හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) කර්මාන්ත උද්‍යානය තුළ, ඉන්සී සිමෙන්ති සමාගම මහා පරිමාණ ධාරිතාවකින් යුතු අමුද්‍රව්‍ය ගබඩාවේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ කර තිබේ.
සිමෙන්ති අමුද්‍රව්‍ය සඳහා ශ්‍රී ලංකාවේ වරායක් තුළ ඉදිවන විශාලතම ගබඩා පහසුකම වන මේ සඳහා කරන ආයෝජනය ඇ.ඩො.මිලියන 3කි. ඒ අනුව, ඉදිරි මාස 6 තුළ අවසන් කිරීමට නියමිත ගබඩාව ඝන මීටර් 45,000ක ධාරිතාවයකින් යුතු වන අතර, වර්ග මීටර් 17,300ක භූමි භාගයක ඉදිකරනු ලැබේ.
ගබඩා පරිශ්‍රයේ පැවති මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ සහ ඉන්සි හී සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක යන මහත්වරුන් සහභාගී වූහ.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් මෙම පරිශ්‍රයෙහි රුක් රෝපණ වැඩසටහනක් සහ පිරිත් සජ්ඣායනයක්ද පවත්වා තිබුණු අතර, දකුණු ආසියාවට ආවේණික වූ මී (Madhuca longifolia) පැළ පහළොවක් ගබඩා පරිශ්‍රයේ සිදුවීමද සිදුව තිබේ.