හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), දිස්ත්ත්රික්කය තුළ පවත්නා මහා පරිමාණයේ අවශ්‍යතාවලට විසඳුම් ලබාදෙන අතරම, තමන්ට ආසන්න අසල්වැසි ප්‍රජාවේ ගැටලු සඳහාද අවධානය යොමුකිරීමට සැමවිටම සූදානම්ව සිටින බව පවසයි.
ඒ අනුව, ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘති මුලපිරීම හසුරුවන HIP මානව සම්පත් අංශය විසින් එවැනි ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නංවා තිබේ. ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් %සයුර සුරකින රැල්ල^ සංකල්පය හා සමගාමීව දියත් කරනලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ඒ සඳහා අනුග්‍රහය දක්වා ඇත. මෙම තිරසාර මුලපිරීම දීර්ඝ වැඩසටහනක කොටසක් වූ අතර, එය වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශකත්වය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පවත්වා ඇත. වැඩසටහනට දායකත්වය ලබාදුන් දහසකට ආසන්න පිරිස, වෙරළ තීරයෙන් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7,500ක් පමණ ඉවත් කිරීමට සමත් වී ඇත. එමෙන්ම දෘශ්‍යාබාධිත වැඩිහිටි සමාජිකයන් 28දෙනෙකු වෙසෙන %සරණ දෘශ්‍යාබාධිත වැඩිහිටි නිවාසය^ වෙත වියළි සලාක සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයද වරාය විසින් පිරිනමා තිබේ.
"අපගේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතාගේ දැක්ම යටතේ අලි මිනිස් ගැටුම, සමුපකාර ආකෘතියක් යටතේ ගම්වැසියන්ට ඔවුන්ගේ ජීවනෝපාය දියුණුකර ගැනීම සඳහා සහාය වන 'හෝප් විලේජ්' ව්‍යාපෘතිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණාගාරයට අරමුදල් සැපයීම හරහා කලාපයේ සෞඛ්‍ය සේවා පහසුකම් වර්ධනය කිරීම වැනි රාජ්‍ය ආයතන සමග හවුල් ව්‍යාපෘති රැසකට දායකවීමට අපට හැකිවුණා. අප අවට පාරිසරික හා සමුද්‍ර දූෂණය අවම කිරීම සඳහා වෙරළ පිරිසිදු කිරීම සහ අසල්වැසි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම වැනි සාමාන්‍ය සාමාජීය ඕනෑකම් පිළිබඳව සොයාබැලීම අපගේ වගකීමක් ලෙස අප දකිනවා. මෙය අවට ඇති ස්වභාවික සහ සමාජ පරිසරය සමග කුඩා සහ විශාල මට්ටමෙන් තිරසාර ලෙස සම්බන්ධ වීම සඳහා අප දක්වන කැපවීමේ කොටසක් වෙනවා" යැයි මානව සම්පත් හා පරිපාලන ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ජීවන් ප්‍රේමසර මහතා පැවසීය.