හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) මේ වසරේ තම වාහන ප්‍රතිනැව්ගත කිරීමේ (RORO) ක්‍රියාකාරකම් තව දුරටත් පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.
පසුගියදා වරායට පැමිණි ‘හර්මීස් ලීඩර්’ (MV HERMES LEADER) නෞකාව එය තවදුරටත් තහවුරු කර ඇත.
ඉන්දියාවෙන් රැගෙන ආ වාහන ඒකක 1,156ක් දකුණු අප්‍රිකාව, ජෝර්දානය, සුඩානය සහ ටැන්සානියාව යන රටවල් වෙත ප්‍රතිනැව්ගත කරනු ඇත.
සමාගම මීට පෙර හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා වාහන ප්‍රතිනැව්ගත කර තිබුණද, මෙම නව වාහන ප්‍රමාණය ඔවුන්ගේ RORO ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරයේ නවතම කාණ්ඩයකි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), පසුගිය වසර 5 තුළ සිදුකළ ප්‍රවර්ධන කටයුතු සහ විදේශීය නැව් සමාගම් ප්‍රධානීන් සමග කළ විධිමත් මුණගැසීම් තුළින් RORO ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරය, ක්‍රමයෙන් වර්ධනය කර ඇත.
“නැව් සමාගම් විසින් බලාපොරොත්තු වන උසස් තත්ත්වයේ සේවා සැපයීම තුලින්, HIP, RORO වාහන ප්‍රතිනැව්ගත කිරීම සදහා ආකර්ශනීය ස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා. ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින ඉල්ලුම සපුරාලීම සදහා ඊට සරිලන අතිරේක වාහන නවතා තැබීමේ සංකීර්ණයක් සදහා ආයෝජනය කිරීමටද බලාපොරොත්තුවෙන් සිටිනවා" යැයි HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි.
HIP සමග RORO ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යන ප්‍රධාන නැව් සමාගම් අතර හුන්ඩායි ග්ලොවිස් (Hyundai Glovis), කේ ලයින් (K Line), එම්.ඕ.එල් (MOL), එන්.වයි.කේ ලයින් (NYK Line), ඊස්ටන් කාර් ලයිනර් (Eastern Car Liner), හෝග් ඔටෝ ලයිනර්ස් (Hoegh Autoliners) සහ ගෝල්ඩ් ස්ටාර් ලයින් (Gold Star Line) ප්රමුඛ වේ. 2022 වර්ෂයේදී, HIP, RORO නෞකා 249ක් හරහා වාහන ඒකක 558,188ක පරිමාවක් හසුරුවා ඇත.