ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වයස අවුරුදු අටක දැරියක කෙලෙසූ වයස අවුරුදු 25ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලීසිය පවසයි.
උද්‍යානයක සෙල්ලම් කරමින් සිටියදී, දැරියට රසකැවිලි දෙන බව පවසමින් ඇය පාලු ස්ථානයකට ගෙනගොස් මේ අපරාධය සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
පසුව අසල්වාසීන් විසින් දැරිය සොයාගැනීමෙන් පසුව ඒ බව ඇගේ දෙමව්පියන්ට දන්වා දැරිය වහාම රෝහල් ගතකර තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට ඇයගේ තත්ත්වය ස්ථාවර බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
වර්තමානයේදී ඉන්දියාව කාමාතුරයන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් ඇති අතර, මෙය එහි ආසන්නතම සිදුවීමක් ලෙස පෙන්වාදිය හැකිය. 2012 වසරේ දිල්ලි බස් රථයක් තුළ සමූහ දූෂණයකට ලක්ව වෛද්‍ය ශිෂ්‍යාවක මරණයට පත්වීමත් සමග ස්ත්‍රී දූෂණයට එරෙහිව එරටින් බලවත් විරෝධයක් පැන නැගුණි. මේ තත්ත්වය තුළ ස්ත්‍රී දූෂණයට එරෙහිව දැඩි නීති ගෙන ඒමටද ඉන්දීය රජය කටයුතු කළේය.
ඒ කවර නීතියක් පැමිණියද තවමත් මේ තත්ත්වය පාලනය වී නොමැති අතර, කාන්තා හිංසනය ඉන්දීය සමාජය තුළ මුල් බැසගෙන ඇති බව එරටින් වාර්තා වෙයි.
මෙම නවතම සිදුවීම පසුගිය ඉරිදා සවස වාර්තා වී තිබුනේ දිල්ලියේ බාරා හින්දු රාඕ ප්‍රදේශයෙනි.