ග්ලෝබල් පොර්ට් ෆෝරම් (GPF) සම්මාන උළෙලේදී 2021 වසරේ හොඳම 'බහුකාර්ය වරාය/පර්යන්තය' සහ 'වරාය යටිතල පහසුකම් සංවර්ධනය' සඳහා සම්මාන හිමිකර ගැනීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සමත්ව තිබේ.
වරාය සහ පර්යන්ත ක්ෂේත්රයේ, ජාත්‍යන්තර සමාගම් සහ වෘත්තිකයන් රැසකගේ සහභාගීත්වයෙන්, ඩුබායි හි ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ මෙම සම්මාන උළෙල, 2021වසර තුළ වරාය ක්ෂේත්රය වෙනුවෙන් ඉහළම දායකත්වයක් දැක්වූවන් ඇගයීමට ලක්කර ඇත.
සෑම කාණ්ඩයකම හොඳම සුදුස්සා ඇගයීම සඳහා GPF විසින් අනුගමනය කළ සාවධාන ක්‍රියාවලියකින් අනතුරුව මෙම තොරාගැනීම සිදුව තිබේ. ගෝලීය වරාය ගනුදෙනුකරුවන් සහ ගෝලීය වරාය කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ වරාය විශේෂඥයන්ගෙන් සමන්විත වූ ගෞරවාන්විත විනිසුරු මඬුල්ලක් තේරීම් ක්‍රියාවලියට සහභාගී වී ඇත.
වරාය වෙනුවෙන් පෙනී සිට සම්මාන ලබාගත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙවැනි කීර්තිමත් හමුවකදී ප්‍රධාන සම්මාන2ක් දිනාගැනීම HIP කණ්ඩායමේ කැපවීම සහ ප්‍රවීණතාව තහවුරු කිරීමක් මෙන්ම, වරාය විසින් ලබාදෙන සේවාවන්හි ගුණාත්මකභාවය සහතික කිරීමක් බවයි.
ජාත්‍යන්තර වරාය පද්ධතියේ සාමාජිකයන් අතර සහයෝගීතාව තුළින් වරායන්හි අභිලාෂයන් ඉහළ නැංවීමේ බලාපොරොත්තුවෙන් පිහිටුවන ලද Global Ports Forum සම්මාන උළෙලේ මූලික අරමුණ වන්නේ කර්මාන්තයට වටිනාම දායකත්වය ලබාදුන් පුද්ගලයන් හා සමාගම් හඳුනාගෙන ඒවා සඳහා සම්මාන ප්රදානය කිරීමය. සම්මානඋළෙල, ගෝලීය සමුද්‍රීය ක්‍රියාකාරකම් සහ ප්‍රධාන වෙළෙඳ මාර්ගයන්හි කේන්ද්‍රස්ථානය වන ඩුබායි නගරයේ පැවැත්වීම, එහි තවත් සුවිශේෂී ලක්ෂණයකි.