නෙස්ලේ ලංකා සමාගම, පසුගියදා පැවැති 2022 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී සම්මාන හයක් දිනාගැනීමට සමත් විය. ඒ අනුව, 2022 හොඳම ආයතනික තිරසර සම්මාන උළෙලේදී සියලු සමාගම් අතුරින් තෙවැනි ස්ථානය, හොඳම ආයතනික පුරවැසියන් 10ට අයත්වීම, නිෂ්පාදන අංශ සම්මානය, පාරිසරික තිරසරභාවය උදෙසා පිරිනැමෙන Triple Bottom Line සම්මානය, පාරිසරික ඒකාබද්ධතාව වෙනුවෙන් පිරිනැමෙන සම්මානය සහ මූල්‍ය කාර්යසාධනය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය යන ජයග්‍රහණ සමාගම සතුවිය.
ශ්‍රී ලංකාව තුළ පිරිනැමෙන ප්‍රශස්තම ආයතනික ගෞරව සම්මාන ප්රදානෝත්සවය ලෙස පිළිගැනීමට ලක්ව ඇති මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ලංකා වාණිජ මණ්ඩලය විසිනි. ජනතාව, පරිසරය සහ ලාභය යන ත්‍රිවිධ අංශ කෙරෙහි ප්‍රමුඛතාව දෙමින් ක්‍රියාකරන තිරසර සමාගම් ඇගයීමට ලක්කිරීම එහි මුඛ්‍ය අරමුණයි.
″මෙසේ දිගින් දිගටම හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම පිළිබඳව අපි නිහතමානීව සතුටට පත්වෙනවා. තිරසරභාවය, නෙස්ලේ සමාගමේ සියලු ක්‍රියාකාරකම්වල ප්රමුඛත්වයක් ගන්නවා. එවන් පසුබිමක, මෙවැනි සම්මාන උළෙලකදී අපගේ තිරසරභාවයේ ගමන්මඟ ඉදිරිපත් කිරීමටත්, ඒ හරහා ආදර්ශයක් සැපයීමට අවස්ථාව හිමිවීමත් අපට විශාල ගෞරවයක්. ගෙවුණු වසර දෙකක කාලය අප සියලුදෙනාට අභියෝගාත්මක කාලයක්. සමාගම් වශයෙන් අපටත් අලුතින් සිතන්නටත්, අලුත් ක්‍රමෝපාය අනුගමනය කිරීමටත් සිදුවුණා. කෙසේ නමුත්, අපගේ සැපයුම්දාමය තුළ සිටින සියලුම පාර්ශ්වකරුවන් සමඟ එක්ව වඩාත්තිරසර සහ ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට හැකිවීම පිළිබඳව මම බෙහෙවින් ආඩම්බර වෙනවා. ‘යහපත් ආහාර, යහපත් ජීවිතය‘(Good food, Good life) යන අපගේ තේමාව පදනම්ව වසර 115ක් පුරා කටයුතු කළ අයුරින්ම, තවදුරටත් ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් ක්‍රියාකරන ආයතනයක් ලෙස අපගේ තිරසරභාවය හා බැඳුණු ඉලක්ක ජයගැනීමට අපි බලාපොරොත්තු වෙනවා″ යැයි නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා ප්‍රකාශ කළේය.
තම සියලු ව්‍යාපාර අංශ වෙත තිරසරභාවය බද්දකරඇති සමාගමක් වශයෙන් නෙස්ලේ සමාගම, පවුල, ප්‍රජාව සහ මිහිකතේයහපතවෙනුවෙන් සියලු පාර්ශ්වකරුවන් හා එක්ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මෙම අඛණ්ඩ ධනාත්මක දායකත්වය ඇගයීමට ලක්කරමින් නෙස්ලේ ලංකා සමාගම මෙරට හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත්වුණු අටවැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. ප්‍රජා සබඳතා, සේවක සබඳතා, පාරිභෝගික සබඳතා ආදී අංශවලින් පසුගිය වසරවලදීසම්මාන දිනාගත් නෙස්ලේ ලංකා සමාගම, 2021 වසරේදී හොඳම ආයතනික පුරවැසියන් 10 අතරට පිවිසීමට අමතරව සිය පරිසර තිරසරභාවය වෙනුවෙන් සම්මාන තුනක් දිනාගැනීමට සමත්විය.
වාර්ෂිකව පැවැත්වෙන හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී, දේශීය ආර්ථිකය සහ ප්‍රජාව වෙනුවෙන් හොඳම දායකත්වය දැක්වූ සමාගම් සහ ආයතනික තිරසරභාවය සම්බන්ධයෙන් ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ සමාගම් ඇගයීමට ලක්කෙරේ. දෙස් විදෙස් විශේෂඥයින්, විද්වතුන් සහ චින්තකයින්ගෙන් සමන්විත සම්භාවනීය විනිශ්චය මණ්ඩලයක් සම්මාන සඳහා සුදුසුකම් ලබන සමාගම් තීරණය කරයි.
‘වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ‘ අරමුණ සමඟ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මකබවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත. 1906 වසරේ පටන් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සිදුකරන නෙස්ලේ ලංකාසමාගම වර්තමානයවන විට ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තුළට බද්ධ වී ඇත. එමෙන්ම 25,000කට වැඩි ශ්‍රී ලාංකික කිරි සහ පොල් ගොවීන් මෙන්ම ගෙවතු වගාකරුවන්ගේ ජීවනෝපාය සංවර්ධනයට දායකවන නෙස්ලේ ලංකා සමාගමේ ඍජු රැකියා නියුක්තිකයින්ගේ සංඛ්‍යාව 800 ඉක්මවයි. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්රමිතීන් මත නිපදවනු ලබයි.
සේයා රුව : (වමේ සිට දකුණට) බන්දුල එගොඩගේ මහතා, උප සභාපති - ආයතනික සහ නියාමන සබඳතා, නෙස්ලේ ලංකා සමාගම; පංචද්චාරම් සත්යෙන්ද්ර මහතා, උප සභාපති - සැපයුම් දාම, නෙස්ලේ ලංකා සමාගම; රාධිනී ද කොස්තා මහත්මිය, සහකාර උප සභාපතිනී- සන්නිවේදන, නෙස්ලේ ලංකා සමාගම; ජගත් වෙදගේ මහතා, ජ්‍යෙෂ්ඨ උප සභාපති- විකුණුම්, නෙස්ලේ ලංකා සමාගම; ජේසන් ඇවන්සෙන්‍යා මහතා, කළමනාකාර අධ්යක්ෂ, නෙස්ලේ ලංකා සමාගම; රුවන් වැලිකල මහතා, උප සභාපති- කිරි ආහාර අංශය, නෙස්ලේ ලංකා සමාගම; පියෙරේ-එම්මානුවෙල් මොරින් මහතා, කර්මාන්තශාලා කළමනාකරු-තාක්ෂණික, නෙස්ලේ ලංකා සමාගම; දමිත කුලතුංග මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ආයතනික මහජන සබඳතා, නෙස්ලේ ලංකා සමාගම; ඉසුරි අලහකෝන් මහත්මිය, කළමනාකාරිණී-ආයතනික සබඳතා, නෙස්ලේ ලංකා සමාගම සහඉනෝකා සිරිමාන්න මහත්මිය, සහකාර උප සභාපතිනී-මානව සම්පත්, නෙස්ලේ ලංකා සමාගම.