හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) බලශක්ති සේවා දෙපාර්තමේන්තුව (ENS) තම ඉලක්කගත මිනිස් පැය 200,000 ප්‍රමාණය, ඔක්තෝම්බර් 1 වැනි සතිය තුළ සාර්ථකව සපුරා ගැනීමත් සමග, අහිමි වූ කාල අනතුරු (Lost Time Accident) ප්රයත්නයේ මිණුම් ලකුණක් ස්ථාවර කිරීමට සමත්ව තිබේ.
මෙය පාරිභෝගිකයින් අතර මෙන්ම වෙළෙඳපොළ තුළ, විශේෂයෙන් ආරක්ෂාව අතිශයින් වැදගත් වන ඉන්ධන සහ ගෑස් අංශයේ, වරාය පිළිබඳ ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වන ක්‍රියාවලියකි.
“හම්බන්තොට ජාත්‍යන්තර වරාය බලශක්ති සේවා සැපයීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වීමත් සමග, වෙළෙඳපොළෙහි පාරිභෝගිකයින්ගේ අවධානය, විශ්වාසනීය සැපයුම පිළිබඳව මෙන්ම, එම සැපයුම් බෙදා හැරීම වටා තිබෙන අනෙකුත් සාධක කෙරෙහිද යොමුවෙනවා. එනිසා, ඉන්ධන සහ ගෑස් අංශයේ පමණක් නොව, වරායේ අනෙකුත් සියලුම ක්‍රියාකාරකම් හරහා අනතුරු අවම කිරීම හා ආරක්ෂාව තර කිරීම අපගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පවතිනවා. අපගේ ඉහළ ප්‍රමිතියේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි, අප මව් සමාගම වන CMPort හි ජ්‍යාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වෙනවා. ආරක්ෂිතබව අපගේ දේශීය හා විදේශයන්හි සිදුකරන සෑම ක්‍රියාකාරකමකදීම ප්‍රමුඛත්වය ගන්නා බව කිව යුතුයි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී කණ්ඩායම් ක්‍රියාකාරිත්වය ප්‍රධාන වූ අතර, මෙය සෞඛ්‍යය, ආරක්ෂාව සහ පරිසරය යන අංශ පිලිබදව වරායේ කැපවීම පිලිබිඹු කරන සාක්ෂියක් බව සඳහන් කළ යුතුයි.” යැයි HIPS සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම මහතා පැවසීය.
HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා බලශක්ති සේවා දෙපාර්තමේන්තුවේ ජයග්‍රහණ සැමරීමේ උත්සවදී අදහස් දක්වමින් පවසා සිටියේ, “ඉන්ධන සහ ගෑස් යනු හම්බන්තොට ජාත්‍යන්තර වරායේ වැදගත්, ප්‍රධාන ව්‍යාපාරයක් වන අතර, අනාගතයේ දී වරායේ සාර්ථක ව්‍යාපාරවලින් එකක් බවට පත්වනු ඇති. පසුගිය වසර 3 තුළ තෙල් ජැටියේ සහ තෙල් ටැංකි සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව එහි ප්‍රගතිය සහ සංවර්ධනය අපට දැකබලා ගැනීමට මෙන්ම වසංගත තත්ත්වය සහ රටෙහි පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ පවා නෞකාවලට ඉන්ධන සැපයීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට HIP සමත් වුණා. ප්‍රධාන සාම්ප්‍රදායික මුහුදු මාර්ගයක් මධ්‍යයේ පිහිටා ඇති නිසා, දකුණු ආසියාවේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වීමට HIPට, විශාල හැකියාවක් තිබෙනවා. HIP හි ඉන්ධන සහ ගෑස් ව්‍යාපාර කටයුතු දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අතර, අපගේ පහසුකම්වල ආරක්ෂිත කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම වෙනුවෙන් අප කැපවී සිටිනවා.” යනුවෙනි.
HIPG හි ගෝලීය සහකරු වන CMPort හි මව් සමාගම වන චයිනා මර්චන්ට් සමූහයේ (China Merchants Group) 150 වැනි සංවත්සරයට සමගාමීව පැවති උත්සවයේදී, තෙල් ටැංකි සංකීර්ණයේ, ආරක්ෂිතව මෙහෙයුම් සිදුකිරීම සඳහා සමීප කළමනාකරණ පද්ධතියක්ද වරාය විසින් ස්ථාපිත කරන ලදී. HIP හි හරිත වරාය සංකල්පයට අනුගත වෙමින්, වරායේ තෙල් ජැටි සංකීර්ණයට ආසන්නයේ පොල් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කීරීමටද ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් කටයුතු කර තිබේ.
LTA ඉලක්කය හෙළිදරව් කිරීමේ සමරු ඵලකය විවෘත කිරීම: HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා, HIPSහි ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම මහතා එක්වූහ.