'වතුකරයේ තෛපොංගල් සැමරුම' යන තේමාව යටතේ වතුකර ජනතාවගේ පවුල්, ආහාර සහ විවිධ විචිත්රාංග මූලික කරගනිමින්ද, ඔවුන්ගේ සංස්කෘතිය විදහා දක්වමින්ද මෙම උත්සවය සංවිධානය වූයේ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) අතර සහයෝගීත්වයෙනි.
නුවරඑළිය රදැල්ල ක්‍රිකට් සමාජයේදී සහ හැටන් PHDT පුහුණු මධ්‍යස්ථානයේදී මෙම උත්සවය පැවති අතර, වතු ආශ්රිත විවිධ කණ්ඩායම්වල කාන්තාවන් 200කට අධික පිරිසක් මේ සඳහා සහභාගී විය. මෙහිදී ඔවුන් විසින් සෙරන්ඩිබ් හි ‘අධි ශක්ති’ සන්නාමය ඇතුළත් කරමින් අලංකාර සහ වර්ණවත් ‘කෝලම්’ චිත්‍ර රටානිර්මාණය කරමින් සිය නිර්මාණාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කරනලදී. වතු ප්‍රජාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අධිශක්ති නමින් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් නවතම නිෂ්පාදනයක් මීට පෙර හඳුන්වාදෙන ලදී.
හොඳම කෝලම් රටා නිර්මාණ තුන සඳහා සහතිකපත් සහ ආකර්ෂණීය මුදල් ත්‍යාග සෙරන්ඩිබ් ආයතනය විසින් පිරිනමන ලදී. නුවරඑළිය ප්‍රදේශයේ පැවැති තරගයෙන් පළමු වැනි ස්ථානය තලවාකැලේ තේවතු සමාගමද, දෙවැනි ස්ථානය හැටන් වැවිලි සමාගමද, තුන්වැනි ස්ථානය ආගරපතන තේ වතු සමාගමද දිනාගන්නා ලදී.
හැටන් ප්‍රදේශයේ පැවැති තරගයෙන් පළමු ස්ථානය කොටගල තේ වතු සමාගමද, දෙවැනි ස්ථානය හැටන් වැවිලි සමාගමද, තුන්වන ස්ථානය බොගවන්තලාව තේ වතු සමාගමද දිනාගන්නා ලදී.
සෙරන්ඩිබ් ෆ්ලාමිල්ස් විසින්දේශය පෝෂණය කිරීමේ අරමුණ පෙරදැරිව, සම්ප්‍රදායන්ට ගරු කරමින් විවිධ ප්‍රජාවන් සමඟ මෙවැනි සැමරුම් සිදුකරන්නේ ඉමහත් ආඩම්බරයෙනි. අලුතින්ම හඳුන්වා දුන් අධිශක්ති තිරිඟු පිටිවල යකඩ, ෆෝලික් අම්ලය සහ විටමින් B12 වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඇතුළත්කර ඇත්තේ වතු ප්රජාවන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇතිකිරීමේ අරමුණ ඇතිවය. අධි ශක්ති කෝලම් රටා තරගය හේතුවෙන් වතුකරයේ ජනතාව සමඟ තවන් මුසුවීමට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් නාමයට හැකිවු අතර එම ප්රජාවන්ගේ හැකියාවන් සහ ජීවන සංස්කෘතිකාංග ප්‍රදර්ශනය කිරීමටද මෙමගින් හැකිවිය.