හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි Mein Schiff 5 නමැති සුඛෝපභෝගී මගී නෞකාවේ සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණය උඩවලව හා යාල වනෝද්‍යානයට වෙත ලැබුණු බව එම වරාය නිවේදනය කරයි.
පසුගිය බදාදා (30දා) උදෑසන 8.00ට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලෑ මගී නෞකාව, එදිනම රාත්‍රී 8.00ට ට මැලේසියාවේ ජෝර්ජ්ටවුන් හි පුලාඕ පෙනැන්ග් දූපත බලා පිටත් වීමට පෙර එම සංචාරකයන් යාල ජාතික වනෝද්‍යානය, උඩවලව වනජීවී උද්‍යානය සහ ඓතිහාසික මුල්කිරිගල රජමහා විහාරය වෙත සංචාරය කර තිබේ.
එමෙන්ම, දකුණේ අනෙකුත් සංචාරක ගමනාන්තයන් වන බූන්දල ජාතික වනෝද්‍යානය, හම්බන්තොට උද්භිද උද්‍යානය, ගාල්ල සහ කතරගම යන ප්රදේශයන්ද මගීන්ගේ නොමඳ අවධානයට ලක් විය. ත්‍රිරෝද රථ මඟින් හම්බන්තොට පුරවරය දැකබලා ගනිමින්, ෂැංග්‍රි-ලා හෝටලයේ වෙරළ තීරයේ අසිරිය විඳ ගැනිමටද ඔවුන්ට හැකි වී ඇත.
“වසංගතයෙන් පසු වරායට පැමිණි පළමු වැනි මගී යාත්‍රාව Mein Schiff 5 වන අතර එය වරායට පැමිණි ප්‍රථම අවස්ථාවද මෙයයි. දිවයිනේ සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවය සඳහා දායක වීම ඉතාමත් සතුටුදායක මෙහෙවරක් ලෙස සලකන අතර පසුගිය මාස 4 තුළ දකුණු පළාතේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය සඳහා පියවර කිහිපයක් අප විසින් ගෙන තිබෙනවා. මේ මගී නෞකාව අප වරායට පැමිණීම, ප්‍රදේශයේ ආර්ථිකය නංවාලීමට විශාල රුකුලක්” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවසීය.
හම්බන්තොට ජාත්‍යන්තර වරායට නැව පැමිණි මංගල ඇමතුම සනිටුහන් කිරීම සඳහා, HIPGහි ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු, HIPSහි ප්‍රධාන විධායක නිලධාරි කැප්ටන් රවී ජයවික්‍රම හා Mein Schiff 5 නෞකාවේ කපිතාන් ඇනස්ටාසියෝ ලොවානිස් යන මහත්වරුන් අතර සමරු ඵලක හුවමාරු කර ගැනීමක්ද සිදුව තිබේ. HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්රමසිංහද මේ සඳහා සහභාගී වී ඇත.
තවත් සුඛෝපභෝගී මගී නෞකාවක් වන MV Azamara Quest දෙසැම්බර් 05 වැනි දින හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණීමට නියමිත බව කියයි.