හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම සේවාලාභී INSEE සමාගම සඳහා මෙතෙක් හැසිර වූ ඉහළතම ක්ලින්කර් ප්‍රමාණය සම්පූර්ණ කරමින්, සිය මෙහෙයුම්හි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
නොබෝදා වරායට පැමිණි 'එම්.වී.තායි හන්ටර්,' ක්ලින්කර් යාත්‍රාවෙන් දිනකට ගොඩ බෑ මෙට්‍රික් ටොන් 18,437ක ඉහළම ප්‍රමාණය පැය 24ක් තුළ හැසිර වූ අතර, මෙට්‍රික් ටොන් 53,841ක සමස්ත තොගය දින 3ක කෙටි කාලයක් තුළ හැසිරවීමට සමත්වීම හේතුවෙන් INSEE සමාගමේ ගෞරව ප්‍රණාමයද වරායට හිමිවිය.
"අපගේ සේවාලාභීන්ට විශිෂ්ට සේවාවක් ලබාදෙමින් වරායේ ප්‍රමිතින් නිරතුරුව ඉහළ නැංවීම අපගේ මූලික අරමුණ වනවා මෙන්ම, ඔවුන්ගෙන් ලැබෙන ප්‍රශංසා අපගේ කාර්ය වඩාත් හොඳින් ඉටු කිරීමට රුකුලක් වෙනවා. අප සතුව ඇති සම්පත් කාර්යක්ෂමව භාවිත කරමින් සෑම වරාය සේවාවක්ම ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට පසුගිය වසරේ හඳුන්වා දුන් %HIP Speed^ සැලැස්ම තුළින් අපට හැකි වුණා. විවිධ තොග භාණ්ඩ මෙන්ම RORO වාහන ප්‍රතිනැව්ගත කිරීම සඳහාද ආකර්ශණීය ගමනාන්තයක් බවට HIP දැනටමත් කීර්තියක් ලබමින් සිටින්නේ ඒ නිසයි. ඉදිරියේදීත් අපගේ සේවාවන් නිරතුරුව ඉහළ නංවමින් උසස්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සියලු වරාය ක්‍රියාකාරකම් ඉටු කිරීමට අප බැඳී සිටිනවා" යැයි වරාය ප්‍රධාන විධායක නිළධාරි ජොන්සන් ලියු මහතා පවසා සිටියේය.
HIP විසින් INSEE සහ Lanwa සිමෙන්ති සඳහා දැනට හසුරුවන්නේ ක්ලින්කර්, ජිප්සම් සහ ස්ලැග් යන වියළි තොග වන අතර, එම තොග භාණ්ඩ මෙහෙයුම් සඳහා විශේෂ නැවතුම් පොළවල්ද (berths) වෙන්කොට ඇත. කාර්යක්ෂමතාවට අමතරව HIP ප්‍රමුඛත්වය දෙන අනෙකුත් අංග වන්නේ, මෙහෙයුම් හැසිරවීමේදී පවත්නා නිරවද්‍යතාව සහ ආරක්ෂාවයි. එය සහතික කිරීම සඳහා වරාය විසින් සේවයට බඳවා ගන්නා සෑම දොඹකර ක්රියාකරුවකුම ඔවුන්ගේ විශේෂඥභාවය සහ අත්දැකීම් සහතික පත්රයන්ට අමතරව, නිපුණතා පරීක්ෂණරයකටද අනිවාර්යෙන් පෙනී සිටිය යුතු වේ.
නැවෙන් නැවට, නැවෙන් ගොඩට, සෘජු බෙදා හැරීම සහ වාහක පටි මෙහෙයුම් HIP විසින් සලසන සේවාවන් අතර වේ.
ජායාරූප විග්‍රහය - වමේ සිට දකුණට - INSEE ලොජිස්ටික්ස් නිළධාරීන් මලීෂා හසංජය, කුෂාන් තිලංක, සහ හෂිල ගමගේ; ප්‍රසම්පාදන කළමනාකරු ක්‍රිෂාන්ත ප්‍රසාද්; සැපයුම් කළමනාකරු දේශාන් ගමගේ; සැපයුම් දාම සාමාන්‍යාධිකාරී යසස් කස්තුරිආරච්චි; HIPG ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, තිස්ස වික්‍රමසිංහ; මෙහෙයුම් සාමාන්‍යාධිකාරී යූරි කන්නන්ගර; සැලසුම් සහ පාලන කළමනාකරු ධනුෂ්ක පින්ටෝ සහ මෙහෙයුම් කළමනාකරු තිළිණ පෙරේරා.