හම්බන්තොට ජාත්‍යන්තර වරායට 2022 නොවැම්බර් මස අවසානයේ පැමිණි, ‘හයුන්ඩායි ග්ලොවිස් හේ ෂින්’ RORO නෞකාව, ප්‍රතිනැව්ගත කිරීම සඳහා රථ වාහන 4302 ක්, HIP හි වාහන අංගනයට ගොඩබාන ලදී.
ඒ සමඟ, 2022 වසර අවසානයට පෙර RORO ඒකක 500,000ක් හැසිරවීමේ සන්ධිස්ථානය සනිටුහන් කිරීමට වරායට හැකි විය.
මෙම වසර තුළ, ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය සහ මැද පෙරදිග සිට, ප්‍රතිනැව්ගත කිරීම සඳහා රථ වාහන රැගෙන HIP වෙත පැමිණි RORO නෞකා සංඛ්‍යාව 223කි.
එම වාහන ප්‍රතිනැව්ගත කරන ලද්දේ දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, මැද පෙරදිග, චිලී රාජ්‍යය සහ ජපානය වැනි රටවලටය. දේශීයව පමණක් නොව ගෝලීය ආර්ථිකයද අභියෝගයන්ට මුහුණ දී ඇති සමයක වුවද තම RORO මෙහෙයුම් 2021 වසර මෙන් 4%ක වර්ධනයක් ළඟා කරගැනීමට HIP සමත්ව තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට වරාය විසින් ප්‍රතිනැව්ගත කළ ඒකක සංඛ්‍යාව 484,467 ක් වූ අතර, 2022 වසරේ ගෙවී ගිය මාස එකොළහ තුළ කලාපීය වරායන් වෙත ඒකක 505,185ක් ප්‍රතිනැව්ගත කර ඇත. මෙරටට වාහන ආනයනය තහනම් වකවානුවක මෙවැනි ප්‍රතිඑලයක් ලබාගැනීම ජයග්‍රහණයක් ලෙස වරාය සලකයි.