ලක් භූමියට විවිධ ගෝලීය කර්මාන්ත ගෙනඒමට රුකුලක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සිය කර්මාන්ත උද්‍යානය තවත් පුළුල් කරමින්, ව්‍යාපෘති 90කට අධික විවිධ ගණයේ කර්මාන්ත එහි පිහිටූවීමට අපේක්ෂා කරයි.
ඒ අනුව, ගබඩා සහ සැපයුම්, විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණ, ඛනිජ නිෂ්පාදන, මෝටර් රථ නිෂ්පාදන, ඇඟලුම් සහ රෙදිපිළි, ඛනිජ තෙල් හා තෙල් ආශ්රිත නිෂ්පාදන, ඖෂධ, රබර් නිෂ්පාදන, ගෘහ භාණ්ඩ සහ ආහාර නිෂ්පාදන යනාදි නව කර්මාන්ත කාණ්ඩ කිහිපයක් HIP හි ප්‍රධාන සැලැස්මට එක්කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින්, HIP වෙත "පරිපූරක මූලික පාරිසරික පරික්ෂණ අනුමැතිය" (SIEE), ලබා දී ඇති අතර, එයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක අනුමැතියද ඇතුළත් වේ.
වරායේ නිරීක්ෂණ චාරිකා කිහිපයක නිරත වූ මෙම රාජ්‍ය ආයතන, HIP විසින් සිදුකළ පුළුල් පරිසර සහ තාක්ෂණික අධ්‍යයනයන්වලින් අනතුරුව, විවිධ කර්මාන්ත පිහිටුවීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලදී. රජයේ රෙගුලාසි සහ ආයතන විසින් අධීක්ෂණය කරන ප්‍රමිතීන්ට අනුව, නොයෙක් කර්මාන්ත සඳහා අවශ්‍ය නව පොදු සහ යටිතල පහසුකම් නුදුරේම හඳුන්වාදීමට වරාය බලාපොරොත්තු වෙයි.
“කර්මාන්තවලට වරාය සේවා සඳහා පහසු ප්‍රවේශයක් මෙන්ම, අපගේ Port-Park ආකෘතිය තුළින් ආනයනය සහ අපනයනය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් රැසක් සලසනවා. උද්‍යානය තුළ ක්‍රියාත්මක විය හැකි කාණ්ඩ පුළුල් කිරීම තුළින්, විවිධ ගෝලීය කර්මාන්ත ශ්‍රී ලංකාවට ආකර්ෂණය කිරීමට අපට හැකි වන අතර, එතුළින් මෙරට කාර්මික සංවර්ධනය ශක්තිමත් කිරීමේ හවුල්කරුවෙකු ලෙස අප වගකීමෙන් කටයුතු කරනවා. මෙය ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නංවනු නොඅනුමානයි” යනුවෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසයි.
Hambantota International Port බහුකාර්ය වරායේ අද්විතීය පිහිටීමට අමතරව හොඳින් ස්ථාපිත කාර්මික උද්‍යානයක් තුළ සපයන විශේෂඥ සේවාවන්ද මෙම කර්මාන්ත පොකුරු සඳහා විවෘතව ඇත. උද්‍යානයේ ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් කැපවී සිටින HIPG හි වරාය ආයෝජන සේවා අංශය, ගෝලීය හවුල්කරුවන් ආකර්ෂණය කිරීම සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් නුදුරු අනාගතයේදී මෙහෙයවනු ඇත.