ජාත්‍යන්තර සමුද්‍රීය ක්‍රමෝපාය සමාගමක් වන මිට්සුයි ඕ.එස්.කේ ලයින්ස් (MOL) විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) පවත්වාගෙන යන වරාය ආරක්ෂිත පියවරයන් ඇගයුමට ලක්කර තිබේ.
මෙම ඇගයුම හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) ආරක්ෂිත පියවරයන්, ජාත්‍යන්තර මිණුම් ලකුණක් ලෙස තවදුරටත් සනාථ කරයි.
MOL සමාගම චෙන්නායිහි එකෝඩ් මෙට්‍රොපොලිටන් හෝටලයේ පැවති තම වාර්ෂික රැස්වීමේදී, HIP වෙත සහතික පත්‍රයක්ද පිරිනමන ලදී.
MOL ACE (ආසියා, ඕෂනියා) හි සාමාන්‍යාධිකාරී කපිතාන් සකායි යුකි මහතා විසින් පිරිනැමූ සහතිකය HIP වෙත හිමි වූයේ 2021 අප්‍රේල් 1දා සිට 2022 මාර්තු 31දා දක්වා කාලය තුළ වාහන හැසිරවීමේදී අනුගමනය කළ ආරක්ෂිත පියවර හේතුවෙන් අවම හානි සංඛ්‍යාවක් සනිටුහන් කිරීමට හැකි වීම වෙනුවෙනි. HIPහි මෙහෙයුම් කළමනාකරු තිළිණ පෙරේරා මහතා විසින් එය භාරගන්නා ලදී.
“RORO වාහන ප්‍රතිනැව්ගත කිරීමේදී, කන්ටේනර් තුළ බහාලන ලද නිමි භාණ්ඩ මෙන් ආරක්ෂිත ඇසුරුම් නොමැති නිසා එක් යාත්‍රාවකින් තවත් යාත්‍රාවකට මාරුවීමේදී සිදුවිය හැකි හානි ප්‍රතිශතය ඉහළයි. එම අනතුරු අවම කර ගැනීමට නම් කාර්යක්ෂමතාවය, නිපුණතාව මෙන්ම ක්‍රමවත්ව සකස් වූ මෙහෙයුම් ක්‍රියා පටිපාටි අත්‍යවශ්‍යයි. මේ සියල්ල HIP මෙහෙයුම්හි අන්තර්ගත නිසා MOL වැනි, ක්ෂේත්රයේ දැවැන්තයින්ගේ, ජාත්‍යන්තර ඇගයීමට ලක් වීමේ භාග්‍යය අපට ලැබී තිබෙනවා" යැයි HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
තොග භාණ්ඩ, ස්වභාවික ද්‍රව වායු (LNG), වාහන, යකඩ, ගල් අඟුරු, ධාන්‍ය, දැව, ලී කැබලි, සිමෙන්ති, පොහොර සහ ලුණු වැනි වියළි ද්‍රව්‍ය ප්‍රවාහන නෞකා මෙන්ම මගී සහ සංචාරක ප්‍රවාහන නෞකාවන් හසුරුවන සහ හිමිකාරිත්වය දරන MOL සමාගම, ඉන්දියානු සාගර කලාපයේ තම වාර්ෂික රැස්වීමක් සංවිධානය කළ පළමු වැනි අවස්ථාව මෙය විය.
ජායාරූපය - Hambantota International Port (වමේ සිට දකුණට) HIPSහි (තත්ත්ව, සෞඛ්‍ය සහ ආරක්ෂාව සහ පරිසරය) ප්‍රතිපත්තිය පිළිබඳ කළමනාකාර රොහාන් සංජීව, HLPLහි කනිෂ්ඨ මෙහෙයුම් කළමනාකාරී කවිඳු ප්‍රනාන්දු, HLPLහි ජ්‍යෙෂ්ඨ අධීක්ෂක තිළිණ ලක්මාල්, MOL ACE (ආසියා, ඕෂනියා) හි චෙන්නායි සමුද්‍රීය කණ්ඩායම් සමාජික කපිතාන් එස්. ආධවන්, කපිතාන් දිමිත්‍රි සෙමෙනොව් - සහකාර කළමනාකරු (බර වාහන ප්‍රවාහන අංශයේ ආරක්ෂාව සහ භාණ්ඩ අධීක්ෂණය කිරීම, නිෂ්පාදන ප්‍රවාහන මූලස්ථානය සහ දේපළ ව්‍යාපාර), MOL INDIA PVT LTD හි සමුද්‍රීය, නාවික සහ පාරිභෝගික සේවා පිළිබඳ සාමාන්‍යාධිකාරී කපිතාන් දිබ් යෙන්දු බැනර්ජි, MOL ACE (ආසියා, ඕෂනියා) හි සමුද්‍රීය කණ්ඩායමේ සාමාන්‍යාධිකාරී, කපිතාන් සකායි යුකි, HIPGහි මෙහෙයුම් කළමනාකරු තිළිණ පෙරේරා සහ HIPG හි රාජකාරී මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකරු හර්ෂණ තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිස වරාය සඳහා හිමි සහතික පත්‍රය සමග.