හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය තම අලි-මිනිස් සාම ව්‍යාපෘතියට නව දිගුවක් එක් කරමින්, අනාථ වූ අලි පැටවුන්ට සරණ ලබාදීමේ ව්‍යාපෘතියකට සහභාගී වී ඇත. අලි පැටවුන් වනයට මුදා හැරීමට පෙර ඔවුනට අවශ්‍ය ආහාර සහ පෝෂණය ලබා දීමේ වැඩසටහන, උඩවලව ඇත් අතුරු සෙවණ සමග එකව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි.
“සුරකිමු අලි පැංචා වැඩසටහන, ‘අලි මිනිස් සාමය ඇති කිරීම සහ අලි ගහනයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම' යන තේමා යටතේ අප පසුගිය වසරේ ආරම්භ කළ ව්‍යාපෘතීන්ගේ තවත් එක් පියවරක්. මෙම වැඩසටහන දියත් කිරීම සඳහා වනජීවී හා සොබාදහම ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society (WNPS) සමඟ අපි අවබෝධතා ගිවිසුමකට එළැඹුණා. මෙම නව වැඩසටහන, වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ උඩවලව ඇත් අතුරු සෙවණ සමඟ එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. ව්‍යාපෘතිය තුළින් අලි පැටවුන්ගේ ආරක්ෂාව සඳහා අදාළ පර්යේෂණ කටයුතු සඳහා මුදල් සැපයීමටද, වරාය බලාපොරොත්තු වෙනවා. පළමු අදියරේදී අලි පැටවුන් 25දෙනෙකුට රැකවරණය සැපයීමට අප සැලසුම් කර තිබෙනවා” යැයි HIPG මානව සම්පත් හා පරිපාලන ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ජීවන් ප්‍රේමසර පැවසිය.
HIPG විසින් ප්‍රථම වරට අලි මිනිස් සාම අරමුදල පිහිට වූයේ එහි මව් සමාගම, CMPort සමාගමේ ආයතනික සමාජ සත්කාරක අරමුදල වන, චයිනා මර්චන්ට්ස් පදනම (China Merchants Foundation - CMF) විසින් කරන ලද ප්‍රදානයක් සමඟිනි.
අරමුදල මගින් අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා දිගුකාලීන තිරසාර විසඳුමක් සෙවීම වරායේ බලාපොරොත්තුවයි. ඒ අනුව පළමු අදියරේදි විදුලි වැටවල් සවි කිරීම, අවට ප්‍රජාව දැනුවත් කිරීම සහ අධි අවදානම් කලාපවල මාර්ග දෙපස අනතුරු ඇඟවීමේ සංඥා පුවරු ප්‍රදර්ශනය කිරීම වැනි ක්‍රියාකාරකම් ආරම්භ කළේය.
HIPG අලි මිනිස් සාම අරමුදල යටතේ ක්‍රියාත්මක වන 3 වන ව්‍යාපෘතිය වන ‘අලි පැංචා බේරා ගමු’ වැඩසටහන සඳහා ඇමරිකානු ඩොලර් 100,000කට වඩා වැඩි මුදලක් වැය කිරීමට වරාය කළමනාකාරිත්වය බලාපොරොත්තු වෙයි. උඩවලව ඇත් අතුරු සෙවණේ සිටින අලි පැටවුන් 25 දෙනෙකුට ආහාරපාන සහ අනෙකුත් අවශ්‍යතා සැපයීමට අමතරව අලි පැටවුන්ට වඩාත් සුදුසු රෝග නිවාරණ ප්‍රතිජීවක මොනවාදැයි සොයා ගැනීමේ පර්යේෂණ සඳහාද මෙම ව්‍යාපෘතිය සහාය වේ.
දැනට වනයට මුදා හැරීමට සූදානම්ව සිටින අලි පැටවුන් 6දෙනෙකු සඳහා ස්මාට් කරපටිද ලබාදීමට නියමිතව ඇත. මීට අමතරව ග්‍රාමීය ප්‍රජාවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සහ ගම්වල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වන නවෝත්පාදනයක් ලෙස සැලකෙන “ආලෝක විකර්ෂක පද්ධතියක්” පිළිබඳ අත්හදා බැලීම්ද සිදු කරමින් සිටියි.
HIPG හි පාරිසරික සමාජ පාලන (Environmental, Social, and Governance (ESG) රාමුව යටතේ මෙම ව්‍යාපෘතියට ප්‍රමුඛත්වය ලබා දෙන බව සදහන් කළ HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසන්නේ, රටේ දළ දේශීය නිෂ්පාදිතයට ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ සංවර්ධන කටයුතු අතිශයින් වැදගත් වන අතරම එම සංවර්ධන කටයුතු අපගේ ස්වාභාවික පරිසරයට හානියක් නොවන අයුරින් සිදු කිරීමට අප වග බලා ගත යුතු බවයි. “වනජීවී සංරක්ෂණය අත්‍යාවශ්‍ය කරුණක් වන අතර අපගේ ව්‍යාපාරික ඉලක්ක සාර්ථක කර ගැනීමට නම් අප ස්වභාවධර්මය සමග සුසංයෝගීව ජීවත් වීමට අවැසි මාර්ග සෙවිය යුතුයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ එක්ව අලි ඇතුන් සහ අප අවට ප්‍රජාවන් ආරක්ෂා කිරීමට අප කටයුතු කරන්නේ ඒ නිසාමයි."
2019 වසරේ සිට අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමේ ව්‍යාපෘති තුනක් සඳහා, චයිනා මර්චන්ට්ස් පදනම අරමුදල් හරහා මෙන්ම HIPG සෘජු දායකත්වය යටතේ ඇමෙරිකානු ඩොලර් 210,000 ක මුදලක් වරාය විසින් ආයෝජනය කර ඇත.