හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් 'ඉදිකිරීමේ වසර' ලෙස සනිටුහන් කළ 2022 වසර අවසානයේදී, එහි කාර්මික උද්‍යානයේ ව්‍යාපෘති කිහිපයක්ම තම පියවරයන් නියමිත කාලසීමාව තුළ නිමා කරනු දැකීමට, වරාය සමත් විය.
COVID-19 අගුළු ලෑම තුළ ඇති වූ මන්දගාමිත්වය මධ්‍යයේදී වුවද, රටවල් 8කින් පමණ ව්‍යාපෘති 40කට අධික සංඛ්‍යාවක් කාර්මික උද්‍යානයට රැස් කරගැනීමට වරායට හැකි විය. මෙසේ කාර්යක්ෂමව ඉඳිකිරීම් කටයුතු කරගෙන යෑමට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ 'HIP ස්පීඩ්' සංකල්පය විශාල ලෙස දායක වී ඇත.
ඇ.ඩොලර් මිලියන 15ක ආයෝජනයක් වන ෂෙන්ෂෙන් ෂින්ජි සමූහයේ plug-and-play ව්‍යාපෘතිය දැනටමත් නිම වෙමින් පවතින අතර එමගින් සැහැල්ලු කර්මාන්ත සඳහා පහසුකම් සපයනු ඇත. අදියර 2න් සමන්විත මෙම ව්‍යාපෘතිය වර්ග මීටර් 44,194ක භූමි ප්‍රමාණයක ඉදි වෙමින් ඇත. ව්‍යාපෘතියේ දෙවැනි අදියර 2023 මැද භාගය වනවිට නිම කර, මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි.
තවත් ව්‍යාපෘති 2ක පළමු අදියර වැඩ කටයුතු වසර අවසානයත් සමග, නිම කොට ඇත. INSEE සමාගම විසින් ඇ.ඩොලර් මිලියන 3ක් ආයෝජනය කර ඉදිවන මෙගා ධාරිතාවයකින් යුත් ගබඩා සංකීර්ණයේ පළමු අදියර 2023 පෙබරවාරි වනවිට අවසන් කිරීමට නියමිත අතර, ඉන් පසු එහි 2 වැනි සහ 3 වැනි අදියරයන්ට සැණින් යොමුවනු ඇත.
වරාය තුළ ඉදිකරමින් පවතින වර්ග මීටර් 17,300කින් යුත් ගබඩා සංකීර්ණය ලබන වසරේ දෙවන කාර්තුවේදී සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි, INSEE සමාගම අපේක්ෂා කරයි.
මෙම ගබඩා සංකීර්ණය හරහා INSEE සමාගමේ භාණ්ඩ හුවමාරුකිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවම වන යාත්‍රා හැරවුම් කාලය හේතුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුනොවීම නිසා, සැලකිය යුතු විදේශ විනිමයක් ඉතිරිකර ගැනීමට හැකිවනු ඇතැයිද ඔවුන්ගේ අදහසයි..
හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානය (HLPL) විසින් වර්ග අඩි 50,000ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි වර්ග මීටර් 5,000ක බන්ධිත ගබඩා සංකීර්ණයක්ද ඉදිකරනු ලබයි. වැඩකටයුතු අවසන් වූ පසු, මෙම මෙට්‍රික් ටොන් 45,000ක ධාරිතාවකින් යුත් සංකීර්ණය, ප්‍රධාන වශයෙන් දේශීය පොහොර බෙදා හැරීම සහ ප්‍රතිනැව්ගත කිරීම සඳහා භාවිත කිරීමට නියමිතය. HIP වෙත නවපරිමාආකර්ෂණය කර ගැනීමට පමණක් නොව, තොග භාණ්ඩ ප්‍රවාහනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමේ ඉලක්කය කරා කඩිනමින් ලඟා වීමටද මෙම ගබඩාව ඉමහත් රුකුලක් වනු ඇත.
ඇ. ඩොලර් මිලියන 300 පිරිවැයකින් යුතුව ලංකා ටයර් නිෂ්පාදන පුද්ගලික සමාගම, (Ceylon Tyre Manufacturing) ඉදිකරන ටයර් නිෂ්පාදන කම්හල සහ සී හෝස් යොට්ස් (Sea Horse Yachts) විසින් ඉදිකරන සුඛෝපභෝගී මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයේ වැඩකටයුතුද ඉදිරි වසර කිහිපය තුළ අවසන් කිරීමට නියමිතය. පළමු අදියරේ පවතින මෙම ව්‍යාපාතිවලට අමතරව, ඇ.ඩොලර් මිලියන 65ක ලාෆ්ස් ගෑස් ගබඩා පර්යන්තය, දකුණු ආසියාවේ නැව් සඳහා ඉන්ධන සැපයීමේ සහ නැව් ඉන්ධන ව්‍යාපාර සිදුකිරීම සඳහා Sinopec Fuel Oil Lanka විසින් පවත්වාගෙන යන ඇ.ඩොලර් මිලියන 5ක HIP තෙල් ටැංකි ගබඩාව සහ ඉන්ටර්ටෙක් ලංකා විසින් සිදු කරන පරීක්ෂණාගාරය යන ව්‍යාපෘතියද වරාය කර්මාන්ත උද්යාංනයේ ක්‍රියාත්මක වෙයි.