"යන්ග් ෂිප් ශ්‍රී ලංකා" (YoungShip Sri Lanka) සංවිධානයේ නියෝජිතයින් 57දෙනෙකු පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
වාහන ප්‍රතිනැව්ගත කිරීමේ (RORO) අංගනය, ගබඩා පහසුකම් සහ පර්යන්ත සංකීර්ණය නැරඹූ පිරිසට වරාය පහසුකම්පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් HIP විසින් ලබාදෙන ලදී. ලාභ අරමුණු කර නොගත් වෘත්තිමය ජාත්‍යන්තර සංවිධානයක් වන "යන්ග් ෂිප්" සමුද්‍ර කර්මාන්ත ක්ෂේත්රයේ සේවය කරන තරුණ තරුණියන් සඳහා විශේෂයෙන් ස්ථාපිත කරන ලද්දකි.
සයිප්‍රසය, ග්‍රීසිය, බෙල්ජියම, ඩෙන්මාර්කය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්වීඩනය, ෆින්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, ඇමරිකාව, ජර්මනිය, නයිජීරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ටැන්සානියාව, තුර්කිය, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ව්‍යාප්ත වී ඇති සංවිධානය, ලොව වටා සාමාජිකයන් 3,000කට වඩා වැඩි පිරිසකගෙන් සමන්විත වේ.
නාවික සහ සැපයුම් අංශයේ වර්ධනය සහ සාර්ථකත්වය රැඳී තිබෙන්නේ කර්මාන්තය පිළිබඳ උද්යෝගීමත් තරුණ පරපුර මත බව විශ්වාස කරන සිසුන් හා වෘත්තිකයන් "යන්ග් ෂිප්" හි සාමාජිකත්වය දරයි. "යන්ග් ෂිප් ශ්‍රී ලංකා" බඳවා ගන්නේ නාවික සහ සැපයුම් අංශයට සම්බන්ධ වයස අවුරුදු 20ත් 40ත් අතර තරුණ පිරිසය.
HIP හි වර්ධනය, වත්මන් ව්‍යාපාර කටයුතු, මෙහෙයුම් ක්‍රියාකාරකම් සහ කර්මාන්ත උද්‍යානය පිළිබඳව දැනුවත් කිරීමක් කළ අතර, වරායේ ක්‍රියාත්මක ආරක්ෂක ක්‍රියා පටිපාටීන් සහ පියවරද "යන්ග් ෂිප්" සාමාජිකයන් සමඟ සාකච්ඡාවට ලක් විය.
“ප්‍රතිපත්තියක් වශයෙන්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) ,තරුණ තරුණියන්ට අපගේ ක්ෂේත්රය තුළ විශාල අවස්ථා සළසා දෙනවා. අපගේ පුහුණු වැඩසටහන් යටතේ පසුගිය වසර පහ තුළ උපාධිධාරීන් බොහෝ ප්‍රමාණයක් සේවා පළපුරුද්ද ලබා ඇත. අපගේ කාර්ය මණ්ඩලයෙන් 30%කට වැඩි ප්‍රමාණයක් නවක උපාධිධාරීන් වන අතර, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 34ක්. එමෙන්ම HIP කාර්ය මණ්ඩලයෙන් 90%ක් ම ශ්‍රී ලාංකිකයන්. බහු කාර්යය වරායක් ලෙස, වාහන ප්‍රතිනැව්ගත කිරීම (RORO), සාමාන්‍ය භාණ්ඩ, නැව්වලට ඉන්ධන සැපයීම, තොග පර්යන්තය, ඉන්ධන සහ ගෑස්, කර්මාන්ත අමු ද්‍රව්‍ය සහ මගී නැව් කටයුතු වැනි විවිධ සේවාවන් පිලිබඳ "යන්ග් ෂිප්" සාමාජිකයන් දැනුවත් කිරීමේ අවස්ථාව අප වැදගත් කොට සළකනවා. මෙම ක්ෂේත්රයේ නොයෙකුත් අංශ ඔස්සේ "යන්ග් ෂිප්" තරුණ සාමාජිකයින් සමඟ නැවතත් සම්බන්ධවනු ඇතැයි අප විශ්වාස කරනවා,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) මානව සම්පත් හා පරිපාලන ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ජීවන් ප්‍රේමසර මහතා පවසයි.
"යන්ග් ෂිප් ශ්‍රී ලංකා" හි සභාපති රිශාන්ත මෙන්ඩිස් මහතා පවසන පරිදි, HIP හි ප්‍රධාන සැලැස්ම ඉතා සිත්ගන්නාසුලුය. 2018 වසරේ තම සංවිධානය සිදු කළ සංචාරයෙන් පසු වරාය තව දුරටත් දියුණු වී ඇති අතර වරායේ ඉදිරි සංවර්ධන කටයුතු දැක බලා ගැනීම සඳහා ඉදිරියේදීත් වරායේ සංචාරය කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.