙන් නැති වන්නේ ඔවුන්ම බවය. ඒ පිළිබඳව හොඳම උදාහරණ පසුගිය කාලයේ නිරාගමික රාජ්‍ය ගැන කයිවාරු ගැසූ අයට සමාජ මාධ්‍ය ජාලවලින් බඩ පිරෙන්නම දුන් දීමනාවෙන්ම හිතාගත හැකිය. මොන පක්ෂයක, පාටක වුවද සංස්කෘතියට පහර ගසන විට ඊට එරෙහිව නැගිටීම සාමාන්‍ය ස්වභාවය බව මේ දේශපාලන මහදැනමුත්තන් දන්නේ නැත. මහ පොළොවේ දේශපාලනය දන්නේ නැත්නම් ජීවත් වන්නට බැරිය.
අපි කවුරුත් මිනිසුන්ය. ඒ කතාව ඇත්තය. හැම මිනිහෙකුටම සාධාරණත්වය තිබිය යුතුය. නමුත් හැමවිටම තීරණ ගැනීමේදී මහා ජාතියට මුල් තැන දිය යුතුය. රුසියාව, ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍ය එහෙමය. එහෙම කළොත් මේ ප්‍රශ්න ඇතිවන්නේ නැත. එහෙම තැන දුන්නොත් සුළු ජාතින්ට අනර්ථයක් වන්නේ නැත. සුදුස්සාට සුදුසු තැන දීම තුළ ඇතිවන්නේ යහපතකි.
ඒ වගේම සංස්කෘතියට අනුරූපව ගමන් කිරීම හා ඊට අනුගතව කටයුතු කිරීමද රටක් විදියට ඉතා වැදගත්ය. ජාතියට ආගමට ආදරේ නැති එකා රටට වැඩ කරන්නේ නැත.
යුරෝපයේ අනාගමික රාජ්‍ය සංකල්පය බිහි වූයේ යුරෝපා රාජ්‍යයන්හි පාලකයා පත්කිරීම පාලනය කිරීම හා ඉවත් කිරීම පාප් වහන්සේගේ ආධිපත්‍යයට තිබූ බැවිනි. නමුත් අපේ රටේ බෞද්ධාගමට ප්රමුඛ ස්ථානයදී ඇතත් පාලකයා පත් කිරීමේ ඉඩ ප්‍රජාතන්ත්‍රවාදීව ලබාදී ඇත. බෞද්ධ දර්ශනය තුළින් ලාංකේය සියලු ජන කොටස්වල අයිතිවාසිකම් හා නිදහස ඇතිකර සුරක්ෂිත කර ඇති මොහාතක අනාගමික රාජ්‍ය සංකල්ප ඇත්තෙන්ම අනවශ්‍ය දෙයකි.
මෙරට බුද්ධිමත්, සිංහල දෙමළ ජනතාව සැබෑ සහජීවනයෙන් යුතුව ජීවත් වෙයි. ඒ අපගේ සංස්කෘතියයි. නැවත අමුතුවෙන් වෙනස් කිරීමට දේවල් නැත. මේ සංස්කෘතිය රැකගෙන ඉදිරියට යාම අප සතු වගකීමකි. පටු දේශපාලන වාසි හා රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ආකාරයට පාලනය නොවී කටයුතු කිරීමටද අපගේ දේශපාලඥයන් වගේම ඉදිරියේදී නායකයන් වීමට බලා සිටින අයද වග බලාගත යුතුය.
නිපුන් ඒකනායක