ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග එක්ව සෙලාන් බැංකුව පුත්තල ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පවත්වා තිබේ.
මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මෙම කාණ්ඩයට අයත් ව්‍යාපාර බවත්, එම නිසා එම ව්‍යාපාරවලට අවශ්‍ය දැනුම සහ මූල්‍යමය විසඳුම් ලබාදීමට කටයුතු කළ බවත් විශ්වාස කරමින්, ඒවාට අවශ්‍ය නිසි මගපෙන්වීම ලබාදීමට බැංකුව පියවර ගෙන තිබේ.
එහි තවත් පියවරක් වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වැඩමුළු මාලාවක් පැවැත්වීමටද ඔවුන් මේ වනවිට කටයුතු කරමින් සිටියි.
පුත්තලම ප්‍රදේශයේ පැවති වැඩමුළුව දන්කොටුව පෝසිලෙන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, පාරිභෝගිකයන් කාණ්ඩගත කිරීම, සන්නාමකරණය හා එහි වැදගත්කම, අලෙවිකරණය හා එහි අභියෝග, තාක්ෂණය හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, සැලසුම් සකස් කිරීම හා එම සැලසුම් වලට අනුකූලව කටයුතු කිරීම සහ මූල්‍ය විසඳුම් යන ප්‍රධාන ක්ෂේත්‍ර එහිදී ආවරණය කරන ලදි.
කෘෂිකර්මය, වෙළඳාම්, තොරතුරු තාක්ෂණය, ලුණු නිෂ්පාදනය, කුළුබඩු අපනයනය, ඇඟලුම්, කරවල නිෂ්පාදන සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාර රැසක නියෝජිතයෝ මෙම වැඩමුළුවට සහභාගී වූහ. මෙම වැඩමුළු මාලාවේ තුන්වැනි වැඩමුළුව මෙය වූ අතර, මීට පෙර රත්නපුර සහ අනුරාධපුර යන ප්‍රදේශ වල වැඩමුළු පවත්වන ලදි.
ලංකා වාණිජ මණ්ඩලය විසින්, වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සමග එක්වී ‘Forward Together’ යන තේමාව යටතේ මෙම ප්‍රාදේශීය වැඩමුළු සංවිධානය කරනු ලබයි. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල දැනුම, කුසලතා සහ මූල්‍ය හා තාක්ෂණික අවබෝධය නංවාලීම මෙහි මූලික අරමුණ වී ඇත. මෙරට රැකියා අතරින් 45% ක්ම ජනනය කරනු ලබන්නේ මෙම කාණ්ඩයේ ව්‍යාපාර මගින් වන අතර, එම ව්‍යාපාර දියුණු කරමින් සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට යහපත් බලපෑමක් ඇතිකිරීමේ අරමුණින් ‘Forward Together’ වැඩසටහන ආරම්භ කරන ලදි.