2024 වසර අගොස්තු මස වන විට 40%ක වර්ධනයක් වාර්තා කිරීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සමත් වූ අතර, වරායේ වාණිජ හා අලෙවි අංශය පවසන අයුරු, වසර අවසානයේදී 50%ක පූර්ණ වර්ධනයක් අත්පත් කරගැනීමට වරායට හැකිවනු ඇත.
“2024 අවුරුද්ද තුළ HIP ලබා ඇති සාර්ථක ප්‍රතිඵල සහ උපායමාර්ගික වර්ධනය, වරාය මෙහෙයුම් කළමනාකරණය, අලෙවිකරණය, සහ අන්‍යෝන්‍ය සැබැඳියා සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය දක්වන ප්‍රවණතාව මෙන්ම නිරතුරුව ඉහළ යන පරිමාවන් කාර්යක්ෂමව හැසිරවීම සඳහා වරායේ ශක්‍යතාවට කදිම සාක්ෂියක්. මෙම ජයග්‍රහණය වරායේ විශිෂ්ටත්වය පමණක් නොව, එහි යටිතල පහසුකම්, උපායමාර්ගික ආයොජනයන්, කාර්යක්ෂමතාව වැනි සියල්ලක්ම අඛණ්ඩව වර්ධනය කිරීම වෙනුවෙන් HIPG දරන විශාල කැපවීම තහවුරු කරන්නක්.” යැයි වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සුඕ මහතා පවසයි.
සමුද්‍රීය වෙළඳපල තුල ඉහල ස්ථානයක් සහතික කරමින්, තොග සහ බ්රේක් බල්ක් මෙන්ම සමුද්‍ර සේවා හා බහාලුම් අංශ වල සැලකිය යුතු වර්ධනයක් HIP පෙන්නුම් කරයි. උපායමාර්ගික පිහිටීම සහ කාර්යක්ෂම සේවා සඳහා වැඩි පිළිගැනීමට ලක් වී ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ප්‍රතිනැව්ගත කිරීම මෙන්ම සැපයුම් සේවා සඳහා වඩාත් අභිමත ගමනාන්තයක් බවට පත්ව ඇත.