හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පැමිණෙන යාත්‍රා සංඛ්‍යාව අඛණ්ඩ වැඩිවීම මෙන්ම, වරායේ කර්මාන්ත උද්‍යානය වෙත ආකර්ෂණය වන සෘජු විදෙස් ආයෝජන ව්‍යාපෘති ඉහළ යෑමත් සමගම, තම බන්ධිත පෙදෙසට නව අංගයක් එක් කිරීමට වරාය කටයුතු කර ඇත.
ඒ අනුව, තීරුබදු රහිත වෙළෙඳසැලක් ස්ථාපිත කිරීමට HIP සහ රෝයලේ ඉලෙක්ට්‍රොනික්ස් පුද්ගලික සමාගම, පසුගියදා ගිවිසුමකට එලැඹ තිබේ. මෙම නව වෙළෙඳසැල, 2023 පළමු කාර්තුවේදී විවෘත කිරීමට බලාපොරොත්තු වේ.
“වරායට පැමිණෙන මගි නෞකාවන්හී සංචාරකයින් සහ කාර්ය මණ්ඩලයන් රේගු/ආගමන ප්‍රදේශයෙන් ඔබ්බට ගමන් කරන්නේ කලාතුරකින් නිසා, මෙම තීරු බදු වෙළෙඳසැල ඔවුනට විශාල පහසුවකි. එපමණක් නොව, අපගේ තීරුබදු රහිත වෙළෙඳ සහකරු, ඉතා තරඟකාරී මිළට භාණ්ඩ ලබාදීමට සැලසුම් කර ඇති බැවින්, මගීන් සහ නෞකා කාර්ය මණ්ඩල, එහි වාසි අත්විඳිනු ඇතැයි අප විශ්වාස කරනවා” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට වරාය විවිධ ආයෝජකයන් සමග ව්‍යාපෘති ගිවිසුම් 40කට අධික ප්‍රමාණයක් අත්සන් කර ඇති නිසා, එමඟින් වරාය තුළ සංචලනය වැඩිවනු ඇති බවය.
1997 සංස්ථාපිත ශ්‍රී ලාංකේය සමාගමක් වන, රෝයලේ ඉලෙක්ට්‍රොනික්ස් පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ සියලුම සම්බන්ධක සහ ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් සහ වරායන් හරහා සිය ජාලය පුළුල් කිරීමට අපේක්ෂා කරයි.
රෝයලේ ඉලෙක්ට්‍රොනික්ස්හි සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂක ඔලිවර් ප්‍රනාන්දු මහතා පවසන්නේ, “හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණෙන නැව් කාර්ය මණ්ඩලයට සහ මගීන්ට ඉහළම තත්ත්වයේ තීරුබදු රහිත භාණ්ඩ රැසක් සැපයීමට අපි සැලසුම් කර තිබෙනවා. HIP සමඟ හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාවේ වරායන්හි ප්රමුඛ තීරුබදු රහිත ක්‍රියාකරු ලෙස ස්ථානගත වීමේ මෙහෙයුමට තවත් පියවරක්” යනුවෙනි.
HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් අත්සන් කිරීමේ උත්සවයට සහභාගී වූ අතර, රෝයලේ ඉලෙක්ට්‍රොනික්ස් වෙනුවෙන් එහි සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂක පැට්රික් ඔලිවර් ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් ජයසීලන් සහ අධ්යක්ෂ අරුන් සුභාෂ් ප්‍රනාන්දු යන මහත්වරුන් නියෝජනය කළේය.