Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ඇය මෙරට බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්රවල ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක විධායක ශ්‍රේණියේ නිලතල දරා ඇති තැනැත්තියකි. වර්තමානයේ ඇය Faculty of Grooming and Etiquette නම් උපදේශන ආයතනයේ නිර්මාතෘවරිය වශයෙන් කටයුතු කරනු ලබයි. ඇය පැමිණි ගමන්මග පෙරළිකාර නිසාම අද Wonder Woman කවරය ඇය වෙනුවෙන් වෙන්විය.
“මුලින්ම මම කැමතියි සාමාන්‍ය කාන්තාවක් විදිහට මාව හඳුන්වනවානම්. මගේ වෘත්තීය ජීවිතය මම ආරම්භ කරන්නේ අවුරුදු 19දී. ඒ Banker කෙනෙක් ලෙසයි. ඉන් පසුව මම උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වුණා. මගේ Postgraduate එක අවසන් කර බැංකු , මූල්‍ය සහ රක්ෂණ කියන ක්ෂේත්‍ර තුනට අදාළව අවුරුදු 13ක Experience සහිතවයි අද වෙද්දී මම කටයුතු කරන්නේ. රක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ ප්‍රධාන ආයතනයක CEO තනතුරේ රැඳී සිටිය මම මේ වනවිට තවත් අලුත් කටයුතු කිහිපයක් වෙනුවෙන් අවධානය යොමු කර තිබෙනවා.
අපි හැමෝගෙම බලාපොරොත්තුව දියුණු වීම, ඉන්න තැනින් ඉහළට යාම. රටක් විදිහටත් එහෙමයි. අපි හරි වාසනාවන්තයි. අනෙක් රටවල් එක්ක බලද්දී ලංකාවේ අයගේ අධ්‍යාපන මට්ටම සෑහෙන්න ඉහළයි. උසස් පෙළ සමත් වෙන අයගෙන් බොහෝ පිරිසක් විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වෙනවා. අනෙක් පිරිස පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් හරි ඉගෙන ගන්නවා. නමුත් රැකියාවකට යද්දී Interview එකේදී Grooming කියන පැත්තෙන් අපේ ළමයි ඉන්නේ ගොඩාක් පිටිපස්සෙන්. Grooming කියන්නේ ගොඩාක් සල්ලි වියදම් කරලා අඳින පලඳින එකවත්, ලස්සන වෙන්න වියදම් කරන එකවත් නොවෙයි. අදාළ තැනට ගැළපෙන විදිහට අඳින එක සහ හැසිරෙන එක වගේම පිරිසුදුකම සහ පිළිවෙළ.
අපි යම් තැනකට ගිහින් කතා කරද්දී අපේ මුළු වටපිටාවම ඔවුන් දන්නේ නැහැ. නමුත් First Impression එකෙන් තමයි අපිව හඳුනා ගන්නේ. ඒ අනුව First Impression කියන දෙය බොහෝම වැදගත් වෙනවා. අපිව දකින පළමුවැනි තත්පර 30 වගේම කතා කරන පළමුවැනි විනාඩි 5න් තමා අපි ගැන අනෙක් කෙනා ප්‍රතිරූපයක් මවාගන්නේ. කොයිතරම් හැකියාවන් තිබුණත්, කොයිතරම් ඉහළ තනතුරක් දැරුවත් තැනකට ගිහින් තමන්ව Present කරගන්න බැරිව ඉන්න අය බහුතරයක් ඉන්නවා. සරල දේවල් වගේ පෙනුනට මේව අතිශය වැදගත්. ගැහැනු, පිරිමි භේදයක් නොමැතිව අපි මේ පොඩි පොඩි අඩු පාඩු මකාගෙන යන්න අවශ්‍යයි.
ඒ නිසාම මම ‘Faculty of Grooming and Etiquette’ නමින් ආයතනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඇඳුමක් පැලඳුමක් ඒ ඒ තැනට අනුව අඳින එක, තැනකට ගිහින් කන බොන විදිහ, Telephone Etiquettes, Emails Etiquette ඇතුළු බොහෝ දේවල් තිබෙනවා මෙහි ඉගෙන ගන්න. මම පාසල් අධ්‍යාපනය නිමකළ හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකළ ළමුන්ට මේ දේවල් උගන්වන්න අදහස් කරනවා. එයින් ඔවුන්ගේ අධ්‍යාපනය වගේම අනෙක් Soft skills දියුණු කරගෙන වෘත්තීයමය ජීවිතයට නිවැරදි ප්‍රවේශයක් ගත හැකියි.
ගැහැනු හෝ පිරිමි හෝ වේවා අපි කොයි කාටත් අධ්‍යාපනය කියනදේ තමයි තමන් සතුවන වටිනාම හා බරම ආයුධය බවට පත්වන්නේ. විශේෂයෙන්ම කාන්තාවන් දැන් ඉස්සර වගේ නොවෙයි. අධ්‍යාපනය කියන දෙයට වැඩි වශයෙන් නැඹුරු වෙනවා. ඒ වගේම ඉතාම උසස් මට්ටමට අධ්‍යාපනය ලබන ගැහැනු අය දැන් බහුලව සිටිනවා. අධ්‍යාපනය කියන්නේ උපාධියක් ලබාගන්න එකම නොවෙයි. අපි දකිනවා Education Qualifications තියාගෙන නමුත් සමාජ දැනුම හුඟාක් අඩු අය. උදාහරණයක් ලෙස ඉහළ තනතුරුවල හිටියත් තැනකට ගැළපෙන්න අඳින්න දන්නේ නැති, තැනකට ගිහින් හැසිරෙන්න දන්නේ නැති, කතා කරන්න දන්නේ නැති, තැනකට ගිහින් තමන්ව හරියට Present කරන්න දන්නේ නැති පිරිසක් ඉන්නවා. හැබැයි ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉතාම ඉහළයි. ඒ නිසා මම කියන්නේ අධ්‍යාපනය කියන්නේ උපාධියක් ලබාගැනීම පමණක් නොවෙයි.
හැම වෙලාවෙම ගෑනු දරුවෙක්ව දෙමාපියන් මෙහෙයවන්න ඕන හොඳ ගැහැනියක වන්නටයි. ඒ කියන්නේ මගේ දුවව මම කවදා හරි ඉංජිනේරුවෙක් හෝ දොස්තර කෙනෙක් කරනවා කියන එක නොවෙයි. ඇත්තටම ඇයව හොඳ ගැහැනියක ලෙස සමාජයට දායාද කරන්නයි දෙමාපියන් උත්සහ දැරිය යුත්තේ. ඒ වෙනුවෙන් දරුවෙක්ට අධ්‍යාපනය ලබාදිය යුතුයි. හරි වයසේ, හරි අධ්‍යාපනය, හරි විදිහට ලැබුණු ගැහැනු ළමයෙක් අනිවාර්යෙන් ඇයගේ වෘත්තීය මට්ටමෙන් ඉහළ තැනකට එනවා වගේම සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය ආකාරය ඇය ඒ අධ්‍යාපනය තුළින් ලබා ගන්නවා.
කවුරුහරි ඇහුවොත් අධ්‍යාපනය ලැබූ ගැහැනු දරුවෙක් රැකියාවකට නොයා ගෙදර ඉන්න එක අපරාදේ කියලා, මගේ අදහස වන්නේ නිසි අධ්‍යාපනයක් ලැබූ කෙනෙකුට ‘Entrepreneur’ කෙනෙක්, නැතිනම් ව්‍යවසායිකාවක් ලෙස ඕනෑ තරම් දේවල් අද ගෙදර ඉඳගෙන කරන්න තියෙනවා කියන එකයි. එය තමයි වර්තමාන ලෝකයේ අලුත්ම Trend එක. ලෝකයේ බොහෝ තරුණ ළමයි දැන් තමන්ගේම ව්‍යාපාර කරනවා. අපි ව්‍යාපාරයක් කිව්වම හිතන්නේ ලොකු ගොඩනැගිල්ලක, සේවකයන් විශාල ප්‍රමාණයක් වැඩ කරන්න අවශ්‍යයි කියලා. නමුත් දැන් තමන්ම තමයි තමන්ගේ ව්‍යාපාරයේ CEO වෙන්නේත්, තමන්ම තමයි ව්‍යාපාරයේ Accountant වෙන්නේ වගේම Administrator වෙන්නේත්.
ඒ අනුව තමන්ම මේ හැමදේම කරගෙන ඉහළට යන්නයි මේ අධ්‍යාපනික දැනුම අවශ්‍ය වෙන්නේ. කාන්තාවක් කියන කෙනා ආයතනයක ඉහළ පුටුවකට නැත්නම් ඉහළ නිලයකට ආවම ඒ ආයතනයේ වැඩ කරගන්න පහසුවක් ඇතිවෙනවා කියලයි මම දකින්නේ. මොකද ගැහැනියකට තමයි තව කෙනෙකුගේ හැඟීම් සහ ප්‍රශ්න වඩාත් හොඳින් තේරෙන්නේ. ආයතනයේ ඉහළ තනතුරුවල ඉන්න ගැහැනු අය වඩාත් හොඳින් තමන්ගේ සේවකයන් තේරුම් ගන්නවා කියලයි මම හිතන්නේ.
අපි අද කතා කරන්නේ ‘Wonder Woman’ ලා ඉන්න ලෝකයක් ගැන. ඒ අනුව ගැහැනු අපි හිතනවා පිරිමි කරන හැම දෙයක්ම ඒ විදියටම අපිට කරන්න පුළුවන් කියලා. මම පෞද්ගලිකව හිතන දේ තමයි ගැහැනු වරද්ද ගන්න පළමුවැනි තැන ඒක කියන එක. ගැහැනියෙකුට පිරිමියෙක් කරන හැමදේම කරන්න පුළුවන් නම් ස්වභාව ධර්මය ගැහැනු, පිරිමි කියලා දෙකොට්ඨාසයක් මවන්නේ නැහැ. පිරිමියෙක් ගත්තම ඔහුගේ ශරීරයේ සැකැස්ම සහ ශක්ති ප්‍රමාණය වෙනස්. ඒ සැකැස්ම ලැබිලා තියෙන්නේ ඔහුට අදාළ ක්‍රියාවලිය වෙනුවෙන්. ඉගෙනගෙන මිල මුදල් ගැවසෙනකොට පිරිමි කරන හැමදේම අපිට කරන්න පුළුවන් කියලා ගැහැනිය හිතනවා. මේ සංකල්පයෙන් අපි මිදීමට අවශ්‍යයි. ගැහැනියකට අදාළ සමාජීය වටිනාකම් එක්කම පිරිමියෙක්ට අදාළ සමාජ වගකීම් තිබෙනවා. ඒක තේරුම් ගත්තොත් කසාද බැඳ හෝ නොබැඳ අපිට පුද්ගලයෙකු ලෙස සාර්ථකව ජීවත් විය හැකියි.
ලෝකයේ අද ජනප්‍රියම මාතෘකාවක් තමයි ‘Feminism’ කියන දෙය. කාන්තාවන් හරි ආසයි මේ ගැන කතා කරන්න හා ඒ වෙනුවෙන් පෙනී සිටින්න. තමන්ගේ අයිතිවාසිකම් ගැන සටන් කරන්න කියලාවත්, ඒ වෙනුවෙන් පෙනී සිටින්න කියන එකවත් පමණක්ම නොවෙයි ‘Feminism’ කියලා කියන්නේ. ‘Feminism’ කියන එකේ වැරදි තැනක් තමයි ලංකාව හා බොහෝ ආසියාතික රටවල් අල්ලගෙන ඉන්නේ. Feminism කියන දේ පටන් ගන්නේ ගෙදරින්. අම්මා කියන චරිතය දැනගන්න ඕන හොද්දක් බතක් උයද්දී දාන අඩුම කුඩුමවල ගුණ අගුණ මොනවාද කියන දෙය. කන කෑමවල ගුණ අගුණ මොනවාද කියලා දන්නේ නැත්නම් මොනතරම් ඉහළ තැනක වැජඹුනත් ඒ ගැහැනියගෙන් වැඩක් නැහැ. අම්මා කෙනෙක්ගෙන් ඉටුවිය යුතු යුතුකම් දරුවෙකුට වෙන්නේ නැත්නම් ‘Feminism’ කියන දෙයින් වැඩක් නැහැ. ඒ ගැන කතා කරන, කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන බොහෝ ගැහැනු අවුරුද්දකට කීපාරක් හොද්දක්, බතක් උයලා තියෙනවාද කියන එක හිතලා බැලිය යුතුයි. මේකට හොඳම උදාහරණය තමයි T.Vවල කොණ්ඩය ගැන කතා කරන බොහෝ අයට උරහිසෙන් පහළට කොණ්ඩය තිබෙනවාද අපේ ලංකාවේ උපදෙස් දෙන බොහෝ දෙනා ඒ උපදෙස් Practice කරන අය නොවෙයි.
මම Feminism ගැන හිතන්නේ වෙනමම විදිහට. මගේ දේශනවලදී සමහර වෙලාවට ගැහැනු අය මාත් එක්ක ගැටෙනවා. නමුත් කියන්න ඕන අපි ලොකු Fantasy එකකයි ජීවත් වෙන්නේ. Facebook එකෙන් හෝ වෙනයම් සමාජ මාධ්‍යයේ දකින දේවල් එක්ක අපි පොළවේ පය ගහලා නොවෙයි ජීවත් වෙන්නේ. මාසෙකට හම්බ කරන්නේ රුපියල් 100 නම් අපේ වියදම 200යි. මේ විදිහට වියදම් කරද්දී අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන්ගේ දේවල්වලට දිය යුතු අවධානය පවා ඇතැම් අවස්ථාවක ගිලිහෙන්නට පුළුවන්.
අපි හැමෝම Brand එකක්. අපි බොහෝ වෙළෙඳ සන්නාම දකිනවා. මිනිස්සු අරගන්නෙ පිටට හොඳට පෙනෙන, කල් පවතින, තමන්ටත් ආඩම්බරයෙන් පාවිච්චි කරන්න පුළුවන් කාලය සමග අලුත්වන Brands.
එහෙම නොවන brands ක්‍රමයෙන් නැතිවෙලා යනවා. Brand එකක වටිනාකම කාලයට සාපේක්ෂයි. කාලයත් එක්ක වටිනාකම වැඩි වෙන්නෙ brand එකක් හරියට Market කරොත්, හරියට Manage කරොත්. ඒකට තමන්ට අදාළ තමන් අයිති Segment එක study කරන්න ඕන. Action plan එකක් වගේම Follow up plan එකක් තියෙන්නත් ඕන. තමන්ගේ brand එකට වැඩි වටිනාකමක් දෙන්න අපි හොඳට සමාජය study කරන්න අවශ්‍යයි. ඒ වගේම අලුත් රැලිවලට මුහුණ දීමට අවශ්‍යයි. සියලුම දෙනාට මම ආරාධනා කරනවා අලුත් ගමනක් යන්නට. නමුත් සම්ප්‍රදායන් වගේම වගකීම් පෙරදැරිව.
අපි එක එක්කෙනා Brand එකක් විදිහට දැකලා තමන්ගේ වටිනාකම හඳුනාගත යුතුයි. ඒ වගේම එය Position කරන්න ඕන කොතනද කියන දේ හඳුනාගත යුතුයි. එයට අගයන් එකතු කරන්න අපි දැනගන්න ඕන. නමුත් අපි අපිව හඳුනා නොගෙන වෙනත් කෙනෙක් වෙන්න හදනවා. අපි තව කෙනෙක්ව Follow කළොත් ඔහු හෝ ඇය වගේ වෙන්න පුළුවන් කියලා හිතනවා. නමුත් අපි තුළ වෙනමම Identity එකක් තියෙනවා. එයයි අපි හොයාගත යුත්තේ. තමන්ට තමන් වෙන්න අවශ්‍ය දැනුමයි අපේ රටේ නැත්තේ. එය ලබාදීම අතිශය වැදගත්.
අධ්‍යාපනය කියන දෙය තුළත් මම දකින දෙයක් තිබෙනවා. බොහෝ අම්මලා තාත්තලාට Achieve කරගන්න බැරිවුණ හීන තමන්ගේ දරුවන්ගෙන් සැබෑ කරගන්න හදනවා. යම්කිසි තාත්තා කෙනෙක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න දැක්ක හීනය තමන්ගේ දරුවාගෙන් සැබෑ කරගන්න උපරිමයෙන් කටයුතු කරනවා. නමුත් ඒ දරුවාගේ හීනය පිහිනුම් ක්‍රීඩකයෙක් වීම වෙන්න පුළුවන්. තාත්තාගේ බල කිරීමට පොඩි කාලයේ සිට ක්‍රිකට් ගහන ඒ දරුවා අවුරුදු කිහිපයකින් එය අතහැර දමනවා. ඒ අනුව මට කියන්න තියෙන්නේ තමන්ට සැබෑ කරගන්න බැරි වූ හීන දරුවන් තුළින් සැබෑ කරගන්න දෙමවුපියන් උත්සහ කරන එක ඒ දරුවාට කරන අසාධාරණයක් කියන එකයි. ළමයාට තමන්ගේ Brand එක හදාගන්න කරන බාධාවක්. ළමයාට ඉදිරියට යන්න මග පෙන්වීමක් තමයි දෙමාපියන් විසින් ලබාදිය යුත්තේ. අපේ රට වටේ මුහුද, ගංගා, ඇළ, දොළ කොපමණ තිබෙනවාද? නමුත් අපේ රටේ කීයෙන් කීදෙනාද පිහිනීමේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට ගිහින් තිබෙන්නේ. එයට හේතුව වී තිබෙන්නේ ළමයි පීනන්න උත්සහ දරද්දී දෙමාපියන් පීනන්න එපා ගිලෙයි කියලා ළමයාව නවත්තන එකයි. ඒ වගේම පනින්න ගියොත් වැටෙයි කියලා දරුවාව වළක්වනවා. අපි ජීවිතයේ මොනම හරි දෙයක් පටන් ගනිද්දී කොන්ද කඩා දැමීමයි මේ සිදුවෙන්නේ. එහෙම වෙලා අපි රටට බැණලා වැඩක් නැහැ. අනෙක් රටවල්වල එහෙම නොවෙන්නේ ඒ ඒ අදාළ කාලවලදී Risk එකක් ගන්න ළමයින්ට පුරුදු කර තිබීම නිසයි. Risk Management කියන දේ විෂයක් ලෙස අපි ප්‍රගුණ කිරීමට අවශ්‍යයි.
මම පොඩිකාලෙ ඉඳලම හරි වෙලාවට අවදානම ගත්තා වගේම ඒක Manage කළා. ගොඩක්දෙනා සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වෙලා උසස් පෙළට Science කරද්දී මම Arts කළා. කැම්පස් යන්න පුළුවන් වුණත් කැම්පස් යන්නේ නැතුව Banking කළා.
Banker කෙනෙක් විදියට ඉඳලා Insurance Field එකට මාරු වුණා. Sales කරකර ඉඳලා CEO කෙනෙක් විදිහට Groom වුණා. අද මම සතුටින් ඉන්න හේතුව තමයි එක විෂය පථයක හිර නොවී විවිධ ඉසව්වල පය තැබීමට ගත්ත අවදානම මා හොඳින් කළමනාකරණය කිරීම.
ගැහැනු ළමයෙක්ගේ ජීවිතේ දෙමවුපියන්ට වෙනස් කරන්න පුළුවන්. 18න් දුව බන්දනවද, දුවට සමාජය හුරු කරනවද කියන එක තීරණය කරන්නෙ දෙමාපියන්. ඒ අතරිනුත් තාත්තා. මගේ තාත්ත ගැන මම හරි ආඩම්බර වෙන්නේ අන්න ඒ නිසයි.
සටහන - නදීශානි පතිරණ / ඡායාරූප - සරසි නෙත්මිනි
location - mandarina hotel
Special Thanks To Mr. Ranga Goonawardena (Director - CEO Macksons Properties (Pvt)Ltd.)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd