හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) 2023 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සම්ප්‍රදායික ක්‍රමයට වරාය පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී.
වරායේ ශ්‍රී ලාංකේය හා චීන කාර්යය මණ්ඩලය ‘නැව් තොටේ අවුරුදු උලෙළ’ ලෙස නම් කළ සැමරුමට එක් වෙමින්, ක්‍රීඩා රැසකට සහභාගී විය.
එදින රාත්රියේදී වරාය සේවා සපයන සියලු පාර්ශවකරුවන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වුණි.
වර්ණවත් ගිනිකෙළි සංදර්ශනයකින් වරාය සහ අවට ප්‍රදේශය ආලෝකමත් වනු සැමට දැකගත හැකි වූ අතර, එය නැරඹීමට පැමිණි අවට ප්‍රජාවට අයිස්ක්‍රීම් බෙදාදීමක්ද වරාය විසින් සිදු කරන ලදී.
රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් HIP සිය සියලුම සෘජු හා වක්‍ර සේවකයන් සඳහා වියළි සලාක බෙදා දුනි. වරාය විසින් මෙම ක්‍රියාව සිදුකළ සිව් වැනි වසර මෙය වේ.
“වසර හතරකට පසු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට හැකිවීම ඉතා සතුටට කරුණක්. අපගේ සියලුම සේවකයින්ට එයට සහභාගී වීමට හැකි වුණා. පසුගිය වසංගත තත්ත්වය මුල් කොට ගෙන රටේ පැවති ආරක්ෂක හේතු නිසා අපට පුරුදු පරිදි එම අවුරුදු උත්සවය පැවැත්වීමට නොහැකි වුණා. දේශීය සංස්කෘතියට ගරු කරන සමාගමක් ලෙස, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම අපගේ වාර්ෂික දින දර්ශනයේ වැදගත් අංගයක්. මෙවර සැමරුම ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික සිරිත් විරිත් සහ ක්‍රීඩාවලින් සමන්විතව පැවැත්වීමට ලැබීම සතුටට කරුණක්” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසයි.
අලුත් අවුරුදු උත්සවයේදී අවුරුදු කුමාරිය සහ කුමාරයා තරඟ පැවැත්විණි. එහිදී ගිණුම් සහකාර ෆස්මින් ජයා මහත්මිය සහ වාණිජ සහ අලෙවිකරණ විධායක හෙන්රි ලියු මහතා අවුරුදු කුමරිය සහ කුමරා ලෙස තේරී පත්වූහ.
ජායාරූප විග්‍රහය
1. අවුරුදු කුමාරයා තරඟයේ 1, 2 සහ 3 වන ස්ථාන දිනාගත් ජයග්‍රාහකයින් HIPG ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සමඟ පෙනී සිටින අයුරු : වමේ සිට දකුණට: 1 වැනි ස්ථානය: හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ වාණිජ සහ අලෙවිකරණ විධායක හෙන්රි ලියු, 2 වැනි ස්ථානය: චරක රූපසිංහ, නියෝජ්‍ය සාමාන්යදිකාරී (සමුද්‍ර සේවා අංශය), ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු, 3 වැනි ස්ථානය: කවිඳු අබේසූරිය, කනිෂ්ඨ විධායක (ආයතනික කටයුතු අංශය).
2. අවුරුදු කුමාරිය තරඟයේ 1, 2 සහ 3 වන ස්ථාන දිනාගත් ජයග්‍රාහිකාවන් HIPG ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සමඟ: වමේ සිට දකුණට: 3 වැනි ස්ථානය: ඩොරිස් අඕ, ගිණුම් නිලධාරිනී (මූල්‍ය අංශය), 2 වැනි ස්ථානය: දිලිනි මහානාම, කනිෂ්ඨ විධායක නිලධාරිනි (බලශක්ති සේවා අංශය), HIPG ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු, ජයග්‍රාහිකා: ෆස්මින් ජයා, ගිණුම් සහකාර.