ආනයන අපනයන පිවිසුම් දොරටු වරායක් ලෙස දේශීය කර්මාන්තයන්හට සිය සේවාවන්හි ආරම්භය සනිටුහන් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) ශ්‍රී ලාංකේය සමාගමක් වන ඩච් ලංකා ට්‍රේලර්ස් (Dutch Lanka Trailers) විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද ට්‍රේලර් යන්ත්‍ර නැව්ගත කිරීම සඳහා පහසුකම් සලසා තිබේ.
“පැහැදිලිවම විදේශ වෙළෙඳපොළට සේවා සපයන ශ්‍රී ලාංකේය කර්මාන්තයන්හී දියුණුවට සහාය දැක්වීම හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන සැලැස්මේ පැහැදිලිවම අන්තර්ගත වෙනවා.” ඩච් ලංකා ට්‍රේලර්ස් සමාගම වෙනුවෙන් සිදුකළ මෙම නැව්ගත කිරීම හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ දොරටු වරායක් ලෙස ඉටු කරන වැදගත් කර්තව්‍යය සම්මත කිරීමක් වන අතර දේශීය නිෂ්පාදකයින්ට ඔවුන්ගේ වෙළෙඳපොළ වෙත ළඟාවීමට ලාභදායී ක්‍රම හඳුන්වා දෙමින් නව යුගයක් සනිටුහන් කිරීමක් බව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පැවසීය.
“ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව සඳහා අප කිර්තී නාමය වර්ධනය කරමින් හම්බන්තොට වරාය බොහෝ නැව් සමාගම්හී කැමතිම තේරීමක් බවට පත්වෙමින් තිබෙනවා. ඩච් ලංකා සඳහා සිදුකළ මෙම නැව්ගත කිරීම හම්බන්තොට වරායේ සිට ලෝකයේ සෙසු රටවලට යාමට දේශීය අපනයන දිරිගැන්වීමේ අපගේ මෙහෙයුමේ තවත් පියවරක් වෙනවා. ඩච් ලංකා සමග අපගේ සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, පිරිවැය අඩු සැපයුම් සම්බන්ධයෙන් වඩාත් ශක්‍ය විකල්පයන් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමටත් අපි සැලසුම් කර තිබෙනවා”යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සාමාන්‍යයෙන් බහාලුම් නැව් යාත්‍රා හරහා තම ට්‍රේලර් යාත්‍රා නැව්ගත කරන ඩච් ලංකා ට්‍රේලර්ස් සමාගම, මෙවර හම්බන්තොට වරායට පැමිණි ‘හෙස්ටියා ලීඩර්’ (HESTIA LEADER) නැමැති රෝරෝ යාත්‍රාව හරහා සිය නැව්ගත කිරීම සිදු කිරීමට තීරණය කළේය. ඩච් ලංකා ට්‍රේලර්ස් ඒකක 10ක් රැගත් රෝරෝ යාත්‍රාව ඔක්තෝම්බර් 26 වැනි දින, කැරිබියන් දූපත් බලා පිටත් විය.